පොලීසියේ මහනුවර වැටලීම අසාර්ථකයි

195

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සතියේ අවසන් තරගය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ය. එම තරගය ලකුණු 40-24ක් ලෙස ජයග්‍රහණය කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. 

මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ අවසන් සතිඅන්තය වන තුරුම අපරාජිතව සිටි අතර පසුගිය සතියේ දී ඔවුන් හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කළේ ලකුණු 33-12ක් ලෙසිනි. ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ තරග 13ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 76ක් සමඟිනි. 

නාවිකයින් අභිබවා යුද හමුදාවට තියුණු ජයක්

Dialog අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යටතේ ඊයේ (6) යුද හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය…….

පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබාගෙන සිටියේ ඔවුන් ක්‍රීඩා කළ තරග 13න් තරග 9ක් ජයග්‍රහණය කරමිනි. ඔවුන් පසුගිය සතියේ දී CR&FC පරාජය කළේ ලකුණු 27-16ක් ලෙසිනි. 

මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වටයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 13-34ක් ලෙස පරාජය කිරීමට සමත් විය. 

තරගයේ දෙවන මිනිත්තුවේ දී ම මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ශෙහාන් පතිරණ සමත්වූයේ දනුශ් දයාන් යොමු කළ පන්දුව සාර්ථකව සීමා ඉර පසුකර පතිත කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද මහනුවර කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (මහනුවර 05 – 00 පොලිස්)

මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල පිළිතුරක් ලබා දීමට පොලිස් කණ්ඩායම සමත්වූයේ තරගයේ සිව්වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර ආක්‍රමණය කරමිනි. මහනුවර ක්‍රීඩකයන් ලබා දුන් දඬුවම් පහරක් උපයෝගී කරගනිමින් ලකුණු රැස්කිරීමට පොලිස් ක්‍රීඩකයන් උත්සාහ කළේය. 

එම උත්සාහය සාර්ථක කරගැනීමට රසිත් සිල්වා සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් යොශාන් පීරිස් පොලිස් කණ්ඩායමට අමතර ලකුණු ද එක් කළේය. (මහනුවර 05 – 07 පොලිස්)

පොලිස් කණ්ඩායම දක්ෂ ආක්‍රමණයන් කීපයක් මඟින් මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ අතර එය සාර්ථක කරගැනීමට මහනුවර ක්‍රීඩකයන් අවස්ථාව ලබා දුන්නේ නැත. 

ත්‍රිත්ව ප්‍රහාරය හමුවේ සාන්ත තෝමසුවන්ට දැඩි අලාභ හානි

Canon ආර්. එස් ඩි සේරම් පලිහ අඛණ්ඩව සිව්වැනි වතාවටත් ජය ගනිමින් 2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලියට….

නමුත් තරගයේ 18 වැනි මිනිත්තුවේ දී තවත් දඬුවම් පහරක් මඟින් ලකුණු රැස්කිරීමේ අවස්ථාවක් පොලිස් කණ්ඩායමට ලැබුණු අතර එය සාර්ථක කර ගත් යොශාන් පීරිස් පොලිස් ලකුණු පුවරුව ලකුණු 10ක් බවට පත්කළේය. (මහනුවර 05 – 10 පොලිස්) 

මහනුවර ක්‍රීඩා සමාජයට ලකුණු ලබා ගැනීමේ අවස්ථා කීපයක් හිමිවූවද අවාසනාවන්ත ලෙස එම උත්සාහයන් ව්‍යර්ථ විය. කෙසේ වෙතත් තරගයේ 19 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක චාල්ස් ප්‍රවීන්ට හා පොලිස් ක්‍රීඩක උදාර සූරියප්පෙරුම යන දෙදෙනාටම කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය. 

මහනුවර කණ්ඩායම තරගයේ 22 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු පුවරුව සමකිරීමට සමත් විය. එය කවිඳු පෙරේරා විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ මහනුවර කණ්ඩායමට අමතර ලකුණු එක්කළේය. (මහනුවර 12 – 10 පොලිස්) 

මහනුවර කණ්ඩායම ප්‍රබල ලෙස පොලිස් සීමා ඉර ආක්‍රමණය කළ අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට දනුශ් දයාන් සමත් විය. ඒ තරගයේ මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 19ක් බවට පත්කළේය. (මහනුවර 19 – 10 පොලිස්)

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර තම දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ජනිත් චන්දිමාල් පොලිස් ක්‍රීඩා සමාජයේ ලකුණු පුවරුව ලකුණු 17ක් බවට පත්කළේය. (මහනුවර 19 – 17 පොලිස්)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 17 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වූයේ තරගයේ 46 වැනි මිනිත්තුවේ දී සාර්ථක ආක්‍රමණයක් එල්ල කරමිනි. එම උත්සාහය සාර්ථක කරගැනීමට රොශාන් වීරරත්න සමත්වූයේ මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 26ක් බවට පත්කළේය. (මහනුවර 26 – 17 පොලිස්)

මහනුවර කණ්ඩායමට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීමට පොලිස් කණ්ඩායම සමත්වූයේ තරගයේ 52 වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර ආක්‍රමණය කරමිනි. ප්‍රබල උත්සාහයකින් අනතුරුව තම තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. එයට හිමිකම් කීමට ලහිරු පවිත්‍ර සමත් විය. එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (මහනුවර 26 – 24 පොලිස්) 

තරගයේ 63 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරක් මඟින් ලකුණු රැස්කිරීමට මහනුවර කණ්ඩායමට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් තරින්ද රත්වත්තේගේ පා පහර එවර සාර්ථක වූයේ නැත. 

ඉසිපතනය විද්‍යා පරීක්ෂණය සමත් වෙයි!

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු සතියේ සයවැනි තරගයේ දී කොළඹ……

තරගයේ 67 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම තම පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ ශබීර් මොහොමඩ් විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ මහනුවර ලකුණු පුවරුව ලකුණු 33ක් බවට පත්කළේය. (මහනුවර 33 – 24 පොලිස්) 

තරගයේ 78 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමෙන් පන්දුව සොරාගත් ශ්‍රීනාත් සූරියබණ්ඩාර දක්ෂ පා පහරක් මගින් පන්දුව නයිජල් රත්වත්තේ වෙත යොමු කළ අතර එය සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට ඔහු සමත් විය. තරින්ද ‍රත්වත්තේ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (මහනුවර 40 – 24 පොලිස්)

තරින්ද රත්වත්තේගේ ප්‍රවර්තනයත් සමඟින් තරගය අවසන් වූ අතර මහනුවර ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කළේ ලකුණු 40-24ක් ලෙසිනි. 

ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජය 14 වැනි සතිය අවසන් වන විටත් අපරාජිතව පෙරමුණ ගැනීමට සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 40 (6T, 5C) – 24 (3T, 3C, 1P) පොලිස් ක්‍රීඩා සමාජය 

Dialog Viu තරගයේ වීරයා: සුහිරු ඇන්තනී (මහනුවර) 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

  • මහනුවර: ශෙහාන් පතිරණ (1T), කවිඳු පෙරේරා (1T), දනුශ් දයාන් (1T), රොශාන් වීරරත්න (1T), ශබීර් මොහොමඩ් (1T), නයිජල් රත්වත්තේ (1T), තරින්ද ‍රත්වත්තේ (5C)
  • පොලිස්: රසිත් සිල්වා (1T), හශාන් ප්‍රනාන්දු (1T), යොශාන් පීරිස් (1C, 1P) ලහිරු පවිත්‍ර (1T), ජනිත් චන්දිමාල් (2C)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<