ධනංජය කළ දේ ම හරීන් කරයි

794

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (08) ආරම්භ වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුහද ක්‍රිකට් තරගයේ දී කණ්ඩායම් දෙකම තරගයේ පළමු දිනයේ දී ම තම පළමු ඉනිම් නිමා කර ගත්හ.

මැංගුස් හටන මාර්තු 9 -10 සරේ ගම්මානයේ දී

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 09 සහ 10 දෙදින මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 34ක් පමණි. එම  ඉනිමේ කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට හෝ පිවිසීමට රිච්මන්ඩ් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් නායක ධනංජය ලක්ෂාන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අශේන් බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයන්ට තම දක්ෂතා කරළියට ගෙන ඒමට ධනංජය ලක්ෂාන් සහ සඳුන් මෙන්ඩිස් ඉඩ තැබුවේ නැත.

නායකයා ලෙසින් තමන්ගෙන් ඉටු විය යුතු මෙහෙය අඩුවක් නොමැතිව ඉටු කළ දකුණතින් වේගපන්දු යවන ධනංජය ලක්ෂාන් ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 08ක් පමණක් ලබා දෙමින් දවා ගනිමින් සාන්ත ඇලෝසියස් ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්තේය. ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ දකුණතින් දඟපන්දු යැවූ කමිඳු මෙන්ඩිස් ලකුණු 08කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

අඩු ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිවාදීන් සීමා කළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට පිටියට පිවිසියේ ඉතා පහසු ඉනිමක් ක්‍රීඩා කිරීමට ය. නමුත් ඔවුන්ගේ ඉනිම ද එතරම් සිතූ ලෙසින් ලෙහෙසියෙන් ගොඩ නැගීමට වමතින් දඟපන්දු යැවූ හරීන් බුද්ධිල ඉඩ තැබුවේ නැත. ඔහු රිච්මන්ඩ් ඉනිම අවසන් වන විට ලකුණු 48කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ක්‍රීඩාව, එක්කිරීමට මිස වෙන්කිරීමට නොවේ

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද ටෙස්ට් කඩුලු 800ම මගේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයේ දී ම උවයිස් කානයින් ලබාගත් කඩුලු 5ත් මගේය. ෆාසිල්…

රිච්මන්ඩ් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආදිත්‍ය සිරිවර්ධන ය. ඔහු ලකුණු 68ක් ලබා ගත්තේ ය. ඊට අමතර ව දිලුම් සුධීර ලකුණු 34ක් සහ නායක ධනංජය ලක්ෂාන් ලකුණු 36ක් ලබා ගත්තේ ය. ප්‍රතිවාදී ඉනිමේ සේ ම මෙම ඉනිමේ ද අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට පිවිසීමට නොහැකි වීම කැපී පෙණුනි.

කණ්ඩායම දෙකේ පළමු ඉනිම් නිමාවේ දී තරගයේ පළමු දිනය ද නිමා වීම හේතුවෙන් හෙට (09) උදෑසන සාන්ත ඇලෝසියස් විද්‍යාලය තම දෙවැනි ඉනිමට පිටියට පිවිසෙන්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 168ක් පිටුපසින් සිටිමිනි.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 34 (27.4) ධනංජය ලක්ෂාන් 6/08, සඳුන් මෙන්ඩිස් 3/08

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (67.5) ආදිත්‍ය සිරිවර්ධන 68, දිලුම් සුධීර 34, ධනංජය ලක්ෂාන් 36, හරීන් බුද්ධිල 6/48

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<