කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සාන්ත තෝමස්, සාන්ත අන්තෝනි ජය ගනී

එමෙන්ම ඊයේ පැවති තවත් තරගයකින් මෙතෙක් පලඟ ශූරතාවයේ අපරාජිත සාන්ත තෝමසුවන් තවදුරටත් ඔවුන්ගේ අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වූයේ ඩී. එස්. ක්‍රීඩකයින් පරාජය කරමිනි. ලකුණු 24-19ක් ලෙස නිමා වූ මෙම තරගය හැව්ලොක් පිටියේ දී පැවැත්විය.
තරග වාර්තා සියල්ල සිංහලෙන් කියවන්න පිවිසෙන්න – රග්බි පිටුවට
ශ්‍රී ලංකාව 360ක් පිටුපසින්

ට්‍රින්ඩෑඩ් හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ දෙවැනි දිනය නිමාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා සිටි අසීරු තත්ත්වය තව දුරටත් තෙවැනි දිනයේ දී ද ගෙන යමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 185කට සීමා විය. මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොදෙව්වන් හමුවේ ලබා ගත් අඩුම ලකුණු අතර තෙවැනි තැන ගත් අතර ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. මීට ප්‍රථම 2008 වසරේ දී ඔවුන් ලබා සිටි අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ සියලුම දෙනා දැවී 268යි.
සම්පූර්ණ වාර්තාව: බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව 360ක් පිටුපසින්
කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් රිදී දිනති

එහි දී මීටර් 400 බාලක ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශනත්, එම ඉසව්වේම රිදී පදක්කම පසිඳු කොඩිකාරත්, මීටර් 400 බාලිකා ඉසව්වේ රිදී පදක්කම ඩිලිෂි කුමාරසිංහත් සහ මීටර 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම අමාෂා ද සිල්වා විසිනුත් දිනා ගන්නා ලදි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා යෞවනයෝ ආසියාවේ දැවැන්තයින් හමුවේ රන් රිදී දිනති





















