ගෙවුනු දවස සැප්තැම්බර් 22 – ප්‍රථම දිනයේ වේල්ස් කුමරුවන්ට ශතකයක්

740

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

මුරලි කුසලානයේ දෙවැනි දිනයේ දස්කම්

“මුරලි සමගි කුසාලනය” සඳහා පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක් ඊයේ (22) දිනයේද උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ලකුණු සටහන

රාජකීය විද්‍යාලය – 111/10 (20): හිමේශ් රාමනායක 21, හෙශාන් සංදීප 20, රවින් යසස් 3/14

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම – 112/06 (18): කවිශ දිල්රංග 42, තිලංක රුක්ෂිත 28, හිමේශ් රාමනායක 1/07

සාන්ත ජෝශප් විද්‍යාලය -186/05 (20): පහන් පෙරේරා 57, ශෙවෝන් ප්‍රනාන්දු 43, සංජය මදුරවල 33, සුපුන් පියුමාල් 2/21

මොණරාගල පාසල් සංයුක්ත කණ්ඩායම – 108/10 (18.2): පමදු චතුරංග 22, චේතික නිලන්දූව 13, රුචිර ඒකනායක 3/15

නාලන්දා විද්‍යාලය – 118/10 (18.4): සුහඟ විජේරත්න 51, එන්. ඩී. ආර්. ඒ. කස්තුරිආරච්ච් 14, චතුමින සිල්වා 3/16, චානුක ලක්ෂාන්  3/27

කළුතර මහා විද්‍යාලය – 66/10(16.3): චානුක ලක්ෂාන් 17*, චතුමින සිල්වා 15, සුහඟ විජේරත්න 3/05, සචින්ත සුභසිංහ 3/15

මහින්ද විද්‍යාලය – 126/10 (19.5): රවිදු වැලිහිද 39, කේ. කවීන් 20, විමුක්ති විජේසිරිවර්ධන  3/24

කිංග්ස්වුඩ් විද්‍යාලය – 121/07 (20): තරිදු ලියනගේ 29, අවිශ්ක චන්ද්‍රසිරි 27, රෙශාන් කාවින්ද 2/21

පැවති තරග සියල්ලේම ලකුණු සඳහා කියවන්න ගාල්ලේ මහින්ද විද්‍යාලයට තියුණු ජයක් ලිපිය


දිලංකගෙන් වේල්ස් කුමර විදුහලට ශතකයක්

19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ ඊයේ (22) පැවති තරග සංඛ්‍යාව 4කි. එම තරග වලදී වේල්ස් කුමර විද්‍යාලයේ මිලංක මධුරංග සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මන්ජිත් රාජපක්ෂ ශතක වාර්තා කරමින් දස්කම් දැක්වූහ. පන්දු යවන්නන් අතරින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ සංඛ පූර්ණ ඉනිමකදී කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් පෙන්වන ලදී.

වේල්ස් කුමර විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 305 (පන්දුවාර 65) දිලංක මධුරංග 143, තිලාන් නිමේෂ් 42*, ටෙහාන් ස්චාෆ්ටර් 2/34.

ශාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 49 (පන්දුවාර 25) අවිඳු ෆර්නෑන්ඩු 2/15.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 61.4) හිරුණ ඩිල්ශාන් 57, මාලක ද සිල්වා 46, ශලක බණ්ඩාර 31, සංඛ පූර්ණ 5/54, ලසිත කෲස්පුල්ලේ 2/21.

මාරිස්ටෙලා විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 122 (පන්දුවාර 31) දුෂාන් ගුරුගේ 74*, ශෙහාන් මනීෂ 31, යොහාන් ලියනගේ 2/15.

පැවති අනෙත් සියළු තරගවල ප්‍රතිඵල සඳහා දිලංක, මන්ජිත් ශතක වාර්තා කරමින් ප්‍රථම දිනය වර්ණවත් කරයි ලිපිය කියවන්න


රඹුක්වැල්ල ඇප මත නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ (22) උදෑසන පොලිස් අත්අඩංගුවට පත් වූයේ බීමතින් රිය පැදවීම සහ කොළඹ 7 පිහිටි සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තාප්පයකට අලාභ හානී කිරීම යන වැරදි මූලික කරගනිමිනි. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට ප්‍රථම ඔහුව පොලිස් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.

දවසේ නිමාව