මාලිංග, සීක්කු කඩුලු දඩයමක; රඹුක්වැල්ල පිත්තෙන් දස්කම් අතරට

2444

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය හා සංවිධානය මත පවත්වනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (4) කටුනායක දී හා කොළඹ ක්‍රිකට් සමාජ (CCC) පිටියේ දී පැවැත්විය. එහි දී ඩිල්ශාන් මුණවීර හා රමිත් රඹුක්වැල්ල දක්ෂ පිතිකරණයක නිරත වෙද්දී ලහිරු මදුසංක කඩුලු 4ක් දවා ගනිමින් සිය දස්කම් දක්වන ලදි.

ඒ අතුරෙන් ජයග්‍රහණ ලබාගත් කොළඹ ක්‍රිකට් සමාජය, එන්. සී. සී, ටැමිල් යූනියන් හා යුද හමුදා යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

කලකට පසු තිරිමාන්න විස්සයි විස්ස හොල්ලයි; ජය රාගමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතයට දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට්…

බදුරලිය හා කොළඹ ක්‍රිකට් සමාජය

කටුනායක නිදහස් වෙළඳ කලාප තණතීරුව මත කාසියේ වාසිය දිනාගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම් නායක අශාන් ප්‍රියංජන් පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදී බදුරලිය කණ්ඩායමට ඇරයුම් කළේය.  

බදුරලිය කණ්ඩායම වෙනුවෙන් සංජය චතුරංග ලකුණු 21ක් ලබාගත් අතර අනෙකුත් පිතිකරුවන් හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ලහිරු මදුසංක ඇතුළු පන්දු යවන්නන් අවසර නොදුනි.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලහිරු මදුසංක කඩුලු 4යි. පිළිතුරු ඉනිම දියත් කළ කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ ඩිල්ශාන් මුණවීර පන්දු 51ක් තුළ ලකුණු 70*ක් රැස්කර ගත්තේ  4 පහර 6ක් හා 6 පහර 5ක් සමඟිනි. අවසානයේ ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. නායක අශාන් ප්‍රියංජන් ලකුණු 34යි.  

බදුරලිය – 107/9 (20): සංජය චතුරංග 21, හශාන් උපේන්ද්‍ර 15, නදීර නාවල15, ලහිරු මදුසංක 4/15, ලහිරු ගමගේ 2/26.

කොළඹ ක්‍රිකට් සමාජය – 108/2 (12.3): ඩිල්ශාන් මුණවීර 70*, අශාන් ප්‍රියංජන් 34, සංජය චතුරංග 1/10.

තරග ප්‍රතිඵලය – කොළඹ ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයක්

84 වැනි සාන්තුවරයන්ගේ සටනේ වීරයා ජෙහාන් ඩැනියල්

සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ 84 වන සාන්තුවරයන්ගේ මහා සටන අද (3) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී 62 වන වරටත් ජය පරාජයෙන්…

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා එන්. සී. සී

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කෝල්ට්ස් නායක දිල්රුවන් පෙරේරා කටුනායක තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට එන්. සී. සී කණ්ඩායමට ඇරයුම් කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ අවසන් ප්‍රතිඵලය තීරණය වීමට යම් ඉඩකඩක් තිබූ නිසාවෙනි.

එන්. සී. සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 46*ක් ලබාගෙන ඔවුන්ගේ කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 165ක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. ෆර්වීස් මහරූෆ් හා ඇන්ජලෝ පෙරේරා පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 34ක් ලබා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ කෝල්ට්ස් ඉනිම ලකුණු 159කට සීමා කිරීමට එන්. සී. සී කණ්ඩායම් අත්දැකීම් බහුල පන්දු යවන්නන් දෙදෙනෙක් වන ලසිත් මාලිංග හා චතුරංග ද සිල්වා සමත් වූයේ කඩුලු 3 බැගින් දවා ගනිමිනි. කෝල්ට්ස් ඉනිමේ වැඩි ලකුණු ලාභියා බවට පත්වූයේ සධීර සමරවික්‍රමයි.

