කහ රතු කාඩ්වලට අමතරව තවත් කාඩ්පතක්?

200

කොරෝනා වයිරසය නිසා තාවකාලිකව අවලංගු කෙරුණු ක්‍රීඩා තරග ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් තවමත් පැහැදිලිව කිව නොහැක. නමුත් මේ වන විට රටවල් කීපයක් මඟින් මෙම වයිරසය සාර්ථකව පාලනය කර ඇති පසුබිමක් තුල යම් යම් තරග නැවත ආරම්භ කිරීමට ක්‍රීඩා ආයතන රැසක් මේ වන විට සැලසුම් සකස් කර ඇත. 

ලෝක රග්බි සම්මේලනයේ ප්‍රකාශකයෙකු පසුගිය දා මාධ්‍ය වෙත පවසා සිටියේ නව නීති වෙනස්කම් කීපයක් මඟින් රග්බි ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් සකස් කරන බවයි. 

>> කොරෝනා අභියෝගය භාර ගත් Super Rugby මෙහෙයුම දිග හැරේ!

රග්බි සම්මේලනය විසින් එලෙස අනුමත කරන ලද නව අත්හදා බැලීමේ නීති අතර නව තැඹිලි කාඩ්පතක් සහ කහ කාඩ්පත නිකුත් කිරීමෙන් අනතුරුව sin bin වෙත යොමුකිරීමෙන් පසු වැඩි කාලයක් එහි රඳවා තැබීම සලකා බලමින් සිටී. 

COVID-19 වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීමේ අපේක්ෂාවෙන් scrum අවස්ථා වල ඇති වන සම්බන්ධතා සීමා කිරීම, maul අවස්ථාවක සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව සීමා කිරීමට සහ rucks වල කාලසීමාව සීමා කිරීමට ද ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් කොළ එළියක් ලබා දී ඇත. 

ලෝක රග්බි සම්මේලනය විසින් මෙම වෙනස්කම් සනාථ කළ නමුත් එක් එක් රටවල් තුල වයිරසය පැතිරීම සහ රජයේ සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පදනම්ව සංශෝධන සහිතව එක් එක් රටවල ක්‍රීඩාව ආරම්භ කිරීමට එම ආයතනය අවසර දී ඇත. ඒ සඳහා සුභවාදී ප්‍රතිචාරයක් දැනටමත් නවසීලන්තයෙන් ලැබී ඇත. 

ලෝක රග්බි සම්මේලනය විසින් ක්‍රීඩකයන් tackle කිරීමේ දී හුස්ම හිරවන ආකාරයෙන් ක්‍රීඩකයන් වැළැක්වීම තහනම් කිරීමටත්, ක්‍රීඩකයන්ට ප්‍රතිවාදීන්ගේ ශරීරයේ පහල කොටස සමඟින් පමණක් ස්පර්ශ කිරීමටත් නිති සකස් කිරීමට අවධානය යොමු කර ඇත. ඒ එමඟින් වයිරසයේ සම්ප්‍රේෂණ වේගය අඩු කිරීම සඳහා ය. Sin bin කාලය විනාඩි පහකින් වැඩි කිරීමට නියමිත අතර ඒ අනුව එය විනාඩි 15 දක්වා වැඩි වේ.

Tackle කිරීම් සම්බන්ධයෙන් ගත් කල, තැඹිලි කාඩ්පතක් හඳුන්වා දීමේ විකල්පයක් ද ඔවුන් විසින් සලකා බලා ඇත. එය නීති විරෝධී ක්‍රීඩක වැළැක්වීමක දී රතු කාඩ්පතක වරදම නිරූපණය කිරීමට නියමිතය. 

මෙම නව නීති අනුව තැඹිලි කාඩ් පත පෙන්වන ක්‍රීඩකයා පිටියෙන් ඉවත් කරනු ලබන අතර එය රතු හෝ කහ කාඩ්පත් වරදක් දැයි තීරණය කිරීම සඳහා TMO හෙවත් රූපවාහිනී විනිසුරු සමාලෝචනයක් විභාග කෙරේ. 

