ගාල්ලේ මහින්ද විද්‍යාලයට තියුණු ජයක්

970
Murali Cup 2016 day 2 round up

“මුරලි සමගි කුසාලනය” සඳහා පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක් අද (22) දිනයේද උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

කොළඹ රාජකීය විද්‍යාලය හා සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය පැට්‍රික් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් රාජකීය විද්‍යාල ක්‍රීඩක හිමේශ් රාමනායක ලකුණු 21ක් ලබාගත් අතර ඔහුගේ ඉණිමට එක් 4 පහරක් හා එක් 6 පහරක් ඇතුළත් විය.

රාජකීය විද්‍යාලය – 111/10 (20): හිමේශ් රාමනායක 21, හෙශාන් සංදීප 20, රවින් යසස් 3/14

දෙවනුව පිතිකරණය සඳහා පැමිණි සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම වෙනුවෙන් කවීෂ දිල්රංග ලකුණු 42ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 2ක් හා 6 පහරවල් 2ක් අන්තර්ගත විය.

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම – 112/06 (18): කවිශ දිල්රංග 42, තිලංක රුක්ෂිත 28, හිමේශ් රාමනායක 1/07

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම කඩුලු 6 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


උඩරට පාසල් සංයුක්ත කණ්ඩායම හා යාපනය පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

පළමුව පිත්ත අතට ගත් උඩරට කණ්ඩායම වෙනුවෙන් උපුල් හිටිහාමු ලකුණු 22ක් ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහරවල් 3ක් අන්තර්ගත විය. වසන්තන් ජතුශන් කඩුලු 4ක් දවාලමින් දක්ෂතා දක්වන ලදි.

උඩරට කණ්ඩායම – 93/10 (19): උපුල් හිටිහාමු 22, එම්. එම්. ජී. කේ. අකලංක 22, වසන්තන් ජතුශන් 4/13

අනතුරුව පිටියට පැමිණි  යාපනය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ඉණිමක් දියත් කරමින් 4 පහරවල් 5ක් හා 6 පහරවල් 2ක් සමගින් ලකුණු 52ක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමට රාසු කාජානාත් සමත් විය.

යාපනය කණ්ඩායම – 94/4 (14.1): රාසු කාජානාත් 52, පී. වී. ජී. චානුක 2/18

යාපනය පාසල් සංයුක්ත කණ්ඩායම කඩුලු 6 ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.


මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය හා මොණරාගල පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය B කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය මැදි විදුහල් පිටියේදී නිමාවට පත් විය.

සාන්ත ජෝශප් කණ්ඩායම මෙම තරඟය තුළ දැවැන්ත ලකුණකට ගෙනයාමට පහන් පෙරේරාගේ අර්ධ ශතකය ඉවහල් වූ අතර ඔහුගේ පිත්තෙන් 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් එල්ල විය.

සාන්ත ජෝශප් විද්‍යාලය -186/05 (20): පහන් පෙරේරා 57, ශෙවෝන් ප්‍රනාන්දු 43, සංජය මදුරවල 33, සුපුන් පියුමාල් 2/21

ලකුණු 187ක අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි මොණරාගල කණ්ඩායමට පමුදු චතුරංග හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 සීමාව පසුකිරීමට අපොහොසත් වූ අතර ඔහු ලකුණු 22ක් ලබාගැනීමට සමත් විය.

මොණරාගල පාසල් සංයුක්ත කණ්ඩායම – 108/10 (18.2): පමදු චතුරංග 22, චේතික නිලන්දූව 13, රුචිර ඒකනායක 3/15

තරඟය ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝශප් විද්‍යාලය සමත් විය.


මරදාන සහිරා විද්‍යාලය හා යාපනය මධ්‍ය විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස අවසන් වූ මෙම තරඟය යාපනය මැදි විදුහල් පිටියේදී පැවැත්විණි.

සහිරා විද්‍යාලය වෙනුවෙන් සජිත් සමීර 4 පහරවල් 5ක් සමගින් ලකුණු 37ක් ලබාගෙන තම කණ්ඩායම යම් ස්ථාවර ලකුණකට ගෙනයාමට සමත් විය.

සහිරා විද්‍යාලය – 130/10 (20): සජිත් සමීර 37, මොහොමඩ් ශහදුල්ලා 31 ,ශිවපත්සුන්දරම් අලන්රාජ් 3/33

දෙවනුව පිතිකරණය සඳහා පිටියේ ඉඩ ලබාගත් යාපනය මැදි විද්‍යාලයට සාර්ථක ලෙස පිත්ත එසවීමට අපහසු වන ලෙස හුසේන් අන්ෆාස් කඩුලු 6ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

යාපනය මැදි විදුහල – 84/10 (15.4): ශ්‍රීකාන්ත්රාජ් කොවත්මාන් 15, හුසේන් අන්ෆාස් 6/15

සහිරා විද්‍යාලය ලකුණු 46කින් මෙම තරගාවලියේ තම පළමු ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය.


