එකට IPL ගැහුවා කියලා අපේ හැමදේම කියන්නේ නැහැ – Rahane

319
(IPLT20)

IPL තරගාවලිය ලොව වටා සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම එකම වේදිකාවකට එකතු කරන්නට සමත් වුනත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන විට ඉන් ඵලක් නැති බව ඉන්දීය ටෙස්ට් උපනායක Ajinkya Rahane පවසා සිටිනවා. ඒ එළඹෙන එංගලන්ත – ඉන්දියා තරගාවලිය ගැන අදහස් දක්වමිනුයි.

Rahane පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් Ben Stokes, Jos Buttler හා Jofra Archer වැනි එංගලන්ත ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩාගාරය බෙදා ගත්තත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නැවත ඔවුන්ව හමු විය යුතු නිසා ඔවුන් සමඟ සිය තරග සැලසුම් බෙදා නොගන්නා බවයි.

අපි IPL ක්‍රීඩා කරනවා තමයි, නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව හා IPL සම්පූර්ණයෙන්ම වෙනස්. අපි දන්නවා ඔවුන්ගේ පන්දු යවන්නන් ඉන්දියාවේ දී පන්දු යවන්නේ කොහොමද කියලා. නමුත් ටෙස්ට් තරගවල දී පන්දු යවන්නන් පන්දු යවන්නේ වෙනත් තැන්වල” Rahane පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

Rajasthan Royals කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී Rahane, Buttler, Stokes හා Archer සමඟ ක්‍රීඩා කර තිබෙනවා. “අපි IPL ක්‍රීඩා කරද්දී අප එයාලට අපි ඔක්කොම දේවල් කියන්නේ නැහැ. ඔව්, අපි ඔවුන් එක්ක ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් අපි හැමතිස්සෙම බැලුවේ පෞද්ගලික වශයෙන් උපරිමය කණ්ඩායමට දෙන්න.”

Archer හා Stokes එංගලන්තය වෙනුවෙන් ප්‍රධානතම ක්‍රීඩකයින් වන බව Rahane පවසා සිටිනවා.

“Ben Stokes හා Archer ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔවුන් එංගලන්තය වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරනවා. අපි ක්‍රීඩකයින් ගැනම සිතිය යුතු නැහැ. මම හිතන්නේ අපි ඔවුන්ව කණ්ඩායමක් ලෙස සිතිය යුතුයි කියලා. එංගලන්ත කණ්ඩායම ඉතා සමබර කණ්ඩායමක්. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කළා.”

ඉන්දු – එංගලන්ත තරගාවලිය එළඹෙන සිකුරාදා Chennai හි  MA Chidambaram ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<