පසුගිය සෙනසුරාදා (26) ආරම්භ වී ඉතා සාර්ථකව දින තුනක් මුළුල්ලේ පැවැත්වීමට හැකි වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ සිව්වැනි සහ අවසන් දිනයේ තරග අද (29) උදෑසන කොළඹ සුගතදාස එළිමහන් පිටියේ දී පැවැත්විය.
දිනයේ ආරම්භක ඉසව්ව ලෙස පැවති කාන්තා මීටර් 10,000 දිවීමේ තරගයේ ඉහළ දස්කම් දක්වමින් මිනිත්තු 35:21.11ක කාලයකින් ඉසව්ව අවසන් කර රන් පදක්කම දිනා ගැනීමට එම්. එන්. නන්දසේන ක්‍රීඩිකාව සමත් වූ අතර එහි රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් එම්. මලින්ද (මිනිත්තු 36:23.94) සහ එල්. ආරියදාස (මිනිත්තු 36:32.75) හට හිමි විය.

විසිකිරීමේ ඉසව් ආරම්භ කරමින් අද දින පැවති කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේ මීටර් 43.02ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ඒ. ලක්ෂිකා එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 42.25ක දස්කමක් දැක්වූ එස්. එම්. අමරසිංහ රිදී පදක්කමත්, මීටර් 37.42ක දස්කමක් දැක්වූ වෙරංගා තිසරණී ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.
අද දිනයේ පැවති පිරිමි තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගි වූ යුද හමුදා ක්‍රීඩක එස්. එස්. ජයසිංහ විසින් එම ඉසව්වේ මීටර් 16.32ක දස්කමක් දක්වමින් ජාතික කිරුළ දිනා ගැනීමට සමත් වූ අතර එම ඉසව්වේ මීටර් 16.12ක දස්කමක් දැක්වූ දුර පැනීමේ ජාතික ශූර ශ්‍රේශාන් ධනංජය රිදී පදක්කම සහ මීටර් 15.84 ක දස්කමක් දැක්වූ වී. සඳරුවන් ලෝකඩ පදක්කමත් දිනා ගන්නා ලදි.

එමෙන්ම එම ඉසව්ව මිනිත්තු 4:21.28ක කාලයකින් අවසන් කළ නිලානි විසින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මිනිත්තු 4:28.13ක කාලයකින් ඉසව්ව අවසන් කළ එම ඉසව්වේ හිටපු ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චිට ලෝකඩ පදක්කම හිමි විය.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- වසරේ වේගවත්ම ක්රීඩකයා හිමාෂ, ක්‍රීඩිකාව අමාෂා
- සචිනි ජාතික වාර්තාව බිඳහෙලද්දී, ඉරේෂානිට තියුණු ජයක්
- සාරංගි වාර්තාවක් බිඳ දමද්දී 200M කිරුළ කාලිංගට
අද ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:47.86ක කාලයකින් අවසන් කළ සමන් කුමාර ප්‍රනාන්දු විසින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් හේමන්ත කුමාර (මිනිත්තු 3:49.02) සහ දර්ශන ලංකා (මිනිත්තු 3:50.84) විසින් දිනා ගැනීමට සමත් විය.

ඉන් පසුව අද දිනයේ වඩාත්ම අවධානය දිනා ගත් ඉසව් මෙන්ම තරගාවලියේ අවසාන ඉසව් වූ කාන්තා හා පිරිමි මීටර් 400 අවසන් තරග පැවැත්වූ අතර එහි කාන්තා තරගයේ නොසිතූ ප්‍රතිඵලයක් ගෙන දෙමින්, එම ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වන දිල්ෂි කුමාරසිංහ පරදවමින් රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් විය (තත්පර 53.47).

තරගාවලියේ අවසාන ඉසව්ව ලෙස පැවති පිරිමි මීටර් 400 තරගයේ දී සුපිරි දස්කම් දක්වමින් තත්පර 46.25කින් තරගය අවසන් කර රන් පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත් වූ අතර තත්පර 47.02 කාලයකින් ඉසව්ව අවසන් කළ ආර්. එන්. රාජකරුණා රිදී පදක්කම සහ තත්පර 47.04 කාලයක් වාර්තා කළ එම ඉසව්වේ දකුණු ආසියානු ශූර අරුණ දර්ශන විසින් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

වසරකට පසු මෙරට මලල ක්‍රීඩකයන් හට සිය දස්කම් දැක්වීමට හමු වූ මුල්ම සහ අවසන් අවස්ථාව මෙය නිසාවෙන් නොසිතූ තරග අවසානයන් රැසක් දැක ගැනීමට ලැබුණු අතර තහනම් උත්තේජක චෝදනාවක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව සිටි කාලිංග කුමාරගේ දස්කම් තරගාවලිය පුරාවටම කැපී පෙනුනි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<




















