කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සහෝදරයින්ගේ එක්දින තරගයේ දී පන්සිළුගෙන් නොදැවී 70ක්

කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාල නායක නිපුන් ලක්ෂාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඔවුන් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 247ක් රැස්කර ගත්තේය.
තර්ස්ටන් විද්‍යාලය – 247/9 (50): පන්සිළු දේශාන් 70*, නිමේෂ් පෙරේරා 41, යෙශාන් වික්‍රමාරච්චි 36, ඉමේෂ් විරංග 33, මදුෂික සඳරුවන් 5/36, සංජුල බන්ඩාර 2/38.
ඉසිපතන විද්‍යාලය – 172 (46.3): අශේන් ගුණවර්ධන 32, සංජුල අබේවික්‍රම 27, සඳරු ඩයස් 3/44, අයේෂ් හර්ෂණ 2/17.
සම්පූර්ණ වාර්තාව: තර්ස්ටන්වරුන් ඩබ්. ඒ. ද සිල්වා කුසලානය දිනති
චන්දිමාල්ගේ සොයුරු නිර්මාල් ශතකයක් වාර්තා කරයි

තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ උප නායක ලහිරු හිරන්‍ය නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණේ තරගයේ අවසන් මොහොතේ ශතකයක් වාර්තා කළ ආනන්ද විද්‍යාලයේ කමේෂ් නිර්මාල් ය.
සම්පූර්ණ වාර්තාව: අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ
තේරීම් කමිටුවේ අවධානය දිනාගත් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්

.
සම්පූර්ණ වාර්තාව: මාලිංග, සීක්කු කඩුලු දඩයමක; රඹුක්වැල්ල පිත්තෙන් දස්කම් අතරට






















