කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හරීන්ගේ දැවැන්ත කඩුලු සංග්‍රාමයක්

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 34ක් පමණි. එම ඉනිමේ කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට හෝ පිවිසීමට රිච්මන්ඩ් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්හ.
සම්පූර්ණ වාර්තාව: ධනංජය කළ දේ ම හරීන් කරයි
සී. සී. සී. ක්‍රීඩකයින්ට විස්සයි විස්ස අනුශූරතාවය

එන්. සී. සී – 183/7 (20): භානුක රාජපක්ෂ 79, මහේල උඩවත්ත 68, නුවන් තුෂාර 4/32.
සී. සී. සී – 177 (19.3): සචිත් පතිරණ 47, වනිඳු හසරංග 42, අශාන් ප්‍රියන්ජන් 29, චාමික කරුණාරත්න 4/28.
සම්පූර්ණ වාර්තාව: භානුක, උඩවත්ත, චාමික එන්. සී. සී ශූරතාවය කරා මෙහෙයවයි






















