ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පළමු පාසල් රග්බි තරගය ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ශ්‍රී ලාංකීය රග්බි පිටියේ සුවිශේෂ සලකුණක්. නව දශකය නව මුහුණුවරකින් අරඹන්නට ඔවුන් සුදානම් වන්නේ කලකට පසුව ලීග් කුසලානයක් මහනුවරට රැගෙන යාමේ අරමුණින්.
මුහුද අසබඩ රග්බි බලකාය 2020 කුසලානයට අවි සූදානම් කරයි
පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායමක් …..
අතීතයෙන් බිඳක්
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව ක්‍රීඩා කරන පැරණිතම පාසලක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය රග්බි පිටියට පිවිසෙන්නේ 1906 වසරේ දීයි. 1974, 1975, 1977, 1983 හා 1987 යන වසරවල දී පාසල් ලීග් රග්බි තරගාවලි කුසලානයන් මහනුවර රැගෙන ගිය ඔවුන් මෑත කාලයේදී නම් ලීග් කුසලානයක පහස විඳින්නට සමත් වුනේ නැහැ. අවසන් වරට ඔවුන් ලීග් කිරුළක් දිනා ගත්තේ වසර 32කට පෙර වීම විශේෂත්වයක්.

තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර මෙවර 76 වැනි අදියර ක්‍රියාත්මක වනු ඇත. 1945 වසරේ දී ආරම්භ වුනු තරගාවලියේ දී අවසන් වරට බ්‍රැඩ්බි පලිහ මහනුවරට රැගෙන යන්නට සමත් වුනු ත්‍රිත්ව කණ්ඩායම 2014 වසරේ තරින්ද රත්වත්තගේ නායකත්වයෙන් සටන් වැදුණු කණ්ඩායමයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ පහස ලබා දේශීය රග්බි පිටියට පිවිසුණු තරු බොහෝ සිටිනවා. ඉන්ති මරික්කාර්, මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ෂෝන් විජේසිංහ, ප්‍රදීප් බස්නායක ඉන් කිහිප දෙනෙක්. 2014 බ්‍රැඩ්බි ජයග්‍රහණයේ නියමුවා වූ තරින්ද රත්වත්ත මේ වන විට මහනුවර ක්‍රීඩා සමාජයේ සුපිරි දස්කම් දක්වන්නේ ත්‍රිත්ව බිමේ සුරු විරුකම් ලොවට කියා දෙමින්.
පසුගිය තරග වාරය
රෙෂාන් බණ්ඩාරනායකගේ නායකත්වයෙන් පසුගිය තරග වාරයට පිවිසුණු ත්‍රිත්ව රග්බි කණ්ඩායම ගෙවුණු තරගවාරයේ දී කුසලාන ශූරතාවයට පිවිසෙන්නට සමත් වුනා. ඔවුන් එහි දී දිනා ගත්තේ හත්වැනි ස්ථානයයි. කෙසේ වෙතත් ඔවුන් සහභාගී වුණු තරග නවයෙන් ජය ගත්තේ තරග නවයක් පමණයි ගීෂප කුලතුංග ගෙවුණු තරග වාරයේ දී ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දරන්නට සමත් වුණු අතර ඔහු උත්සාහක දිනුම් හයක් වාර්තා කරගෙන තිබුණේ වැඩිම උත්සාහක දිනුම් ලාභින්ගේ ලයිස්තුවට ද පිවිසෙමින්.

මෙවර තරග වාරය සඳහා සූදානම
අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ටෙහාන් කරුණානායක වසර 32කට පසුව ලීග් ශූරතාව සොයා යන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
ක්ෂණිකව ක්‍රීඩා කරන ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු ලෙස සුප්‍රකට ටෙහාන් මෙවර කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුවයි. කණ්ඩායමේ ඉදිරිපෙළ හා පසු පෙළ සබඳතාව මනා ලෙස පවත්වා ගැනීමට උපන් හපනෙකු වන ඔහුගේ වසර තුනක රග්බි අත්දැකීම් මෙවර කණ්ඩායමට ඉතාම වැදගත් වනු නොඅනුමානයි.

