කොරෝනා වසංගතය නිසාවෙන් නැවතී තිබූ මලල ක්‍රීඩා පිටිය නැවත වරක් උණුසුම් කරමින් සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (30) ආරම්භ වුන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියරේ පළමු දිනය අවසානයේ ජාතික වාර්තාවක් දෙවරක් අලුත් කරන්නට කඩුලු පැනීමේ ක්‍රීඩක රොෂාන් ධම්මික සමත් වුනා.
- කලකට පසු මලල ක්‍රීඩා පිටිය රත් කරන්නට සැරසෙන තරු
- මලල ක්‍රීඩා සංගමයේ සංවත්සරය වෙනුවෙන් විශේෂ තරගාවලියක්
- ආසියානු යොවුන් ශූරතාවයට සුදුස්සන් තේරීම ලබන මාසයේ දී
- සුසන්තිකාගේ වගකීම් දීර්ඝ වෙයි
- ඉන්දියාවේ ගිය මලල ක්‍රීඩා සංචිතයේ කිහිප දෙනෙකුට දඬුවම්
උදෑසන සිට ඇදහැළුණු වර්ෂාවෙන් තරගාවලියේ ඉසව් කිහිපයකට බාධා එල්ල වූ අතර උදෑසන පැවති මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ මූලික තරගවල දී තත්පර 13.97ක කාලයකින් ඉසව්ව අවසන් කළ යුද හමුදාවේ රොෂාන් ධම්මික විසින්, 1997 වසරේ දී මහේෂ් පෙරේරා විසින් එම ඉසව්වේ පිහිටුවා තිබූ තත්පර 14 වාර්තාව බිඳ දමන්නට සමත් වුනා.
සවස් වරුවේ පැවති එම ඉසව්වේ අවසන් තරගයෙන් ද ප්‍රථම ස්ථානය දිනා ගන්නට රොෂාන් සමත් වුනේ තත්පර 13.89කින් ඉසව්ව අවසන් කරමිනුයි. ඉසව්වේ දෙවැනි ස්ථානය I. G. J. I. ලක්විජය (14.62) විසිනුත්, තෙවැනි ස්ථානය කවීෂ බණ්ඩාර (14.68) විසිනුත් ජයග්‍රහණය කළා.
ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන 22 හැවිරිදි දක්ෂ ක්‍රීඩිකාවක් වන අමාෂා ද සිල්වා විසින් මීටර් 200 ඉසව්ව අවසන් කළේ තත්පර 24.08ක කාලයක් සමඟින් ඉසව්වේ හොඳම පුද්ගලික කාලය වාර්තා කරමිනුයි. මීටර් 100 ඉසව්වේ කැපී පෙනෙන දක්ෂතා දක්වන අමාෂාගේ මීටර් 200 හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙස මින් පෙර සටහන් වී තිබුණේ තත්පර 24.47ක් ලෙසයි.
ඉසව්වේ දෙවැනි ස්ථානය මේධානි ජයමාන්න (24.24) විසිනුත්, තෙවැනි ස්ථානය නදීෂා රාමනායක (24.61) විසිනුත් ජයග්‍රහණය කළා.


>> පළමු දිනයේ සම්පූර්ණ ලකුණු සටහන සඳහා පිවිසෙන්න <<
තරගාවලියේ දෙවැනි දිනය හෙට (31) පැවැත්වෙන අතර එදිනට පැවැත්වීමට නියමිත අවසන් වටයේ තරග ඉසව්,
- පිරිමි මීටර් 10,000
- කාන්තා මීටර් 5,000
- රිටි පැනීම – කාන්තා
- මීටර් 100 කඩුලු පැනීම – කාන්තා
- යගුලිය දැමීම – පිරිමි
- මීටර් 3000 බාධක දිවීම – පිරිමි
- මීටර් 400 කඩුලු පැනීම – කාන්තා
- මීටර් 400 කඩුලු පැනීම – පිරිමි
- මිටිය විසිකිරීම – පිරිමි
- උස පැනීම – පිරිමි
- යගුලිය දැමීම – කාන්තා
- මීටර් 1500 – කාන්තා
- මීටර් 1500 – පිරිමි
99 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියරේ සියලුම තරග තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















