හුසේයිනි ක්‍රීඩකයින්ට නූලෙන් ජයග්‍රහණය මඟ හැරේ

278

දෙවන අර්ධයේ තරගයට පිවිසුණු කොළඹ හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය පරාජය කරමින් කින්නියා මධ්‍ය විද්‍යාලය, වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ සිය පළමු තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් වුනා. තරගය පැවැත්වුනේ චන්ද්‍රා සිල්වා ක්‍රීඩාංගණයේ දී යි.

රාජකීයයෝ තියුණු ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරති

කොළඹ රාජකීය විද්‍යාලය 2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ සිය මංගල තරගයේ…

පසුගිය තරග වාරය අල් හුසේයිනි කණ්ඩායමට එතරම් සාර්ථක තරග වාරයක් නොවුනත් පසුගිය තරග වාරයේ දී පළමු වරට පළමු කාණ්ඩයට පිවිසි කින්නියා ක්‍රීඩකයින් තරගාවලිය හමාර කළේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙමින්.

පළමු මිනිත්තුවේ සිටම අල් හුසේයිනි ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ කින්නියා ක්‍රීඩකයෝ තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. හමීඩියා ගෝල රකින්නාගේ ඉහළින් ගිය පන්දුවට ගෝල රකින්නාට පෙර ළඟා වූ රිෆ්කාන් අහමඩ් කිසිවෙකු නොසිටි දැල වෙත සාර්ථකව පන්දුව යොමු කරන්නට සමත් විය.

හමීඩියා ක්‍රීඩකයින් පළමු මිනිත්තුවේ දී ම ඔවුන්ට එල්ල වූ ප්‍රහාරයෙන් නොසැලී කින්නියා අර්ධය ප්‍රබල ලෙස ආක්‍රමණය කළ අතර දිගු පන්දු යොමු කිරීම් ක්‍රියාත්මක කළ පැති අවස්ථා කිහිපයක් ඔවුන්ට හිමි වුනත් ඒවා සාර්ථකව ගෝලය වෙත යොමු කරන්නට ඔවුන් අසමත් විය.

15 වන මිනිත්තුවේ දී කින්නියා ක්‍රීඩකයෙකු හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසා හමීඩියා ක්‍රීඩක මොහොමඩ් සුල්ෆර් හට කහ කාඩ්පතක් ලැබුණු අතර කින්නියා ක්‍රීඩකයින් හට ආක්‍රමණය සඳහා ඉතා හොඳ අවස්ථාවක් ද ලැබුණි.

Photos: Hameed Al Husseinie College Vs Kinniya Central College – U18 Division I (2018)

ThePapare.com | Viraj Kothalawala | 13/06/2018 Editing and re-using images without permission….

17 වන මිනිත්තුවේ දී හමීඩියා ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මොහොමඩ් අහ්සාන් සමත් වූ අතර හමීඩියා ආරක්ෂක ක්‍රීඩකයින් අහ්සාන් නැවැත්වීමට අසමත් වීමත් සමඟ කින්නියා දෙවන ගෝලය සඳහා අහ්සාන් පන්දුව ගෝල රකින්නා මඟ හරිමින් ගෝලය වෙත යොමු කිරීමට සමත් වුනා.

කින්නියා මැදපෙළ ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ලෙස ක්‍රීඩා කළ අතර ඔවුන් පන්දුව හමීඩියා ක්‍රීඩකයින්ගෙන් ලබාගෙන නිදහසේ හැසිරවීමට ඉඩ ලබා දුන්නේම නැත. කින්නියා ගෝල රකින්නා හට තරගයට පිවිසීමට අවස්ථාවක් තිබුණේම නැති අතර හමීඩියා ක්‍රීඩකයින් දුර සිට කළ ආක්‍රමණ ඉතා පහසුවෙන් නැවැත්වීමට ඔහු සමත් වුනා.

පළමු අර්ධය: හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය 0-2 කින්නියා මධ්‍ය විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ හමීඩියා ක්‍රීඩකයින් සිය රිද්මය හඳුනා ගෙන නැවත තරගයට පිවිසුණු අතර පන්දුව සියතේම තබාගෙන කින්නියා අර්ධය ආක්‍රමණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. මැදපෙළ ක්‍රීඩක සහාන් ඉතා හොඳින් පන්දුව හැසිර වූ අතර මොහොමඩ් කුර්ශිඩ් හා මොහොමඩ් ආශික් ඔහුට අනගි සහයක් ලබා දුන්හ.

කින්නියා ක්‍රීඩකයින් ආරක්ෂාකාරී ක්‍රීඩා පිළිවෙතක නිරත වූ අතර එම නිසා හමීඩ් ක්‍රීඩකයින්ට ගෝල ලබා ගැනීම ඉතා අපහසු විය. කෙසේ වුවත් කින්නියා ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් අතරින් යොමු වූ පන්දුව ලබා ගත් කුර්ශිඩ් පන්දුව ගෝලය වෙත යොමු කරමින් පළමු හමීඩියා ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

අල්-අක්ෂා ක්‍රීඩකයින් හමුවේ පීතරයින්ට තියුණු පරාජයක්

2018 වයස අවුරුදු 18න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (6) බම්බලපිටිය….

කින්නියා ක්‍රීඩකයින් සිය අර්ධයට සීමා කරමින් හමීඩියා ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දෙවන අර්ධය පුරා දියත් කළ අතර 88 වැනි මිනිත්තුවේ දී ලද අවස්ථාවක් සාර්ථක කර ගැනීමට සහාන් අසමත් වූ අතර 90+3 වන මිනිත්තුවේ දී ලද ස්වර්ණමය අවස්ථාවක් සාර්ථක කර ගැනීමට අෆ්කාර් අසමත් වුනේ කෙළින්ම ගෝල රකින්නා වෙත පන්දුව එල්ල කිරීම නිසයි.

අවසාන ලකුණු තත්වය: හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය 1-2 කින්නියා මධ්‍ය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් සහාන් (හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය)

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • හමීඩ් අල් හුසේයිනි විද්‍යාලය – මොහොමඩ් කුර්ශිඩ් 54’
  • කින්නියා මධ්‍ය විද්‍යාලය – රිෆ්කාන් අහමඩ් 1’, මොහොමඩ් අශාන් 17’

කහ කාඩ්පත්

  • හමීඩ් අල් හුසේයිනි – මොහොමඩ් සුල්ෆර් 15’, මොහොමඩ් සෆ්රාන්  70’
  • කින්නියා මධ්‍ය විද්‍යාලය – රිෆ්කාන් අහමඩ් 28’, එම් අශාන් 30’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<