එන්. සී. සී – 165/6 (20): චතුරංග ද සිල්වා 46*, ෆර්වීස් මහරූෆ් 39, ඇන්ජලෝ පෙරේරා 34, ලහිරු උදාර 22, දිල්රුවන් පෙරේරා 2/23, ප්‍රභාත් ජයසූරිය 2/24.

කෝල්ට්ස් – 159/8 (20): සධීර සමරවික්‍රම 35, සහන් ආරච්චිගේ 33, ප්‍රියමාල් පෙරේරා 28, ලසිත් මාලිංග 3/14, චතුරංග ද සිල්වා 3/27.

තරග ප්‍රතිඵලය – එන්. සී. සී කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක්

ටැමිල් යූනියන් හා රාගම ක්‍රිකට් සමාජය

කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ රාගම ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. රාගම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට සමත් වූයේ  ජනිත් ලියනගේ වන අතර ඔහු ලකුණු 34කට දැවී ගියේය. සමීර සොයිසා ලකුණු 26යි. බිනුර ප්‍රනාන්දු හා දිස්නක මනෝජ් කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 150ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට වමතින් පිත්ත හසුරුවන රමිත් රඹුක්වැල්ල සමත් විය. එහි දී ඔහු විසින් පන්දු 40ක් තුළ නොදැවී ලකුණු 68*ක් ලබාගත්තේ 4 පහර 4ක් හා 6 පහර 5ක් සමඟිනි. ඔහු හට අගනා සහයක් දුන් දිනුක වික්‍රමනායක පන්දු 37ක් තුළ ලකුණු 61ක් ලබා ගන්නා ලදි.

රාගම ක්‍රිකට් සමාජය – 149/6 (20): ජනිත් ලියනගේ 34, සමීර ද සොයිසා 26, අක්ශු ප්‍රනාන්දු 22, බිනුර ප්‍රනාන්දු 2/21, දිස්නක මනෝජ් 2/22.

ටැමිල් යූනියන් – 150/1 (14.4): රමිත් රඹුක්වැල්ල 68*, දිනුක වික්‍රමනායක 61.

තරග ප්‍රතිඵලය – ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 9ක ජයක්

උප නායකයෝ සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය සියතට ගනිති

නායකයන් පසෙක සිටිය දී දෙපිළේම උප නායකයන් තමන්ගේ තරගයක් බවට පත් කර ගත් කොළඹ ආනන්ද – නාලන්ද 89 වැනි සුලෝහිත සංග්‍රාමය කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස…

යුද හමුදාව හා මුවර්ස් ක්‍රීඩා සමාජය

යුද හමුදා කණ්ඩායමට ලකුණු 34ක ජයග්‍රහණයක් හිමි වූ මේ තරගය කොළඹ ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනාගත් යුද හමුදා කණ්ඩායම පන්දු 18යි පන්දු 4ක් තුළ ලකුණු 129කට සීමා කිරීමට තරිඳු රත්නායක ඇතුළු මුවර්ස් පන්දු යවන්නන් සමත් විය. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ හා ජනිත් සිල්වා පිළිවෙළින් ලකුණු 31ක් හා ලකුණු 27ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියේය.

පිළිතුරු ඉනිම දියත් කළ මුවර්ස් කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 95ක් වන අතර කෝසල කුලසේකර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 40ක් ලබා ගනිමිනි. පන්දු යැවීමේ දී ජනිත් සිල්වා හා සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

යුද හමුදාව – 129 (18.4): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, ජනිත් සිල්වා 27, තරිඳු රත්නායක 3/21, කෝසල කුලසේකර 2/22, සහන් අදීශ 2/37.

මුවර්ස් – 95 (18.4): කෝසල කුලසේකර 40, ජනිත් සිල්වා 3/03, සීකුගේ ප්‍රසන්න 3/19, සංජික රිද්ම 2/17.

තරග ප්‍රතිඵලය – යුද හමුදා  කණ්ඩායමට ලකුණු 34ක ජයක්

මෙහි අවසන් පූර්ව තරග ලබන 7 වැනිදා පැවැත්වෙන අතර එම තරග ThePapare.com හරහා මෙන්ම ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 ඔස්සේ සජීව ලෙස නැරඹීමට හැකිය. එහි තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<