කොළඹ නාලන්දා විද්‍යාලය හා කළුතර මහා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය C කාණ්ඩයේ තරඟයක් ලෙස කිලිනොච්චියේ දී පැවැත්විණි.

පළමුව පිතිකරණයට අවස්ථාව ලබාගත් නාලන්දා විද්‍යාලය වෙනුවෙන් සුහඟ විජේරත්න මෙම තරඟය තුලද දස්කම් දක්වමින් 4 පහරවල් 8ක් සමගින් ලකුණු 51ක් ලබාගන්නා ලදි.

නාලන්දා විද්‍යාලය – 118/10 (18.4): සුහඟ විජේරත්න 51, එන්. ඩී. ආර්. ඒ. කස්තුරිආරච්ච් 14, චතුමින සිල්වා 3/16, චානුක ලක්ෂාන්  3/27

කළුතර මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වීමට චානුක ලක්ෂාන් සමත් වූ අතර ඔහු නොදැවී ලකුණු 17ක් ලබාගන්නා ලදි.

කළුතර මහා විද්‍යාලය – 66/10(16.3): චානුක ලක්ෂාන් 17*, චතුමින සිල්වා 15, සුහඟ විජේරත්න 3/05, සචින්ත සුභසිංහ 3/15

නාලන්දා විද්‍යාලය ලකුණු 52ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කිලිනොච්චි-මුලතිව් පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය ද C කාණ්ඩයේ තරඟයක් ලෙස කිලිනොච්චියේ දී පැවැත්විණි.

පළමුව පිතිකරණයට අවසර ලබාගත් ඇලෝසියස් කණ්ඩායම වෙනුවෙන් ගොගන චොලන්ගන 4 පහරවල් 3ක් සමඟ ලකුණු 28ක් ලබාගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 109/10 (19.4): ගොගන චොලන්ගන 28, මොහොමඩ් රිශාඩ් 22, සිවකුමාර් ප්‍රතිපන් 4/14

කිලිනොච්චි මුලතිව් පාසල් සංයුක්ත කණ්ඩායම වෙනුවෙන් රගුන්තන් රජ්වන් හා අත්පුත්රාස අනුක්ශාන් ලකුණු 22ක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමට දායකත්වය ලබාදෙන ලදි.

කිලිනොච්චි මුලතිව් පාසල් සංයුක්ත කණ්ඩායම- 110/06 (19.5): රගුන්තන් රජ්වන් 22, අත්පුත්රාස අනුක්ශාන් 22, ජේ. බී. ටී. ආර්. ද සිල්වා 2/05

කිලිනොච්චි මුලතිව් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී  කඩුලු 4 තියුණු ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය D කාණ්ඩයේ තරඟයක් ලෙස මුලතිව් Iodr පිටියේදී පැවැත්විණි. අවසානයේ  මහින්ද විද්‍යාලය ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

රවිදු වැලිහිද පෙර තරගයේ මෙන්ම මෙම තරගයේ ද ලකුණු අතරට පිවිසීමට සමත් විය. ඔහු මෙම තරගයේ දී 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමගින් තම ලකුණු පුවරුව අලංකාරවත් කරන ලදි.

මහින්ද විද්‍යාලය – 126/10 (19.5): රවිදු වැලිහිද 39, කේ. කවීන් 20, විමුක්ති විජේසිරිවර්ධන  3/24

මෙම තරගාවලියේ දැනට අවසන් වූ උණුසුම්ම තරඟය ලෙස මෙම තරඟය හැඳින්විය හැකි අතර තරිදු ලියනගේ 4 පහරවල් 3ක් හා එක් 6 පහරක් සමග ලකුණු 29ක් ලබාගෙන තම ඉණිම අවසන් කරන ලදි.

කිංග්ස්වුඩ් විද්‍යාලය – 121/07 (20): තරිදු ලියනගේ 29, අවිශ්ක චන්ද්‍රසිරි 27, රෙශාන් කාවින්ද 2/21

මහින්ද විද්‍යාලයට ලකුණු 5 තියුණු ජයග්‍රහණයක් හිමිවිය.


ත්‍රිකුණාමල-මඩකළපු පාසල් සංයුක්ත කණ්ඩායම හා මන්නාරම-වව්නියා පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

පළමු පන්දුවට පහරදුන් ත්‍රිකුණාමල-මඩකළපු කණ්ඩායම වෙනුවෙන් මලින්ත මදුෂාන් ලකුණු 38ක් ලබාගත් අතර එම ඉණිමට 4 පහරවල් 5ක් ඇතුළත් විය.

