10වැනි සතියේත් යුද හමුදාව පෙරමුණේ

388
Dialog Champions League 2016 week 10 round up

තවත් තරග සතියක නිමාව සටහන් කරමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගවාලියේ පැවති තරග කිහිපයකින් බ්ලු ස්ටාර්, යුද හමුදා, රිනවුන්, පොලිස් සහ මාතර සිටි ක්‍රීඩා සමාජයන් ජය වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: සොලිඩ් හමුවේ කොළඹ සමාජයට පරාජයක්


සිවිල් ආරක්ෂක සහ මාතර සිටි ක්‍රීඩා සමාජ

පසුගිය අගෝස්තු 09වැනිදා සිටි පාපන්දු සංකීර්ණයේදි පැවති මෙම තරගයෙන් 02-00 ලෙසින් ජය වාර්තා කිරීමට මාතර ක්‍රීඩකයින් සමත් විය. එහිදි ප්‍ර‍තිවාදීන්ට කිසිදු ලකුණක පහස විදීමට ඉඩ ලබා නොදුන් මාතර ක්‍රීඩකයින් ගෝල දෙකක් වාර්තා කරන්නේ තරගයේ 38වැනි සහ 89වැනි මිනිත්තුවලදීය. එම ගෝල ද්විත්වය පිලිවෙලින් ඔචුකො ෆ්‍රැන්ක් සහ කේ. ඩබ්. පී. ඒ. නිර්වින්ද විසින් ලබා ගන්නා ලදි.

තරගයේදි ඩී. එම්. ටී. ඩිලන්ත හට තරගයේ 45වැනි මිනිත්තුවේදි රතු කාඩ්පතක් නිකුත් කරන ලදි.

එෆ්. බි. සී. සම්පත් යන සිවිල් ආරක්ෂක ක්‍රීඩකයාට තරග තීරක කහ කාඩ්පතක් ලබා දෙන ලදි.

අවසන් ලකුණු – සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය 00 : 02 මාතර ක්‍රීඩා සමාජය


සුපර් සන් සහ පොලිස් ක්‍රීඩා සමාජ

අගෝස්තු 10 වැනිදා කළුතර වර්නැන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේ දි 01 – 00 ලෙසින් තරගය ජයග්‍ර‍හණය කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.  වාර්තා කල ගෝලය පොලිස් ක්‍රීඩක මොහොමඩ් සෆායික් වාර්තා කලේ තරගයේ 69වැනි මිනිත්තුවේදි ය.

තරගයේදි බොන්සු ක්වාබෙනා, මොහොමඩ්  ෆාඩිල්, මොහොමඩ් ෆාහිම් යන සුපර් සන් ක්‍රීඩකයින් හටත් වයි. එම්. හෙට්ටිආරච්චි, මොහොමඩ් සුෆායික්, නිලන්ත පතිරණ, නුවන්ත චාරක සහ සුජිත් සංජීව යන පොලිස් ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කිරීමට තරග තීරකවරයා තීරණය කරන ලදි.

අවසන් ලකුණු – සුපර් සන් ක්‍රීඩා සමාජය 00 : 01 පොලිස් ක්‍රීඩා සමාජය


රිනවුන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ

මෙම තරගයේ දි 01 : 00 ලෙසින් ජයග්‍ර‍හණය වාර්තා කලේ රිනවුන් ක්‍රීඩා සමාජයයි. තරගය අගෝස්තු 13 වැනිදා කැළණිය පාපන්දු ක්‍රීඩා පිටියේදි පැවති අතර වාර්තා වු එකම ගෝල රිනවුන් ක්‍රීඩක ජොබ් මයිකල් විසින් ලබා ගන්නා ලදි.

