ජාත්‍යන්තරය ඉදිරියේ ලක්මවට කීර්තියක් අත්කර දීමට සමත් වූ අරුණ දර්ශන සහ පාරමි මාරිස්ටෙලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වේදිකාව තනා දුන්, වසරේ උත්කර්ෂවත්ම සහ පැරණිතම මලල ක්‍රීඩා සැණකෙළිය වන “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය” (Sir John Tarbet Athletic Championship) 89 වැනි වතාවටත් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලනය සහ Ritzbury සූදානමින් පසුවේ.

ජාතික පැරා ශූරයන් කීදෙනෙක් ඔලිම්පික් යයි ද?

2019 පැරා මලල ක්‍රීඩා ශූරතාව සැප්තැම්බර් 5 සහ 6 දෙදින පුරා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්…

ශ්‍රි ලංකාවේ අංක එකේ චොක්ලට් රස වන Ritzbury අඛණ්ඩව 9 වැනි වතාවට තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ තවත් වසර ගණනාවක් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමේ අරමුණ ඇතිවයි. 17000කට අධික තරගකරුවන් පිරිසක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

තරගාවලිය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි ජ්‍යේෂ්ඨ අදියර (Senior John Tarbet) සැප්තැම්බර් මස 10, 11 සහ 12 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර කනිෂ්ඨ අදියර (Junior John Tarbet) නොවැම්බර් මස 8, 9 සහ 10 යන දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ජ්‍යේෂ්ඨ අදියරේ ඉසව්ව ප්‍රධාන වයස් කාණ්ඩ 3ක් යටතේ (16න්, 18න් සහ 20න් පහළ) පැවැත්වෙන අතර වයස් කාණ්ඩ 4ක් (12න්, 13න්, 14න් සහ 15න් පහළ) යටතේ කනිෂ්ඨ අංශයේ තරග ඉසව් පැවැත්වේ.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (03) ගාලු මුවදොර හෝටලයේ දී පැවති අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති උපාලි  අමරතුංග මහතා සඳහන් කර සිටියේ,

“කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය මේ වසරේ පැවැත්වෙන්නේ 50 වැනි වතාවටයි. ගිය අවුරුද්දේ පැවති කනිෂ්ඨ තරගාවලිය සඳහා අතිවිශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වීම නිසාවෙන් මෙවර තරගාවලිය අදියර 3ක් යටතේ පැවැත්වීමට තීරණය කළා. මහනුවර, වෙන්නප්පුව සහ මාතර දී පැවති එම අදියරවලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එක් ඉසව්වකට 64 දෙනා බැගින් තෝරාගත් පිරිසක් කනිෂ්ඨ තරගාවලියේ අවසන් අදියර සඳහා සහභාගී වීමට නියමිතයි.”

පළමු දිනම කනිෂ්ඨයෝ වාර්තා අටක් කඩයි

2019 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (02) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දිනය නිමා වන විට යොවුන් තරගකරුවන්…..

තරගාවලිය සඳහා සහභාගී වන කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් පසුගිය වසරේ සිට ආරම්භ කරනු ලැබුවේ Ritzbury සත්කාරකත්වය යටතේ ය. 

ඒ අනුව පසුගිය වසරේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ලබා දීම අද සිදු කෙරුණි. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම්, 

  1. ශානිකා ලක්ෂානි – කළුතර සිරිකුරුස විද්‍යාලය
  2. කාවින්දි සංජානා – නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය
  3. ඉෂාර නෙත්මින – ඉබ්බාගමුව විද්‍යාලය
  4. ලහිරු අවිශ්ක – මාදම්පේ සේනානායක විද්‍යාලය
  5. නවිෂ්ක සංදීප – මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  6. අමේෂා පියුමන්ති – මහනුවර විහාර මහාදේවි විද්‍යාලය

“මලල ක්‍රීඩා සම්මේලනයේ නිර්දේශ කිරීම යටතේ තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළේ ජාතික තලය ජයගන්න තවතවත් ඔවුන්ව දිරිමත් කරමින්. ඉතිං අපි ඒ කර්තව්‍ය තවත් නවමු මාවතකට රැගෙන යමින් ක්‍රීඩකයින් 6 දෙනෙක් වෙනුවට ක්‍රීඩකයින් 12 දෙදෙනෙකුට ලබන වසරේ සිට මෙලෙස ශිෂ්‍යත්ව ලබා දීමට තීරණය කරලා තිබෙනවා” යැයි මාධ්‍ය හමුවට සහභාගී වූ CBL Food International පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිපුල් ද සිල්වා මහතා පැවසීය.

එක් ක්‍රීඩකයෙකුට වසරකට රු.60.000/= මුදලක් මෙලෙස ලබා දෙනු ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යන ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙදෙනෙකු තෝරාගෙන එක් අයෙකුට වසරකට රුපියල් ලක්ෂ 3 බැගින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ද එම සමාගම කටයුතු කරන බව මාධ්‍ය හමුවේ දී අනාවරණය කරන ලදි.

​ඉන්දියානු ක්‍රීඩකයින්ගෙන් හාස්‍යජනක අත්වැරැද්දක්

ඉන්දීය සුපිරි මීටර 400X4 කණ්ඩායම පසුගිය සිකුරාදා පැවැත්වුණු පිරිමි සහය දිවීමේ තරගයක දී සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා.

උපාලි අමරතුංග මහතා මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ Ritzbury සමාගම සමඟ එකතු වී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට සක්‍රීයව දායකත්වය දැක්වීමට වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව විදේශීය පුහුණුකරුවන් දෙදෙනෙකු මෙරටට ගෙන්වා ශ්‍රී ලාංකේය පුහුණුකරුවන් 60 දෙදෙනෙකුට පුහුණු වැඩමුළුවක් සංවිධානය කරනා බවත් ය. එලෙස ජාත්‍යන්තර පුහුණුකරුවන් හරහා ලබා ගන්නා උපදෙස් දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය හමුවේ දස්කම් දැක්වීමට විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානයි.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති උපාලි අමරතුංග, සම්මේලනයේ ලේකම් නිමල් රුද්‍රිගෝ, භාණ්ඩාගාරික ජයලාල් රත්නසූරිය, CBL Food International පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා, වෙළඳනාම කළමනාකරු අරුණ ලියනපතිරණ, මහජන සම්බන්ධතා කළමනාකරු ජානක බොතේජු සහ මාධ්‍යවේදීන් පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ. 

89 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ තරග වාර්තා, ඡායාරූප, විශේෂ අවස්ථා, ඉසව්වන් හි වීඩියෝ සහ තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකා අංක එකේ ක්‍රීඩා පුවත් වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<