බාධක දිවීමෙන් අස්මිකා කෙන්යා යන්න සුදුසුකම් ලබා ගනි

767

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන “2017 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා  ශූරතාවය” මේ මස 23 සිට 26 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ඊයේ (23) එහි ප්‍රථම දිනයේ දී ම නව මලල ක්‍රීඩා වාර්තා කිහිපයක්ම බිහි වීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ජාතික මට්ටමේ අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ මෙම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල, මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් තරගාවලියකි. මෙසේ සොයා ගන්නා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුවක් ලබා දීමෙන් කනිෂ්ඨ මට්ටමෙන් ඔබ්බට ගොස් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා උරෙනුර ගැටී ක්‍රීඩා කරන්නටත්, ඔවුන්ට අභියෝග කරන්නටත්, ඉන් නොනැවතී තරග ජය ගන්නටත් අවශ්‍ය ශාරීරික සහ  මානසික ශක්තිය හා අත්දැකීම් මෙවන් තරගාවලි තුලින් ඔවුන්ට හිමි වේ.

ශ්‍රී ලංකාව පුරා විසිරි පැතිරී සිටින මලල ක්‍රීඩා අංකුර, එසේ නැතහොත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ ජාත්‍යන්තර තරග පථයක ජාතික ශූරතාවය වෙනුවෙන් තරග වැදිණි. ඒ සඳහා දිවයිනේ නන්දෙසින් විවිධ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

අවුරුදු 23න් පහළ පිරිමි මීටර් 5000 දිවීමේ  තරගයෙන් ආරම්භ වූ තරගාවලියේ ජයග්‍රාහකයින්ගේ තතු විත්ති මෙසේය.

අවුරුදු 23න් පහළ බාලිකා රිටි පැනීම

මෙම තරගාවලියේ නව තරග වාර්තාවක් බිහි කිරීමට තෙලිප්පලයි මහජන විද්‍යාලය නියෝජනය කළ ජේ. අනිතා ක්‍රීඩිකාව සමත්විය. ඇය එහි දී මීටර් 3.40 දුරක් පනිමින් නව වාර්තාවක් පිහිටු වන ලදි. එය දිනය තුල වාර්තා වූ පළමු නව තරග වාර්තාව වූ අතර, පැරණි වාර්තාව බිඳ හෙලීමෙන් මීටර් 3.30 වාර්තා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ දිල්රුක්ෂි සමත්වුව ද අනිතා ඇය අභිභාව යාමට සමත්විය.

පළමු ස්ථානය ජේ. අනිතා මහජන විද්‍යාලය තෙලිප්පලයි 3.40
දෙවන ස්ථානය පී. එම්. ඒ. එච්. දිල්රුක්ෂි ශ්‍රී ලංකා යුද හමුදාව 3.30
තෙවන ස්ථානය කේ. ඒ. සී. කේ. කොඩිතුවක්කු ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2.80

අවුරුදු 20න් පහළ බාලක දුර පැනීම

මෙම ඉසව්වෙන් කොච්චිකඩේ ලොයොලා විද්‍යාලයේ නිපුන් කවිඳු නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත්විය. ඒ මීටර් 7.52 දුරක් පනිමිනි.

පළමු ස්ථානය නිපුන් කවිඳු කල්දේරා ලොයොලා විද්‍යාලය කොච්චිකඩේ 7.52
දෙවන ස්ථානය ජී. අයි. මාලින්ද රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල 7.13
තෙවන ස්ථානය එන්. එම්. එම්. සොයිසා රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල 6.94

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 2000 බාධක දිවීම

කුලියාපිටිය ම. ම. විද්‍යාලයේ අස්මිකා හේරත් ක්‍රීඩිකාව මෙම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කළ අතර, එය ඊයේ දිනයේ වාර්තා වූ අවසන් නව තරග වාර්තාව ලෙස සටහන් විය. මෙම වාර්තාවත් සමඟින් ඇය එළඹෙන ජුලි මස කෙන්යාවේ දී පැවැත්වීමට නියමිත 18න් පහළ ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පළමු ස්ථානය එච්. එම්. බී. එස්. හේරත් කුලියාපිටිය ම. ම. වී 6.59.96
දෙවන ස්ථානය කේ. එම්. ජේ. එම්. කනගරත්න ඒ. රත්නායක ම.ම.වී වලල 7:11.49
තෙවන ස්ථානය එච්. එම්. සී. එස්. හේරත් ඒ.රත්නායක ම.ම.වී වලල 7:20.94

