ලෝක කුසලාන දැල්පන්දු නායිකාව “ගිරයට” හසුවන ලකුණු

413
Gayathri and Dhushani

හිටපු ජාතික දැල්පන්දු තේරීම් කමිටුවෙන් කැපී ගිය ,ජයත්‍රි අබේසිංහ සහ දුෂානි බණ්‌ඩාර ආසියානු කුසලානය සඳහා තෝරාගනු ලබන අවසන් සංචිතයට ඇතුළත් කිරීමට වත්මන් දැල්පන්දු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ආසියානු කුසලානය සඳහා නම් කරන ලද 18 දෙනාගෙන් යුත් සංචිතය 20 දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර එහි අවසන් 12 දෙනා තෝරා ගැනීමේ තේරීම් තරග අද (07 දා) සහ හෙට කටුනායක ගුවන් හමුදා ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය වසරේ ඔස්‌ට්‍රේලියාවේ පැවැති දැල්පන්දු ලෝක ශූරතාවට ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායිකාව වූ සේමිණි අල්විස්‌ව මෙවර ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටු සාමාජිකාවන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක්‌ පැවැති බවටද “දිවයින” ට අනාවරණය වේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ සේමිණීගේ මව වන දීප්ති අල්විස්‌ මහත්මිය ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කිරීම බව වැඩිදුරටත් අනාවරණය වේ.

අලුතෙන් ක්‍රීඩිකාවන් දෙදෙනකු කණ්‌ඩායමට එක්‌ කිරීම පිළිබඳව ජාතික දැල්පන්දු සභාපතිනිය වන යසා රාමචන්ද්‍ර මහත්මියගෙන් “දිවයින” විමසන ලදුව, “හිටපු තේරීම් කමිටුවෙන් අසාධාරණයක්‌ වුණ ළමයින් දෙන්නෙක්‌ව අපි අවසන් තේරීම්වලට ගෙනාවා. එයින් එක්‌ ළමයෙක්‌ පසුගිය කනිෂ්ඨ ආසියානු ශූරතාව දිනූ කණ්‌ඩායමෙත් හිටියා. අපි බලන්නෙ කිසිම කෙනෙකුට අසාධාරණයක්‌ නොවෙන විදිහට තේරීම් කමිටුවත් එක්‌ක හොඳම කණ්‌ඩායම තේරීමටයි.” යනුවෙන් පැවසුවාය.

මේ අතර හිටපු ජාතික දැල්පන්දු නායිකාවක්‌ වන ප්‍රියංකා පීරිස්‌ මහත්මිය තේරීම් කමිටුවට ඇතුළත් කර ඇති අතර තේරීම් කමිටු සභාපතිනිය ලෙස චන්ද්‍රdනි බණ්‌ඩාර මහත්මිය කටයුතු කරනු ලබයි.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න