කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
රිනවුන් අත තිබූ ශූරතාවය කොළඹට

- සම්පූර්ණ කාලය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 කොළඹ පාපන්දු සමාජය
- ThePapare.com තරගයේ වීරයා – රව්මි මොහිදීන් (කොළඹ පාපන්දු සමාජය)
සම්පූර්ණ වාර්තාව: ශූරයින්ගේ කුසලානය අඛණ්ඩව තුන්වන වරටත් කොළඹට
B කාණ්ඩයේ කාලසටහන නිකුත් වේ

B කාණ්ඩයේ සිටින ප්‍රබලයින් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය සඳහන් කළ හැකිය. ඒ අතුරෙන් විද්‍යා විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය ගියවර ඔවුන්ට අහිමි වී ගිය A කාණ්ඩයේ ස්ථාන යළිත් දිනා ගැනීම උදෙසා කරට කර සටන් කරනු ඇත.
සම්පූර්ණ වාර්තාව: B කාණ්ඩයේ තරග කාලසටහන නිකුත් වේ
පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

එහි පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14) ප්‍රතිවාදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට සමත් විය. එම ජයග්‍රහණය පිටුපස සිටිමින් දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කළ ධනංජය ලක්ෂාන් ඊයේ නොදැවුණු විශිෂ්ට ශතකයක් වාර්තා කර ගනිමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවේය.
සම්පූර්ණ වාර්තාව: කමිඳු – ලක්ෂාන් විශිෂ්ට සබඳතාවය නිසා නවසීලන්තයේ දී සිංහ කොඩිය රැව්දේ!
මිලන්තගෙන් සුපිරි දස්කම්

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගැනීමට හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බදුරලිය ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත්කම් දැක්වූහ. ඒ අතරතුර ඊයේ දිනයේ සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන කුසලතා පූර්ණ යොවුන් පිතිකරුවෙකු වන ලහිරු මිලන්ත ඉනිම දෙකේ දී ම ශතක රැස්කර ගැනීමයි.
සම්පූර්ණ වාර්තාව: ලහිරු මිලන්තගෙන් එකම තරගයක දී විශිෂ්ට ශතක දෙකක්!





