අවුරුදු 23න් පහළ බාලක මීටර් 5000 දිවීම

පළමු ස්ථානය එස්. එම්. ඩි. එම්. සමරකෝන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 15:36.8
දෙවන ස්ථානය එම්. එස්. චතුරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාව 15:37.4
තෙවන ස්ථානය එම්. එම්. ඩී. පී. ජයසුන්දර විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර 16:01.7

අවුරුදු 20න් පහළ බාලක මීටර් 5000 දිවීම

පළමු ස්ථානය ජේ. එම්. එ්. මදුසංක අඹගස්දූව ජනාධිපති විද්‍යාලය වැලිමඩ 15:55.50
දෙවන ස්ථානය ජී. ඩී. සී. ඩී. අල්විස් ශ්‍රී රාහුල විද්‍යාලය කටුගස්තොට 16:07.46
තෙවන ස්ථානය ටී. එම්. කේ. බී. තෙන්නකෝන් ශ්‍රී ලංකා යුද හමුදාව 16:08.05

අවුරුදු 20න් පහළ බාලිකා රිටි පැනීම

පළමු ස්ථානය අයි. එන්. ධර්මකීර්ති අවේ මරිය කන්‍යාරාමය මීගමුව 3.10
දෙවන ස්ථානය වී. සත්විකා අරුණෝදය විද්‍යාලය අලවෙඩ්ඩි 2.90
තෙවන ස්ථානය බී. කිරියා චාවකච්චේරි හින්දු විද්‍යාලය 2.90

අවුරුදු 23න් පහළ බාලිකා මිටිය විසි කිරීම

පළමු ස්ථානය ඒ. ජී. වී. වී. ලක්මාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 27.23
දෙවන ස්ථානය ඊ. ඒ. ඒ. ලක්මාලි හදපාන්ගොඩ මහා විද්‍යාලය 16.51

අවුරුදු 20න් පහළ බාලිකා මිටිය විසි කිරීම

පළමු ස්ථානය එම්. පී. බී. ආසිරි සුමනා බාලිකා විද්‍යාලය රත්නපුර 23.25
දෙවන ස්ථානය ජේ. සුකනේයා යාපනය ඩි. ඒ. ඒ 19.44
තෙවන ස්ථානය ජේ.එම්. ලක්ෂිකා යාපනය ඩි. ඒ. ඒ 18.69

අවුරුදු 18න් පහළ බාලක යගුලිය විසි කිරීම

පළමු ස්ථානය සවින්ද දිසානායක රාජකීය විද්‍යාලය කොළඹ 14.60
දෙවන ස්ථානය ජේ. එස්. ඩි. ජයලත් තක්ෂිලා ම.ම.වි හොරණ 14.16
තෙවන ස්ථානය ගිනුර ගුණරත්න ලයිසියම් ජාත්‍යන්තර පාසල නුගේගොඩ 13.65

අවුරුදු 18න් පහළ බාලිකා හෙල්ල විසි කිරීම

පළමු ස්ථානය එස්. ශන්කවී චාවකච්චේරි හින්දු විද්‍යාලය 33.05
දෙවන ස්ථානය අන්ජලි රණවීර ලයිසියම් ජාත්‍යන්තර පාසල නුගේගොඩ 29.07
තෙවන ස්ථානය ඒ. ඩී. ඩී. ඩබ්. මෙන්ඩිස් අගමැති බාලිකා ම. වී. පානදුර 27.89

අවුරුදු 18න් පහළ බාලක මීටර් 2000 බාධක දිවීම

පළමු ස්ථානය ජී. ජී. පී. ආර්. ගලදෙනිය කෑගල්ල ඩි. ඒ. ඒ. 6:18.82
දෙවන ස්ථානය ජී. ආර්. ඩී. විජේසුරිය කෑගල්ල ඩි. ඒ. ඒ. 6:27.59
තෙවන ස්ථානය එස්. ජී. වී. එස්. එස්. ඩෙන්සිල් ඒ. රත්නායක ම. ම. වී වලල 6:33.20

