මාතර සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිමෙන් ගොඩ යයි

72

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (20) ජය පරාජයෙන් තොරව නිමා විය. 

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති මෙම තරගයේ දී ඇලෝසියස් විද්‍යාලයේ  වමතින් දඟපන්දු යවන සඳුන් මධුශංකගේ දක්ෂතා කැපී පෙනුනි.

සඳුන් මධුශංක නිල්වලා තෝමසුවෝ පාලනය කරයි

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන සඳුන් මධුශංකගේ දක්ෂතා සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්…

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (19) ආරම්භ වූ මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත තෝමස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට වමතින් දඟපන්දු යැවූ සඳුන් මධුශංක සමත් විය. ඔහු ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 23කට දවා ගනිමින් දක්ෂතා දක්වමින් තරගයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය. 

සාන්ත තෝමස් ඉනිම ලකුණු 76කට සීමා කිරීමෙන් අනතුරුව පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය. එම ඉනිම වෙනුවෙන් ඔමල් සදිත් ලකුණු 48ක් ලබා ගත්තේය.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ  පළමු පැය කිහිපය තුල ක්‍රියාත්මක වූ පන්දුවාර 14කුත් එක් පන්දුවක් තුල සාන්ත අලෝසියස් විද්‍යාල පළමු ඉනිම අවසන් කිරීමට සචිර තීක්ෂණ ඇතුළු සාන්ත ඇලෝසියස් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ. නිදුක මල්සිත් නොදැවී ලකුණු 25*ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 146ක් දක්වා රැගෙන ගියේ දෙවන දිනය තුල ඔවුන්ගේ විද්‍යාල ලකුණු සටහන සඳහා ලකුණු 39ක් ද එක්කාසු කරමිනි. 

විශ්‍රාම යන දවස ගැන මාලිංගගෙන් ඉඟියක්!

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා …

ලකුණු 70ක පළමු ඉනිමේ අවාසියක් සමඟින් පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයෝ ඉනිමක පරාජයක් ආසන්නයේ රැඳී සිටි නමුත් වොෂිත අමරසිංහ දියත් කළ සටන්කාමි පිතිකරණය නිසා එම පරාජයෙන් ගැලවීමට සාන්ත තෝමස් විද්‍යාලයට අවස්ථාව උදා විය. ඊට අමතරව නිම්තක භාෂණ (ලකුණු 31) සහ හිරුෂ ජීවජිත් (ලකුණු 21) ලකුණු අතරට පිවිසෙමින් සාන්ත තෝමස් දෙවන ඉනිම සවිමත් කළේය. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ මධුශංක පළමු ඉනිමේ දවාගත් කඩුලු 6ට අමතරව දෙවන ඉනිමේ දී ද කඩුලු 2ක් දවාගනිමින් තරගය පුරාවට කඩුලු 8ක් දවා ගත්තේය. 

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම ද අවසන් වූ නිසා සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හිමිවූ අතර එය හඹා යාමට තරම් කාල වේලාවක් ඉතිරිව නොතිබූ නිසා පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත් වීමට ඇලෝසියස් විද්‍යාලයට සිදු විය.

සාන්ත තෝමස් විද්‍යාලය – 76 (41.1) සඳුන් මධුශංක 6/23, නිඳුක මල්සිත් 2/07. සහ 192 (77.2): වොෂිත අමරසිංහ 75, නිම්තක භාෂණ 31, හිරුෂ ජීවජිත් 21, හර්ෂණ නදීෂ 2/24, බාෂණ ද සිල්වා 2/25, සඳුන් මදුසංක 2/66.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 146 (68.1): ඔමල් සදිත් 48, නිදුක මල්සිත් 25*, කවිඳු දිල්හාර 24, සචිර තීක්ෂණ 4/44, හිරුෂ ජීවදිත් 3/26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<