දේශීය ක්‍රිකට් තරගාවලි අතුරින් ප්‍රමුඛ තැනක් ගන්නා අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (22) ආරම්භ විය.
එහි දී අගනා ශතකයක් වාර්තා කර ගත් දේශාන් ඩයස් සහ ශතකය අභියස සිටින ජනිත් ලියනගේ පිත්තෙන් සුපිරි දක්ෂතා අතරට පිවිසි අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සචිත්‍ර සේනානායක කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් ප්‍රකට කළේය.
කරට කර සටනක ඇරඹුමක්
“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරඟාවලියේ B කොටසේ දෙවන සතියේ තරඟ කිහිපයක්ම අද (22) ක්‍රියාත්මක වූ අතර ලංකන්ස් ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තියුණු තරඟයක්…
NCC කණ්ඩායම සහ BRC කණ්ඩායම අතර තරගය

මීට අමතරව BRC කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරගයේ දී ශතකයක් රැස්කළ රුමේෂ් බුද්ධික අද ලකුණු 38ක් රැස්කර ගත්තේය. මේ හේතුවෙන් BRC කණ්ඩායමට තම මුල් ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 244ක් රැස්කර ගැනීමට හැකි විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන NCC පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටියි.
BRC – සියල්ලන්ම දැවී ලකුණු 244 (පන්දුවාර 77.4) : දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සුරාජ් රන්දිව් 24, සනිත ද මෙල් 22, ලසිත් ඇඹුල්දෙණිය 6/59, ලහිරු කුමාර 2/34, තරිඳු කෞෂාල් 2/64.
NCC – එක් කඩුල්ලක් දැවී ලකුණු 34 (පන්දුවාර 10)
රාගම ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය
කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් පිළේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් රාගම ක්‍රිකට් සමාජය අද දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 218ක් ලබා සිටියි. ඔවුන්ගේ බොහෝ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට අසමත් වූ අද දිනයේ කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර දුන්නේ දිනය නිමා වන විට නොදැවී ලකුණු 98ක් රැස් කරගෙන සිටින ජනිත් ලියනගේ විසිනි.
මීට අමතරව ලහිරු තිරිමාන්න ලකුණු 80ක් රැස්කර ගත්තේය. දේශීය පිටියේ දස්කම් පාන පන්දු යවන්නෙකු වන මොහොමඩ් ඩිල්ශාඩ් ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත්තේය.
රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 218 (පන්දුවාර 58.3): ජනිත් ලියනගේ 98*, ලහිරු තිරිමාන්න 80, මොහොමඩ් ඩිල්ශාඩ් 5/60, සාලිය සමන් 2/43.
යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය
 
පෙර තරගයේ දී ද දක්ෂතා අතරට පිවිසි කසුන් ද සිල්වා අදත් ලකුණු 72ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ජීවන් මෙන්ඩිස් කඩුලු 3ක් දවාලීය.
යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 286 (පන්දුවාර 93.2): ලක්ෂිත මධුෂාන් 87, කසුන් ද සිල්වා 72, ජනිත් සිල්වා 54, නවෝද් ඉලුක්වත්ත 21, ජීවන් මෙන්ඩිස් 3/42.
ඉතිහාසය අලුත් කළ තරගයක්; අජන්ත මෙන්ඩිස් නැවතත් ක්‍රිකට් පිටියට
SLC ප්‍රිමියර් ලීග් A කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තරග පසුගිය සතියේ දී නිමාවට පත්වූ අතර අනෙක් පසින් එහි B කාණ්ඩයේ තරගාවලියේ තරග පසුගිය සතියේ දී ආරම්භ…
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය
CCC පිළේ සත්කාරකත්වය යටතේ අද ඇරඹුණු මෙම තරගයේ මුල් ඉනිමේ වාසිය ද මේ වන විටත් අත්පත් කරගෙන සිටින්නේ CCC කණ්ඩායමයි. ඒ ඔවුන්ගේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ප්‍රථම ඉනිම ලකුණු 89කට සීමා කරමිනි.
ඒ වෙනුවෙන් ලහිරු ගමගේ සහ මනෙල්ක ද සිල්වා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 5කට ලකුණු 192ක් රැස් කරගෙන සාර්ථක වී සිටියි. වනිඳු හසරංග නොදැවී ලකුණු 70යි.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 31.5): ප්‍රියමාල් පෙරේරා 26, කවිශ්ක අන්ජුල 24, මනෙල්කර් ද සිල්වා 3/13, ලහිරු ගමගේ 3/29, අශාන් ප්‍රියන්ජන් 2/01, ලක්ෂාන් සඳකැන් 2/05.
කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 192 (පන්දුවාර 49): වනිඳු හසරංග 70*, මාධව වර්ණපුර 37*, රොන් චන්ද්‍රගුප්ත 29, කුසල් මෙන්ඩිස් 25, කවිශ්ක අන්ජුල 5/44.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය
බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී SSC ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දෙමින් සිටින සත්කාරකයින් කඩුලු 7ක් දැවී ලකුණු 231ක් ලබා සිටියි. ඒ වෙනුවෙන් ලහිරු ජයකොඩි ලබාගත් ලකුණු 86 බ්ලූම්ෆීල්ඩ් ඉනිම ගොඩ නැගීමේ දී අතිශයින්ම වැදගත් විය. පන්දු යැවීමේ දී දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක කඩුලු 5ක් දවා ගත්තේය.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 231 (පන්දුවාර 73): ලහිරු ජයකොඩි 86, ලහිරු සමරකෝන් 32*, නිපුන් හග්ගල්ල 25, අදීශ නානායක්කාර 23, සචිත්‍ර සේනානායක 5/69, කසුන් මධුශංක 2/43.
මෙම සියළුම තරග හෙට දෙවැනි දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වේ.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න