එම පුනරූපන අනුව එම කාඩ්පත රතු කාඩ්පතක් ලෙස සලකන්නේ නම් ක්‍රීඩකයා ආපසු තරගයට නොපැමිණෙයි (දැනට පවතින ආකාරයට). එය කහ කාඩ්පතක් හෝ දඬුවම් පහරක් පමණක් ලෙස සලකන්නේ නම් ක්‍රීඩකයා මිනිත්තු 15කට පසු නැවත පැමිණිය යුතුය.

ක්‍රීඩකයන් වයිරසයට නිරාවරණය වීම අඩු කිරීමේ උත්සාහයක් ලෙස නිතිපතා පන්දුව විෂබීජහරණය සිදු කරන අතර පන්දුවට කෙළ ගැසීම වැළැක්වීම සහ නාසය අසලට ගෙන ඒම වැළැක්වීමට විශේෂ නීති සකස් කෙරෙමින් පවතී. ඒ සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කළ හොඳම සනීපාරක්ෂාව පිළිබඳ පැකේජයක් ද රග්බි සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

“අපගේ ක්‍රීඩා සමාජ සමඟ සහයෝගයෙන් ක්‍රීඩාව තුළ ඇති අවදානම් ප්‍රදේශ පිළිබඳව අපි පුළුල් ලෙස ඇගයීමට ලක් කර තිබෙනවා” යැයි ලෝක රග්බි සභාපති බිල් බියුමාන්ට් පැවසීය. 

>> රග්බි ආරම්භ කරන්න රග්බි සම්මේලනයෙන් උපදෙස් මාලාවක්

ඔවුන් ගන්නා මෙම තාවකාලික පියවර සියලු මට්ටම්වල රග්බි ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂිතව නැවත පැමිණීමට උපකාරී වනු ඇති බවත් ඔහු පවසා සිටියා. 

සමහර රටවල පවතින COVID-19 තත්වයත් සමඟින් ආවරණය වන පරිදි වෙනස් කරන ලද නීතිරීති යටතේ නැවත සකස් කිරීම නතර කිරීමට ලෝක රග්බි සම්මේලනය තීරණය කර තිබේ.

Scrum අවස්ථාවන් ක්‍රීඩාවේ ප්‍රධාන මූලධර්මයකි. එය පසුගිය වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවට ප්‍රධාන සාධකයක් වූ අතර දිගු කලක් තිස්සේ එංගලන්තය සහ ආජන්ටිනාව වැනි ජාතික කණ්ඩායම්වල රග්බි අනන්‍යතාවය හි කොටසක් විය. නමුත් එහි කාර්යක්ෂමතාවය සහ අවදානම සලකා බලා එය අවහිර කිරීමට හෝ සංශෝධන සිදු කිරීමට රග්බි සම්මේලනයේ අවධානය යොමුව ඇත. 

ලෝක රග්බි සම්මේලනයට අනුව එක් තරගයක් තුල සාමාන්‍යයෙන් 3.5 වතාවක් සිදු වන Scrum re-set කිරීම් කිසිදු උල්ලංඝනයක් සිදු නොවන විට ඉවත් කිරීමට තීරණය කර ඇත. ඒ වෙනුවට, පන්දුව හිමිවන කණ්ඩායමට නිදහස් පහරක් ලැබෙනු ඇත.

දඬුවම් පහරක් සඳහා විකල්පයක් ලෙස හෝ නිදහස් පහරක් සඳහා විකල්පයක් ලෙස scrum අවස්ථාවන් නොපවතී. ප්‍රහාරකයෙකු ගෝල සීමාව තුළ රඳවා ගෙන සිටින විට එනම් held up in-goal අවස්ථාවක දී ගෝල සීමාව ආසන්නේ ඩ්‍රොප් ගෝලයක් සඳහා අවසර හිමි වනු ඇත. 

Mauls සම්බන්ධයෙන් ගත් කල, ආරම්භයේ දී ක්‍රීඩකයෙකු එයට සම්බන්ධ නොවූයේ නම් එයට සම්බන්ධ වීමට ඉඩ නොදෙන අතර එක් ඉදිරි චලනයකට පමණක් අවසර ලැබේ.