තරගයේදි ෆාසුල් රහුමාන් යන රිනවුන් ක්‍රිඩා සමාජ ක්‍රීඩකයාට කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – රිනවුන් ක්‍රීඩා සමාජය 01 : 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය


සෝන්ඩර්ස් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ

ජය පැරදුමකින් තොරව මෙම තරගය නිමාව දුටුවේ 14වැනි දා කැළණිය පාපන්දු පිටියේදියි. තරග ගෝල 01:01 ලෙස නිමා ව දුටු අතර සෝන්ඩර්ස් ගෝලය ට්‍රාඔරේ මොහොමඩ් විසින් 51වැනි මිනිත්තුවේදි වාර්තා කල අතර නාවික හමුදා ගෝලය වාර්තා වන්නේ තරගයේ 59වැනි මිනිත්තුවේදි නාලක රොෂාන් විසින් වාර්තා කරන ලදි.

නාවික හමුදා ක්‍රීඩක චලන චමීර සහ චමීර ක්‍රිෂාන්ත හටත් සෝන්ඩර්ස් ක්‍රීඩක ඉසුරු පෙරේරා හටත් කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 01 : 01 නාවික හමුදා ක්‍රීඩක


කොළඹ සහ යුද හමුදා සමාජ

කරට කර පැවති තීරණාත්මක තරගයකින් පසුව යුද හමුදා කණ්ඩායම 02 : 00 ලෙසින් ජයග්‍ර‍හණය වාර්තා කිරීමට සමත් විය. තරගයේ 15 වැනි මිනිත්තුවේදි සජිත් කුමාර විසින් ප්‍ර‍ථම ගෝලය වාර්තා කරන අතර දෙවැනි ගෝලය 90+1 මිනිත්තුවේදි තිවංක චන්ද්‍රසේකර විසින් වාර්තා කරන ලදි.

තරගය අතරතුරදි මොහොමඩ් ෆාසිල්, ලක්ෂිත ජයතුංග සහ අසිකුර් රහුමාන් යන යුද හමුදා ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – කොළඹ පාපන්දු සමාජය 00 : 02 යුද හමුදා ක්‍රීඩා සමාජය


බ්ලු ස්ටාර් සහ සොලිඩ් ක්‍රීඩා සමාජ

මෙම තරගයද නිමා වන්නේ ගෝල 02-00 ලෙසින් බ්ලු ස්ටාර් සමාජයට ජයග්‍රහණය හිමිවෙමිනි. ප්‍රතිවාදීන් අසරණ කරමින් ප්‍රථම ගෝලය වාර්තා කරන්නේ 29 වැනි මිනිත්තුවේදි ඉදුවෝ හමීඩ් විසිනි. ඉන්පසුව 84 වැනි මිනිත්තුවේදි මොහොමඩ් ඉර්ෂාන් දෙවැනි ගෝලය බ්ලු ස්ටාර් වෙනුවෙන් රැස් කරන ලදි.

තරගයේදි මොහොමඩ් ඉර්ෂාන් සහ ඊ. බී. චන්න යන බ්ලු ස්ටාර් ක්‍රීඩකයින් හටත් සොලිඩ් ක්‍රීඩක තරින්දු ලියනගේ හටත් කහ කාඩ්පත් නිකුත් කරන ලදි. තරගය අගෝස්තු 14වැනිදා කළුතර වර්නැන් ෆර්නැන්ඩෝ ක්‍රීඩාංගණයේදි පැවැත් විය.

අවසන් ලකුණු – බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය 02 : 00 සොලිඩ් ක්‍රීඩා සමාජය

මෙම තරගාවලියේදි මේ වන විට කණ්ඩායම් තරග අංශය (Group Stage) සාර්ථකව අවසන් වී අැති අතර A සහ B කාණ්ඩයන් හි ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම කණ්ඩායම් වන මාතර සිටි, සිවිල් අාරක්ෂක, ජාවා ලේන් සහ තිහාරිය යූත් යන ක්‍රීඩා සමාජ පළමු කාණ්ඩයෙන් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් පෙල අතර සිටින කණ්ඩායම් වන යුද හමුදා, සොලිඩ්, කොළඹ පාපන්දු, බ්ලු ස්ටාර්, රිනවුන්, නිව් යන්ග්ස් සහ නාවික හමුදා යන ක්‍රීඩා සමාජ සුපිරි 8 දෙනාගේ තරග සඳහා සහභාගී වනු අැත. ඉන්පසුව ශූරයින්ගේ වටය අාරම්භ වන අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

point table week 10