වේල්ස් කුමරුවන් අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගිය කාසියේ වාසිය

430

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (26) ක්‍රියාත්මක වූ අතර සීමිත පන්දුවාර සුපිරි 16 දෙනාගේ තරග වටයේ තරගයක් ලෙස වේල්ස් කුමර විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වූ තරගයෙන් ජයග්‍රහණය කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

එම තරගයේ එක් ඉනිමක් අවසන් වූ පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගයේ ජයග්‍රහණය ලබා දුන්නේ කාසියේ වාසිය උරගා බැලීමෙනි.

දුලිත් – දිල්මිනගේ වික්‍රමයෙන් සාන්ත තෝමස් විද්‍යාලය අවසන් හතරට

සාන්ත තෝමස් විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර අද (25) පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ සීමිත..

සීමිත පන්දුවාර සුපිරි 16 දෙනාගේ තරග වටය

වේල්ස් කුමර විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය, නාලන්ද විද්‍යාලයට එදිරිව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ තෙවන වසරේ වර්ණලාභී ක්‍රීඩකයින් දෙදෙනෙකු වන දකුණතින් පිත්ත හසුරුවන අවිඳු ප්‍රනාන්දු හා සනෝජ් දර්ශික අගනා අර්ධ ශතක දෙකක් ලබා ගන්නා ලදි.

එහි දී කණ්ඩායමේ උප නායක අවිඳු ලකුණු 75කට දැවී යන විට, ඔහුට සහය වූ සනෝජ් ලකුණු 67ක් සිය විද්‍යාල ලකුණු පුවරුවට එකතු කළේය. නායක සවිඳු පිරිස් හා සුවත් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 36ක් හා ලකුණු 29ක් රැස්කර ගත්හ.

අවසානයේ වේල්ස් කුමර විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 282ක් රැස්කර ගත්තේ නාලන්ද විද්‍යාලයට දැඩි පීඩනයක් ලබා දෙමිනි.

දුලාජ්ගේ අර්ධ ශතකය සමඟින් එක්දින තරගයේ ජය ධර්මරාජයට

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූ 112 වන සීමිත පන්දුවාර …..

පන්දු යැවීමේ දී චමිඳු විජේසිංහ හා නාලන්ද විද්‍යාල උප නායක සුහඟ විජේවර්ධන අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

අවසානයේ තරගයට දැඩි වර්ෂාපතනයෙන් බාධා එල්ල වූ අතර අවසානයේ තරග විනිසුරුවරුන් හා කණ්ඩායම් දෙකේ නායකත්වයේ අනුමැතිය ඇතිව තරගයේ ජයග්‍රහණය කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායමට ලබා දීමට තීරණය විය.

ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට කාසියේ වාසිය උරගා බැලුණු අතර වේල්ස් කුමරුවන් අර්ධ අවසන් පූර්ව වටයට කැඳවා ගෙන යමින් කාසිය පෙරළි ගියේය.

වේල්ස් කුමර විද්‍යාලය –  282 (50): අවිඳු ප්‍රනාන්දු 75, සනෝජ් දර්ශික 67, සවිඳු පිරිස් 36, සුවත් මෙන්ඩිස් 29, විනුජ රන්පුල් 22, චමිඳු විජේසිංහ  3/54, සුහඟ විජේවර්ධන 3/54, ලක්ෂිත රසාංජන 2/33.


දෙදින සුහද තරග

මහානාම විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය

කොළඹ කොල්ට්ස් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා සවස 3ට පමණ තරගය අවසන් කළ අතර ඒ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි මහානාම විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 176ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය  දිනාගත් මහානාම විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලයට පළමුව පන්දු යැවීමට අවස්ථාව ලබා දෙන ලදි.

වමතින් පිතිකරණයේ නිරත වන සොනාල් දිනූෂ තරගයේ පළමු දිනය තුළ නොදැවී ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී සසික චන්දිර හා විමුක්ති කුලතුංග කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

මහානාම විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 176/8 (54.4): සොනාල් දිනූෂ 50*, බිෂාන් මෙන්ඩිස් 23, විනුක රුබසිංහ 22, පසිඳු ජනරංජන 21, සසික චන්දිර 3/31, විමුක්ති කුලතුංග  3/61, ප්‍රභාත් මදුසංක 2/28.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය හෙට (27) දෙවන දිනටත් ක්‍රියාත්මක වන අතර මහානාම විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර හෙට පැවැත්වීමට තිබූ දෙදින ක්‍රිකට් තරගයේ අවසන් පූර්ව තරගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<