ත්‍රිකුණාමල-මඩකළපු කණ්ඩායම – 138/10 (16): මලින්ත මදුෂාන් 38, අවිශ්ක ශෙහාන් 34, සිවරාජ් රුශාන්තන් 3/24

මෙහිදී ගුන්රාජ් පවුල්රාජ 4 පහරවල් 2ක් සමගින් තම ඉණිම ලකුණු 22ක් දක්වා ගොඩනංවන ලදි.

මන්නාරම-වව්නියා කණ්ඩායම – 46/10 (13.1): ගුන්රාජ් පවුල්රාජ 22, එම්. ශරුෂාන් 2/15

ත්‍රිකුණාමල මඩකළපු කණ්ඩායම ලකුණු 92 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

කාන්තා තරඟ – මාන්කුලම් පිටියේදී,

A කාණ්ඩය – උතුරු නැගෙනහිර කාන්තා කණ්ඩායම හා ශක්ති කණ්ඩායම අතර තරඟය

මෙම තරගයේ දී පී. නිරෝජනී 4 පහරවල් 11ක් සමගින් ලකුණු 47ක් ලබාගෙන  දක්ෂ  ඉණිමක් දියත් කරන ලදි.

උතුරු නැගෙනහිර කණ්ඩායම – 100/06 (15): පී. නිරෝජනී 47, එම්. ජී. එස්. සෙව්වන්දි 2/13

දෙවනුව පිතිකරණය සඳහා පිටියට පැමිණි ශක්ති කණ්ඩායම තම කණ්ඩායමේ ශක්තිමත් බව විදහා දක්වමින් කිසිදු කඩුල්ලක් නොදැවී මෙම තරඟය ජයග්‍රහණය කල අතර මෙහිදී ප්‍රසාදී  විජේසිංහ 4 පහරවල් 6ක් හා එක් 6 පහරක් සමගින් නොදැවී ලකුණ 43*ක් ද ඇයට සහය දුන්, යසාරා ජයවික්‍රම 4 පහරවල් 6ක් සමඟ නොදැවී ලකුණු 38*ක් ලබාගන්නා ලදි.

ශක්ති කණ්ඩායම – 101/00 (11.4): ප්‍රසාදී විජේසිංහ 43*, යසාරා ජයවික්‍රම  38*

ශක්ති කණ්ඩායම කඩුලු 10 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


A කාණ්ඩය – නිට්ටඹුව කාන්තා කණ්ඩායම හා බදුල්ල කාන්තා කණ්ඩායම අතර තරඟය

ශානිකා තරුෂි 4 පහරවල් 7ක් සමගින් නොදැවී ලකුණු 49*ක් ලබාගන්නා ලදි.

නිට්ටඹුව කාන්තා කණ්ඩායම – 122/05 (15): ශානිකා තරුෂි 49*, පබසරා රන්බදු 19, සචිනි උත්තරා  1/18

ඩී. එන්. ටී. කේ. දිසානායක එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු  15*ක් ලබාගෙන  බදුල්ල කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය දක්වන ලදි.

බදුල්ල කාන්තා කණ්ඩායම – 94/06 (15): ඩී. න්. ටී. කේ. දිසානායක  15*, රුවනි මදුශිකා 2/12

නිට්ටඹුව කාන්තා කණ්ඩායම ලකුණු 28ක ජයක් සනිටුහන් කරගන්නා ලදි.


B කාණ්ඩය – මුලතිව් කාන්තා කණ්ඩායම හා පොළොන්නරුව කාන්තා කණ්ඩායම අතර තරඟය

පළමුව පිටියට වර්ණවත් කල මුලතිව් කණ්ඩායම වෙනුවෙන් 4 පහරවල් 7ක් සමඟ ලකුණු 37ක් ලබාගැනීමට ලක්මාලි ප්‍රියදර්ශනී සමත් විය.

මුලතිව් කණ්ඩායම – 119/08 (15): ලක්මාලි ප්‍රියදර්ශනී 37, සිතාර මදුවන්ති 17, ප්‍රදීපා කුමාරි 2/11

4 පහරවල් 9ක් සමගින් තම කණ්ඩායම වේගවත් ලකුණකට ගෙන ගිය කුමාරි විජේරත්න ලකුණු 45ක් තම නාමය ඉදිරියෙන් සටහන් කරගැනීමට සමත් විය.

පොළොන්නරුව කණ්ඩායම – 120/06 (14.1): කුමාරි විජේරත්න 45, සයුරි මල්ශා 25, සිතාර මුදුවන්ති 3/25

මෙම තරගයයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගැනීමට පොළොන්නරුව කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම හෙට (23) පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට