ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර කල් දමයි

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය - 2021

94

මෙම මස දෙවැනි සතියේ දී පැවැත්වීමට නියමිතව තිබූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියරේ තරග ඉසව් දින නියමකින් තොරව කල් දැමීමට තීරණය කළ බව ජාතික මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියා.

එම තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ මේ දිනවල රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව මෙම මස 09 සහ 10 දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය සැලසුම් කළ පරිදි නොපැවැත්වෙන අතර එහි නව දිනයන් ඉදිරියේ දී දැනුම් දීමට නියමිතව ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අදියර කිහිපයකට වෙන් කර පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කළ අතර එහි පළමු අදියර මැයි මාසයේ දී පැවැත්වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<