ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගය අද (10) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ විය.
එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රොහාන් සංජය පළමු දිනයේ දී ම ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අන්දමන්ද කරනු ලැබුවේ ලකුණු 94කට කඩුලු 5ක් දවා ගනිමිනි. රොහාන්ගේ එම සුපිරි පන්දු නිසාම කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබා සිටිය දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමෙන් පසු සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.
කැන්ගරුවන්ට අභියෝගයක් වන ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් සංචිතය
ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු 19න්…..
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ නායක බැක්ස්ටර් හෝල්ට් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේ පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරන අදහසිනි. එමනිසාම ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල සිටම ඉතාමත් ප්‍රවේශමෙන් පිතිකරණයේ යෙදුණ ද රුවින් පීරිස්ගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකරු ෆැනින්ග්ස් ලකුණු 7කට දවා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි වූයේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 22/1ක් බවට පත්කරමිනි.
එලෙස පළමු කඩුල්ල ඉක්මනින්ම බිඳවැටීමෙන් අනතුරුව පිටියේ එක්වූ කොරේ හන්ටර් සහ කීගන් ඕටස් ඉතාමත් ආක්‍රමණශීලී ලෙසින් පන්දුවට පහර එල්ල කළේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන්ව මනාව පාලනය කරමිනි.
Photo Album – Australia U19 Team Tour to Sri Lanka 2019 | 3 Day Match | Day 1
එම නිසාම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් හන්ටර් ලකුණු 43ක් සහ ඕට්ස් ලකුණු 21ක් ලබා තිබුණි.
ඉන්පසුව දිවා ආහාරයෙන් අනතුරුව තරගය ඇරඹීමෙන් පසු සිය පිති ප්‍රහාරය වඩාත් වේගවත් කළ හන්ටර් සහ ඕට්ස් පන්දු 175කින් ලකුණු 81ක සබඳතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 103/1ක් දක්වා ඉහළ නැංවූ නිසාම එම සබඳතාවය කෙසේ හෝ බිඳ දැමීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයාගේ පැතුම විය.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් ගැටුමට පෙර
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා යොවුන් ක්‍රිකට් කණ්ඩායම….
එම තීරණාත්මක අවස්ථාවේ නායක නිපුන් දිගින් දිගටම ඔහුගේ ප්‍රධාන තුරුම්පුව වූ රොහාන් සංජය එක් අන්තයකින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් කීගන් ඕට්ස් ලකුණු 27කට දැවී යාමෙන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ රොහාන් හන්ටර්ව ලකුණු 71කට සහ ඩේවිස් ව ලකුණු 13කට දවා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව එක්වරම 125/4 බවට පත්කරමිනි.
එහි දී එම තීරණාත්මක කඩුලු 3 සම්පූර්ණයෙන්ම තරගය කණපිට හැරවූයේ පළමු ඉනිම වෙනුවෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සිටි ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ඉනිම අඩපණ කරමිනි.
එලෙස ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම දැවී යාමෙන් අනතුරුව ඔවුන්ගේ 5 වැනි කඩුල්ල ද ලකුණු පුවරුවට තවත් ලකුණු 26ක් එක්වන විට දැවී යාම නිසා පන්දුවාර 54.4ක් අවසානයේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 151/5 ලෙසින් දිස්වුනත් එම අවස්ථාවේ දී පිටියේ එක්වූ නායක හෝල්ට් සහ ෆ්රීමන් නැවතත් ඕස්ට්‍රේලියානු ඉනිමට ජීවයක් ලබා දෙමින් පන්දු 131කින් ගොඩනැගූ ලකුණු 84ක අගනා සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 235/5 බවට පත්වූයේ නැවතත් ඔවුන්ව තරගයට අවතීර්ණ කරමිනි.
නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිට දඟපන්දු යවන ක්‍රීඩක සඳුන් මෙන්ඩිස් අවශ්‍යම කඩුල්ල වූ බැක්ස්ටර්ගේ කඩුල්ල ලකුණු 60කට දවා ගැනීමෙන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ සංජය තවත් කඩුලු දෙකක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ඔහු ලබාගත් 5 වැනි කඩුල්ලත් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 269/9 බවට පත් කරමිනි.
බලාපොරොත්තු නොවූ එම හදිසි කඩාවැටීමෙන් අනතුරුව කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටවූ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඉන්පසුව දිනයේ අවසන් පන්දුවාර 5 තුළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිතිකරණයට කැඳවූයේ කඩුලු කිහිපයක් දවා ගන්නා අරමුණෙනි.
නමුත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය දිනය නිමාවන විට ලකුණු 20ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 249ක් පිටුපසින් සිටිමිනි.
ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 269 (83.2) කොරේ හන්ටර් 71, බැක්ස්ටර් හෝල්ට් 60, ජැරොඩ් ෆ්රීමන් 36 , රොහාන් සංජය 5/94, රුවින් පීරිස් 2/40
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම; පළමු ඉනිම කිසිවෙකු නොදැවී 20 (5) කමිල් මිෂාර 15 (නොදැවී)
මෙම තරගයේ දෙවන දිනය වන හෙට (11) දිනයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන් හැකි උපරිම ලකුණු ප්‍රමාණය ලබා ගතහොත් අවසන් දිනයේ දී තරගයේ වාසිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමිවනු ඇත. එමනිසාම හෙට දිනයේත් තරගයේ තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