වසර තුනක අත්දැකීම් සමඟ එන මේ නොම්මර අට ක්‍රීඩකයා හා නායක ටෙහාන් අතර සබඳතාවය ද කණ්ඩායමට ඉතාමත්ම වැදගත් වනු ඇත.
අත්දැකීම් බහුල පසු පෙළකට හිමිකම් කියන ත්‍රිත්ව කණ්ඩායමේ තවත් ප්‍රධාන තුරුම්පුවක් ලෙස හර්ෂ සමරසිංහ හැඳින්විය හැකියි. සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු පසුගිය තරග වාරයේ දී ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ ක්‍රීඩකයෙක්.
සිය වේගවත් ක්‍රීඩා විලාසයෙන් ප්‍රතිවාදී ආරක්ෂක වළලු සුනුවිසුනු කළ ඔහු වේගවත් උත්සාහක දිනුම් පහක් තමන්ගේ නමට ලියා ගත්තේ ගෙවුණු තරග වාරයේ ජනප්‍රිය චරිතයක් වෙමින්.
ඔහු පසුගිය වසරේ බ්‍රැඩ්බි තරගාවලියේ වාර්තා කළ අලංකාර උත්සාහක දිනුම් රග්බි විචාරකයින් බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක් වුණා. ඔහුගේ වසර තුනක අත්දැකීම් සමඟ ටෙහාන්ගේ තැනට සුදුසු නුවණත් එක්වූ කළ මෙවර ත්‍රිත්ව පසු පෙළ ප්‍රතිවාදීන් ගිනියම් කරනු ඇත.
මිනිඳු ජයසිංහ හා මිරංග සුබසිංහ ද මෙවර තරග වාරයේ ත්‍රිත්ව කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයින් වනු ඇත. ඔවුන් දෙදෙනාම පසු පෙළේ ඕනෑම ස්ථානයක් ක්‍රීඩා කරන්නට හැකි ක්‍රීඩකයින් වන අතර ෆ්ලයි හාෆ් හා සෙන්ටර් ස්ථාන වල ඔවුන්ගේ සේවය කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. ඔවුන් දෙදෙනාටම පන්දුවට පා පහර දීමේ හැකියාව තිබීම කණ්ඩායම නොමිලයේ ලැබුණු අමතර වාසියක් ලෙස හැඳින්විය හැකියි. ගෙවුණු තරග වාරයේ අත්දැකීම් හා ඔවුන්ගේ වේගය සමඟින් මෙවර ත්‍රිත්ව පසුපෙළ සෑහෙන තරමේ පෙරළියක් කරනු ඇත.
2020 ශූරතාවයට බම්බලපිටියේ සාන්තුවරුන්ගේ සූදානම
2018, 2019 වසර දිවිත්වයම පාසල් ඉතිහාසයේ රන් …..
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සුවිශේෂ පුද්ගලයෙක්. රග්බි ක්‍රීඩාව කියූ පමණින් සැමට මතක් වන නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන Rodney So’oialo මෙවර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
මේ ඔහු ශ්‍රී ලංකාවේ කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව වන අතර ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම නවසීලන්ත ක්‍රීඩා රටාව ත්‍රිත්ව කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. කණ්ඩායමේ සහය පුහුණුකරු මෙන්ම පසු පෙළේ වගකීම ද භාරව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රග්බි තරුවක් වන සාලිය කුමාර.

- මාර්තු 6, 2020 – ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
- මාර්තු 13, 2020 – සාන්ත අන්තෝනි විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – නිත්තවෙල
- මාර්තු 20, 2020 – රාජකීය විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
- මාර්තු 27, 2020 – ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
- අප්‍රේල් 4, 2020 – ත්‍රිත්ව විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















