“මට සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ” – බොක්සිං රැජිණ, අනූෂාගේ ජීවිත කතාව

2345

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ පළමු කාන්තා බොක්සිං පදක්කමේ හිමිකාරිත්වය දිනා ගැනීමට අනූෂා කොඩිතුවක්කු මේ වන විට අවස්ථාව උදා කරගෙන හමාරය. ඇයගේ පදක්කම නිශ්චිත වශයෙන් කුමක්ද යන්න තවමත් තීරණය වී නොමැති වුනත්, පොදුරාජ්‍ය මණ්ඩලීය ජයග්‍රහණය ද සමඟින් ඈ ආ ගමන් මග ඉතාමත් සුන්දර එකක් නම් නොවේ.

ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා දේශීය බොක්සිං වළල්ලේ අපරාජිත ප්‍රහාරිකාවකි.

ThePapare.com පන්නල පිහිටි ඇගේ සේවාස්ථානයටම ගොස් ඈ ගැන වාර්තාමය රූප කාව්‍යයක් ගොඩනගන විට අනූෂා ගැන නොදත් බොහෝ පිරිසක් මෙරට සිටියේය. එහෙත් අද සියල්ල වෙනස් වී ඇත.

කාන්තා පාර්ශවයට පමණක් නොව සියලුම ලෝවාසීන්ට ඇගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශයන් සුලුපටු නොවේ යැයි අප වටහා ගත් බැවින් ඇයගේ දිවිගමන වාර්තාමය රූප කාව්‍යයක් ලෙස ජනසතු කළේ ඔබට සැම එය නැරඹිය යුතුම කතාවක් වන නිසාවෙනි.  කාන්තාවකට හිමි සුකුමාල ලාලිත්‍ය අතහැර දමමින් ඈ සිය සිහින හඹා ගිය ආකාරය සැබැවින්ම ආදර්ශමත් කතාවකි.

කෙසේ නමුත් ඉහත සඳහන් කළ මේරි කොම්ගේ ප්‍රහාරයෙන් පසුව දෛවයේ සරදමකට මෙන් ඇයට පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ අවසන් සටනේ ප්‍රතිවාදියා ලෙස නැවතත් ඇය හමුවේ.

පොදුරදමඩුලු තරගාවලියේ 45-48 Kg බර පන්තියේ අවසන් පූර්ව තරගය හෙට (11) උදෑසන 7.30 පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇය මෙවර තරග වදින්නේ තනියෙන් නොව සුවහසක් ශ්‍රී ලාංකේය අප සැමගේ උණුසුම් සුබාශිංසන මධ්‍යයේ යී.

අනුෂාගේ දිරිය කතාව නරඹන්න, ඇයට සවියක් වන්න අපත් සමඟ එකතු වන්න.

Video – Part 1

Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 1

ක්‍රීඩාවේ දහසකුත් එකක් මානයන් අන්තර් ඥානයෙන් පූර්වාබෝධ කර ගනිමින් ද, සිය ක්‍රීඩා සිහිනය ස්වයං විනයට සහ කැපවීමට යටත් කරමින් ද, ජීවන ගමනේ පුරුෂයෙකුට කැප කිරීමට ඇති දෑ වෙනුවට කාන්තා ලාලිත්‍යය උකසට තබමින් ද, ඇය එහි කූටප්‍රාප්තිය සටහන් කරන්නේ, සමස්ත කාන්තා ප්‍රජාවට සිතන්නට සහ ඇයගෙන් උකහා ගන්නට බොහෝ දෑ ඉතිරි කරමිනි.

Video – Part 2

Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 2

ක්‍රීඩාවේ දහසකුත් එකක් මානයන් අන්තර් ඥානයෙන් පූර්වාබෝධ කර ගනිමින් ද, සිය ක්‍රීඩා සිහිනය ස්වයං විනයට සහ කැපවීමට යටත් කරමින් ද, ජීවන ගමනේ පුරුෂයෙකුට කැප කිරීමට ඇති දෑ වෙනුවට කාන්තා ලාලිත්‍යය උකසට තබමින් ද, ඇය එහි කූටප්‍රාප්තිය සටහන් කරන්නේ, සමස්ත කාන්තා ප්‍රජාවට සිතන්නට සහ ඇයගෙන් උකහා ගන්නට බොහෝ දෑ ඉතිරි කරමිනි.

  • පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<