අවුරුදු 18න් පහළ බාලක උස පැනීම

පළමු ස්ථානය සී. වී. කස්තුරිආරච්චි සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස 1.98
දෙවන ස්ථානය ඒ. එම්. අෆ්රිඩි නස්රියා ම.ම.වී. හලාවත 1.90
තෙවන ස්ථානය පී. එස්. තාරුකා සාන්ත මේරි විද්‍යාලය හලාවත 1.90

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 3000 බාධක දිවීම

පළමු ස්ථානය බී. එම්. අයි. එන්. කේ. බස්නායක ඒ.රත්නායක ම.ම.වී වලල 11:50.78
දෙවන ස්ථානය එස්. එම්. යූ. අයි. ජී. එම්. එස්. වීරසේකර ඒ.රත්නායක ම.ම.වී වලල 12:06.41
තෙවන ස්ථානය ජේ.එම්.ජී.එස්.කේ. ජයසුන්දර ඒ.රත්නායක ම.ම.වී වලල 12:47.01

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 3000 බාධක දිවීම

පළමු ස්ථානය කේ.ජී.එම්.එන්.ඒ. කුමාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව 11:44.64
දෙවන ස්ථානය එස්.ජී.බී.එම්.කේ. වීරසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 11:52.16
තෙවන ස්ථානය කේ.ඩි.පී. කුමාරගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 12:01.43

අවුරුදු 16න් පහළ බාලක දුර පැනීම

පළමු ස්ථානය ඩබ්.එච්.එච්.එම්. අබේසේකර සිද්ධාර්ථ ම.ම.වී. බලපිටිය 6.53
දෙවන ස්ථානය අයි.ඩබ්.ඩි.ප්‍රදීප් ඩි.එස්.සේනානායක කොළඹ 6.23
තෙවන ස්ථානය සී.සී. විජේන්ද්‍ර වැලිපැන්න සිංහල ක.වී. 6.04

අවුරුදු 23න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම

පළමු ස්ථානය කේ.යු. මුතුකුමාරණ බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ 38.76
දෙවන ස්ථානය ඊ.කේ.ජී.එස්.එස්.එල්.කේ. රාමනායක ශ්‍රී ලංකා ගුවන් හමුදාව 37.39
තෙවන ස්ථානය කේ.ඒ. ජයවර්ධන ශ්‍රී ලංකා යුද හමුදාව 37.38

අවුරුදු 20න් පහළ බාලක මීටර් 3000 බාධක දිවීම

පළමු ස්ථානය කේ.ඒ.කේ. මදුසංක ඒ.රත්නායක ම.ම.වී වලල 10:07.63
දෙවන ස්ථානය ආර්.එම්.එන්. ලක්රුවන් වැලිමඩ ම.ම.වී. 10:11.75
තෙවන ස්ථානය ජී.එච්.එම්.එස්. කුමාර ඇලෝසියස් ජාතික පාසැල රත්නපුර 10:17.11

අවුරුදු 23න් පහළ බාලක මීටර් 3000 බාධක දිවීම

පළමු ස්ථානය එච්.එම්.ඊ.යු.බී. හේරත් ශ්‍රී ලංකා යුද හමුදාව 9:28.29
දෙවන ස්ථානය එල්.සී. ගුණරත්න බෙරෙවට්ස් විද්‍යාලය අම්පිටිය 9:33.26
තෙවන ස්ථානය ඩබ්.පී.එම්. සමරවීර ශ්‍රී ලංකා ගුවන් හමුදාව 9:37.12

අවුරුදු 18න් පහළ බාලිකා දුර පැනීම

පළමු ස්ථානය ඩබ්.කේ.එච්. සඳුනිකා අවේ මරියා කන්‍යාරාමය මිගමුව 5.42
දෙවන ස්ථානය එම්.කේ.පී. ලක්ෂානි ශුද්ධ වූ කුරුස විද්‍යාලය ගම්පහ 5.40
තෙවන ස්ථානය එච.පී.එම්.පී. සමරතුංග මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල 5.38

අවුරුදු 20න් පහළ බාලක හෙල්ල විසි කිරීම

පළමු ස්ථානය කේ.එස්. කුමාර රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල 59.37
දෙවන ස්ථානය ආර්.ඩි.පී.පී. රණවක ආනමඩුව ම.ම.වී. 58.85
තෙවන ස්ථානය තරිඳු රණවීර රාජසිංහ ම.ම.වී. හංවැල්ල 57.71

