කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
අයර්ලන්තය පළමු දිනය බේරා ගනී

තරගය අඳුරු ආලෝක තත්ත්වය මත පළමු දිනයට නතර කරන විට අයර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 286ක් ලබා සිටිය හ. ඒ වන විට නීල් රොක් පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 57ක් වාර්තා කරගෙන සිටියේ ය. ඊට අමතරව ලෝකන් ටකර් පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා සිටියේ ය.
සම්පූර්ණ වාර්තාව: නීල් සහ ටකර් අයර්ලන්තය ගොඩ ගැනීමේ මෙහෙයුමක

ඊයේ (06) සූරියවැව දී ඇරඹුණු තෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන් මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 310ක් රැස් කළ ද ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48ක් ගතවීමටත් මත්තෙන් එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂක මනදොළ සපුරාලමින් ආරම්භ පිතිකරුවන් දෙදෙනා වාර්තා කළ මංගල ශතක දෙක සුවිශේෂී ලෙස කැපී පෙනුණි.
සම්පූර්ණ වාර්තාව: ධනුෂ්ක – දික්වැල්ල වික්‍රමය නිසා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
තෙවැනි වරටත් පාපන්දු ශූරතාවය සාන්ත ජෝසප් විදුහලට
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ඊයේ (13) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වසරටත් මෙම තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: අඛණ්ඩව තෙවන වසරටත් ශූරතාවය ජෝසප්වරුන්ට