වර්තමානයේ දී පවතින නීති අනුව විනිසුරුවරයා තත්පර පහකට පසුව පන්දුව මුදා හරින ලෙස ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින අතර නව නීති අනුව පන්දුව තත්පර තුනකට පසුව පන්දුව මුදා හරින ලෙස විනිසුරුවන් ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

COVID-9 හි තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 1,154 දක්වා සහ මරණ සංඛ්‍යාව 21 ලෙස සටහන්ව ඇති නවසීලන්තය මේ වන විට සාර්ථකව වයිරසය පාලනය කර ඇත. ඔවුන් දේශීය සුපිරි රග්බි තරගාවලියක් ජුනි 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එය මාර්තු මාසයේ දී අවලංගු කෙරුණු තරගවලින් පසුව ආරම්භ වන පළමු ප්‍රධාන පෙළේ තරගාවලියයි. එහි සංවිධායකයින් පවසන්නේ එය සාම්ප්‍රදායික නීති යටතේ ක්‍රියාත්මක වන බවයි.

“නවසීලන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු සලකුණක් පේන්න නෑ. එබැවින් මේ නීති යෝජනා සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය අපි අපේක්ෂා කරන්නේ නෑ,” නවසීලන්ත රග්බි ප්‍රධාන විධායක මාක් රොබින්සන් පැවසීය.

“අපි මේ පිළිබඳව ලෝක රග්බි සම්මේලනය සමඟ විවෘතව කටයුතු කරනවා. ඔවුන් අපගේ සුවිශේෂී තත්වය තේරුම් ගෙන තිබෙනවා.” 

ලෝක පාලක මණ්ඩලයේ හිටපු වෛද්‍ය උපදේශක බැරී ඕ ඩ්‍රිස්කොල් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ scrum සහ maul වල වෙනස්කම් සිදු කිරීම මඟින් රග්බි ක්‍රීඩාවේ විශාල කොටසක් ඛාදනය වන බවයි.

>> ලෝක රග්බි ක්‍රීඩාවේ තවත් වෙනසක්

“scrum හි එක් පැත්තක් ඉහළට ගියහොත් කණ්ඩායමක් සඳහා තරඟ ජයග්‍රහණය කළ හැකියි” අයර්ලන්තයේ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වන ඕ ඩ්‍රිස්කොල් පැවසීය. 

“මනෝවිද්‍යාත්මකව එය ප්‍රතිවිරුද්ධ පැත්තට විශාල ආතතියක් වන අතර එය ඉතා හානිකරයි.” 

රග්බි ක්‍රීඩාවට පොදුවේ ගත් කල පාපන්දු හා සසඳන විට දැවැන්ත ගැටළු ඇති බව ඕ ඩ්‍රිස්කොල් පැවසීය. ඒ පන්දුව ක්‍රීඩකයන්ගේ අත්වලට නිතර ස්පර්ශ වන නිසාත් එය COVID-19 සම්ප්‍රේෂණය වන ක්‍රමයක් නිසාත් ය.

රග්බි කැනඩාවේ ප්‍රමුඛ නිලධාරියෙකු වන ලෝක රග්බි කවුන්සිලයේ සාමාජික පැට් පර්ෆ්රි, මාධ්‍ය වෙත කියා සිටියේ ජාත්‍යන්තර මට්ටමේ දී ක්‍රීඩාව සුපුරුදු scrum, rucks සහ maul නොමැතිව ඉදිරියට යාම ගැන ඔහුට සිතා ගත නොහැකි බවයි.

“රග්බි ක්‍රීඩාව යනු අඛණ්ඩතාව පිළිබඳ ක්‍රීඩාවක්. එබැවින් එය සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක් වනු ඇතැයි මම සිතනවා.” 

කැනඩාවේ ප්‍රමුඛ සායනික වසංගත රෝග විශේෂඥයෙකු වන පර්ෆ්රි පැවසුවේ ටැග් රග්බි වැනි ක්‍රීඩාවේ ස්පර්ශ නොවන අනුවාදයක් සහිත පන්දුව ඇති ප්‍රතිවාදියාගේ පටියෙන් ටැගයක් ඇදගෙන ගැටීමක් සිදු කරන ක්‍රීඩා ක්‍රියාකාරකමක් ප්‍රමුඛ ක්‍රීඩා සමාජ සඳහා ආධුනික මට්ටමින් හඳුන්වා දිය හැකි බවයි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<