අවුරුදු 16න් පහළ බාලිකා උස පැනීම

පළමු ස්ථානය ජේ.එච්.එච්. භාග්‍යා තක්ෂිලා ම.ම.වී. හොරණ 1.53
දෙවන ස්ථානය යුහන්සා හේවගමගේ මියුසියස් විද්‍යාලය කොළඹ 1.51
තෙවන ස්ථානය ටී.ඩි.ආර්. දිලුපා නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය මිගමුව 1.46

අවුරුදු 18න් පහළ බාලිකා යගුලිය විසි කිරීම

පළමු ස්ථානය චනුකා අතපත්තු විශාකා විද්‍යාලය කොළඹ 10.64
දෙවන ස්ථානය ඒ.ඩි.ඩි.ඩබ්. මෙන්ඩිස් අගමැති බාලිකා ම.වී. පානදුර 10.04
තෙවන ස්ථානය නිසිනි ප්‍රේමසර ලයිසියම් ජාත්‍යන්තර පාසැල නුගේගොඩ 9.87

අවුරුදු 16න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම

පළමු ස්ථානය එම්.ඒ. නිදුෂික සාන්ත මරියා විද්‍යාලය හලාවත 43.19
දෙවන ස්ථානය ඩබ්.එච්.ඩි. කිත්මින් ඩි.එස්.සේනානායක කොළඹ 42.35
තෙවන ස්ථානය ඩබ්.ඒ.එස්.එස්. විජේසිංහ ශ්‍රී බෙනඩික් විද්‍යාලය 41.97

අවුරුදු 18න් පහළ බාලක දුර පැනීම

පළමු ස්ථානය ප්‍රමෝද් මදුභාෂ් මාරි ස්ටෙලා විද්‍යාලය මිගමුව 6.99
දෙවන ස්ථානය කමල්රාජ් එල්රෝයි ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල 6.90
තෙවන ස්ථානය ඩබ්.ඩි.එස්. නුවින්ද සිරි පියරතන ම.ම.වී. පාදුක්ක 6.67

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 5000 ඇවිදීම

පළමු ස්ථානය කේ.එස්. දිල්ශානි මාකඳුර ම.ම.වී. 31:17.40
දෙවන ස්ථානය ජේ.ජී.එස්.එන්. වීරසිංහ ශාන්ත ඇන්දෘ බාලිකා ම.වී.නාවලපිටිය 32:06.53
තෙවන ස්ථානය ඒ.එම්.ඩි. ලක්ෂිකා දඹදෙණිය ම.ම.වී 32:13.12

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 5000 දිවීම

පළමු ස්ථානය ආර්.ඩි.කේ. ප්‍රසන්තිලක මාතර ම.ම.වී. 18:40.99
දෙවන ස්ථානය බී.එම්.අයි.එන්.කේ. බස්නායක ඒ.රත්නායක ම.ම.වී. වලල 19:05.04
තෙවන ස්ථානය පී.ආර්.බී. පතිරණ ශ්‍රී මිහිඳු ම.වී. රදාවඩුන්න 19:35.78

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 5000 දිවීම

පළමු ස්ථානය එච්.එම්.එන්. නන්දසේන ශ්‍රී ලංකා යුද හමුදාව 17:49.5
දෙවන ස්ථානය ආර්.ඩි.එච්.අයි. ප්‍රියදර්ශනී ශ්‍රී ලංකා ගුවන් හමුදාව 18:36.96
තෙවන ස්ථානය ජී.ජී.පී.ඩබ්. සම්පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 19:04.86

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 10000 ඇවිදීම

පළමු ස්ථානය කේ. කම්කෙෂ්වරී වව්නියා ඩි.ඒ.ඒ. 1:04.55.0
දෙවන ස්ථානය කේ. සචිනි ලෝචනා මාකඳුර ම.ම.වී. 1:09.26.8

අවුරුදු 23 න් පහළ බාලිකා මීටර් 10000 දිවීම

පළමු ස්ථානය එච්.එච්.එස්. හංසිකා මාකඳුර ම.ම.වී. 1:02.38.3
දෙවන ස්ථානය කේ. කොකිලාවනි වව්නියා ඩි.ඒ.ඒ. 1:07.58.4
තෙවන ස්ථානය බී. එස්. වත්සලා රාජකීය විද්‍යාලය හොරණ 1:18.14.5

  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට