ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව් දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 324ක් ලබා සිටියා.
හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමු වටර ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ සිව්දින තරග සඳහා සහභාගී වීමේ වරම් දිනා ගැනීමට දිලුම් සුදීර සහ දුලාජ් සමුදිත සමත් වුණා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), නිශාන් මදුශ්ක, ලහිරු උදාර (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සොනාල් දිනූෂ, රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, දිලුම් සුදීර සහ දුලාජ් සමුදිත.
නවසීලන්තA ක්‍රිකට් කණ්ඩායම
Rhys Mariu (නායක), Curtis Heaphy, Tim Robinson, Dale Phillips, Matthew Boyle, Mitchell Hay (කඩුලු රකින්නා), Ryan Harrison, Peter Younghusband, Tim Pringle, Fraser Sheat සහ Jarrod McKay.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව ඉනිම ආරම්භ කරන්නේ නිශාන් මදුශ්ක සහ ලහිරු උදාර යි.
ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් එක් කරනවා. එහි දී නිශාන් මදුශ්ක පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
අනතුරු ව නුවනිඳු ප්‍රනාන්දු පිටියට එක් වූ අතර ඔහු පන්දු 58ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 21කට දැවී යන්නේ ලහිරු උදාර සමඟින් 2 වැන් කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් කරමිනුයි.
ලහිරු උදාර පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී යනවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පවන් රත්නායක පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27කට දැවී යනවා.
අනතුරු ව ඉනිමේ 5 වැනි කඩුල්ල සඳහා නායක පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ එක් ව ලකුණු 45ක සබඳතාවක් එක් කරනවා. පසිඳු සූරිය බණ්ඩාර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32කට දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
- Sunrisers පන්දු යැවීම ශක්තිමත් කිරීම සඳහා ඩිල්ශාන් මදුශංක කැඳවයි!
- ශ්‍රී ලංකා යෞවනියෝ නැවතත් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ නවසීලන්තය 3-0කින් පරාජය කරයි
- කුසල් මෙන්ඩිස් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් වාර්තා කරයි
- නිශාන් සහ කවින් ශතක රැස් කරයි
ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කරන්නේ සොනාල් දිනූෂ සහ රමේෂ් මෙන්ඩිස් එක්වයි. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 102ක සබඳතාවක් එක් කරනවා.
රමේෂ් මෙන්ඩිස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 48කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර රමේෂ් මෙන්ඩිස් අද තම ඉනිමට ලකුණු 8ක් එක් කර ගත් විගස පළමු පෙළ තරග දිවියේ ලකුණු 6000 කඩඉම පසු කිරීමට සමත් වූවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මිලාන් රත්නායක පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 6කට දැවී ගිය අතර තරගයේ පළමු දිනය අවසන් වෙද්දී සොනාල් දිනූෂ පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 90ක් ද සහ ඉසිත විජේසුන්දර පන්දු 10කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 7ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Tim Pringle ලකුණු 88කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Jarrod McKay, Matthew Boyle, Fraser Sheat, Ryan Harrison සහ Peter Younghusband කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 7ක් දැවී 324 (81.0)නිශාන් මදුශ්ක 20, ලහිරු උදාර 61, නුවනිඳු ප්‍රනාන්දු 21, පවන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 32, සොනාල් දිනූෂ නොදැවී 90, රමේෂ් මෙන්ඩිස් 48, Tim Pringle 2/88
මෙම තරගය හෙට (17) 2 වැනි දිනයටත් පැවත්වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















