කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
රග්බි –
ඩී. එස්. ක්‍රීඩකයෝ වෙස්ලි හමුවේ පරාජය වේ

පසුගිය සතියේ දී පැවති තරගයෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය හමුවේ ලකුණු 19-17ක් ලෙස පරාජය වූ අතර වෙස්ලි විද්‍යාලය ලකුණු 33-17ක් ලෙස සාන්ත පීතර විද්‍යාලය හමුවේ පරාජය වෙමින් මෙම තරගයට අවතීර්ණ විය. එබැවින් මේ කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් එකක් විය.
අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 00 – 05 (1T) වෙස්ලි විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: මුර්ශිඩ් සුබෙයිර් (වෙස්ලි විද්‍යාලය)
සම්පූර්ණ වාර්තාව: එක් උත්සාහක දිනුමකින් ඩී. එස් හමුවේ වෙස්ලි ජය ගනී
ලුම්බිණි ක්‍රීඩකයෝ තර්ස්ටන් ආක්‍රමණය මැඩපවත්වයි

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය (3T,2C,2P) 25 – 12 තර්ස්ටන් විද්‍යාලය (2T,1C)
ThePapare.com තරගයේ වීරයා – සාගර සම්පත් (ලුම්බිණි විද්‍යාලය)
සම්පූර්ණ වාර්තාව: අපරාජිත කිරුළ රැක ගනිමින් ලුම්බිණි ක්‍රීඩකයින් තර්ස්ටන් මෙල්ල කරයි
ක්‍රිකට් –
වේල්ස් කුමරුවන් අවසන් අටට

එම තරගයේ එක් ඉනිමක් අවසන් වූ පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගයේ ජයග්‍රහණය ලබා දුන්නේ කාසියේ වාසිය උරගා බැලීමෙනි.
වේල්ස් කුමර විද්‍යාලය – 282 (50): අවිඳු ප්‍රනාන්දු 75, සනෝජ් දර්ශික 67, සවිඳු පිරිස් 36, සුවත් මෙන්ඩිස් 29, විනුජ රන්පුල් 22, චමිඳු විජේසිංහ 3/54, සුහඟ විජේවර්ධන 3/54, ලක්ෂිත රසාංජන 2/33.
සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමරුවන් අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගිය කාසියේ වාසිය
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















