බෙනඩික්ට් කණ්ඩායමට එරෙහිව හමීඩියා ක්‍රීඩකයින්ගෙන් ගෝල පහක්

284

2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ තරගයක දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ හමීඩියා අල් හුසේයිනි විද්‍යාලය සාන්ත බෙනඩික්ට් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර එහි දී හමීඩියා අල් හුසේනි විද්‍යාලය බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරමින් ගෝල 5-0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

හුසේයිනි ක්‍රීඩකයින්ට නූලෙන් ජයග්‍රහණය මඟ හැරේ

දෙවන අර්ධයේ තරගයට පිවිසුණු කොළඹ හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය පරාජය කරමින් කින්නියා මධ්‍ය විද්‍යාලය, වයස අවුරුදු 18න් පහළ පළමු……

හමීඩියා ක්‍රීඩකයින්ට තරගය ආරම්භයේම මරු පහරක් එල්ල වූයේ ඔවුන්ගේ නායකයා මෙන්ම පිටියේ කණ්ඩායම හසුරුවන්නා ද වූ මොහොමඩ් සහාන් ආරම්භයේම බාධා කිරීමක් (challenge) හේතුවෙන් ආබාධයකට ලක්වීම නිසයි.

සෑහෙන වෙලාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව අජිත් ප්‍රශාන්ත් 37 වන මිනිත්තුවේ පළමු හමීඩියා ගෝලය වාර්තා කළ අතර පළමු අර්ධය අවසාන වීමට ප්‍රථම මොහොමඩ් ආශික්ගේ පන්දු යොමු කිරීමක් ප්‍රශාන්ත් නැවත ගෝලය වෙත යොමු කළේ සිය දෙවන ගෝලය ලෙසයි.

පළමු අර්ධය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 00 – 02 අල් හුසේයිනි විද්‍යාලය

දෙවන අර්ධය ද පළමු අර්ධය මෙන්ම වූ අතර වැඩි වෙලාවක් පන්දුව ගැවසුණේ හමීඩියා ක්‍රීඩකයින් යටතේය. 50 වන මිනිත්තුවේ දී දිනේෂ් සුරේන් බෙනඩික්ට් ගෝල රකින්නා පසු කරමින් පන්දුව දැල වෙත යොමු කළේ තෙවන හමීඩියා ගෝලය ලෙසය.

අනතුරුව ඉක්මනින්ම නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රශාන්ත් සිය තෙවන ගෝලයත් වාර්තා කළේ ගෝල ත්‍රිත්වයක් තමන් නමට සටහන් කරගනිමිනි.

කෙසේ වෙතත් සිව්වැනි හමීඩියා ගෝලයෙන් පසු බෙනඩික්ට් ක්‍රීඩකයින් සුළු වෙලාවකට පන්දුව තමන්ගේ ග්‍රහණයේම තබා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුනත් ගෝලයක් සඳහා ඔවුන් වාසනාවන්ත වූයේ නැත.   

මෙසීගේ වාසනාවෙන් ආර්ජෙන්ටිනාව අවසන් 16ට; ප්‍රංශය, ඩෙන්මාර්කය, ක්‍රොඒෂියාව ඉදිරියට

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාණ්ඩ අදියරේ සිය අවසන් තරග සඳහා ඊයේ (26) C කාණ්ඩයේ කණ්ඩායම් හතර හා D කාණ්ඩයේ……

75 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ප්‍රශාන්ත් සිය සිව්වැනි ගෝලයත් වාර්තා කළේ බෙනඩික්ට් ක්‍රීඩකයින්ට දරුණු පරාජයක් අත්කරදෙමිනි.

හමීඩියා ක්‍රීඩකයින්ට ඉන්පසු අවස්ථා කිහිපයක්ම හිමිවුවත් ඔවුන්ට ඒවා සාර්ථක කර ගැනීමට බෙනඩික්ට් ක්‍රීඩකයින් ඉඩක් ලබා දුන්නේ නැත. ඉයන් ඉයුකාරිස්ට් (Iyan Eucherist) හා රෙහාන් සෙඩ්රික් ශාන්ත බෙනඩික්ට් කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්ෂතා දැක්වූහ.

අවසන් ලකුණු තත්වය: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 00 – 05 හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අජිත් ප්‍රශාන්ත් (අල් හුසේයිනි)

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය – අජිත් ප්‍රශාන්ත් 37’, 43’, 55’, 75’, දිනේෂ් සුරේන් 50’

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<