කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.
කඩුලු 6ක ජයක් නවසීලන්තයට
2017 ශූරයින්ගේ කුසලානයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග අතරින් අවසන් පුහුණු තරගය ඊයේ (30) නවසීලන්තයට එදිරිව පැවති අතර එම තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරන්නට නවසීලන්ත කණ්ඩායමට හැකි විය. තරගයේ නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 356ක් ලබා ගත් අතර නවසීලන්තය පන්දුවාර 46 පන්දු 1කින් ඉලක්කය සපුරා ගන්නා ලදී.
ශ්‍රී ලංකාව – 356/8 (50): උපුල් තරංග 110, කුසල් මෙන්ඩිස් 57, දිනේෂ් චන්දිමාල් 55, කුසල් ජනිත් පෙරේරා 38, නිරෝෂන් දික්වැල්ල 25, සීකුගේ ප්‍රසන්න 23, ට්‍රෙන්ට් බෝල්ට් 2/47, ටිම් සවුති 2/48.
නවසීලන්තය – 359/4 (46.1): ටොම් ලතම් 44, මාටින් ගප්ටිල්, 116 කේන් විලියම්සන් 88, කුරේ ඇන්ඩර්සන් 50 *, නීල් බෘම් 37 *, සීකුගේ ප්‍රසන්න 2/63.
සභාපතිකම පාලිතට

සුගත් තිලකරත්න මහතා සහ පාලිත ප්‍රනාන්දු මහතා අතර මෙවර සභාපති ධූරයට තියුණු සටනක් පැවති අතර සුගත් තිලකරත්න මහතා හට ලබා ගත හැකි වූයේ ඡන්ද 32ක් පමණි.
.
සම්පූර්ණ වාර්තාව: මලල ක්‍රීඩා සංගමයේ මහා පුටුවට පාලිත ප්‍රනාන්දු
යුධ හමුදාව පෙරමුණේ

ආධුනික තරගාවලියේ උණුසුම් අර්ධ අවසන් පූර්ව වටය එක් පසෙකින් නිමාවෙද්දී, පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං ශූරතාවය නියෝජනය කරන ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තියේ අවසන් තරගය ද එහි දී පැවති අතර පස්වරක් ජාතික ශූරතාවය දිනූ එස්. බණ්ඩාර ලද පරාජය එහි දී කැපීපෙනිණි.
සම්පූර්ණ වාර්තාව: යුධ හමුදා ප්‍රහාර දැඩි වෙයි





















