100m ඉසව්වෙන් ඇමරිකානුවන්ට 1, 2, 3

3582

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇමරිකානු ධාවකයන් තිදෙනෙකු විසින් මීටර් 100 ධාවන ඉසව්වේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත් වුනා. එවැන්නක් සිදුව ඇත්තේ 1991 වසරට පසුවයි.

Fred Kerley (ෆ්‍රෙඩ් කර්ලි), Marvin Bracy (මාවින් බ්‍රේසි), Treyvon Bromell (ට්‍රේවෝන් බ්‍රොමෙල්) පිළිවෙළින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තා. සත්කාරකයන් වශයෙන් ද ඔවුන්ට එම ජයග්‍රහණය සුවිශේෂී වූයේ ලෝක ශූරතා තරගාවලිය එහි දී පැවැත්වෙන්නේ පළමු වරට වීම නිසයි.

රන් දිනූ Kerley තත්පර 9.86කින් ඉසව්ව අවසන් කළා. Bracy සහ Bromell දෙදෙනාම තත්පර 9.88ක් තුළ ඉසව්ව අවසන් කළත්, තත්පරයකින් 2000න් එකක පමණ තියුණු පරතරයකින් Bracy රිදී පදක්කම දිනා ගත්තා.

ශ්‍රී ලංකාවේ ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මූලික තරගවලට සහභාගී වී පස්වැනි ස්ථානය දිනා ගත්තා. කෙසේ වෙතත් අවසන් තරගය ඇමරිකානුවන් තිදෙනෙකුගේ ජයග්‍රහණවලින් අවසන් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<