ජාතික පැරා ශූරයන් කීදෙනෙක් ඔලිම්පික් යයි ද?

154

2019 පැරා මලල ක්‍රීඩා ශූරතාව සැප්තැම්බර් 5 සහ 6 දෙදින පුරා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (29) ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී පැවැත්විය. 

හිමාෂ, අරුණ, සෆාන් එක පොකුරට දුවද්දී තුන් පිම්ම ශූරයා දුර පැනීමේ ශූරයා පරද්දයි.

ශ්‍රී ලංකා වාර්තාවක්, යුද හමුදා වාර්තාවක් ඇතුළුව නව තරග වාර්තා….

1996 වසරේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැරා ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගී වූ අතර එදින පටන් වසර 23ක කාලයක් ජාත්‍යන්තරයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩාවක් ලෙස පැරා ක්‍රීඩා හැඳින්විය හැක. එපමණක් නොව ඔලිම්පික් පදක්කම් හා සමානවම පැරා ඔලිම්පික් පදක්කම් ද ශ්‍රී ලංකාව සතුකරගෙන ඇත.  

ඉන් ප්‍රථම පදක්කම මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් ප්‍රදීප් සංජය, 2012 පැරා ඔලිම්පික් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර දෙවැනි පදක්කම 2016 ඔලිම්පික් උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත විසින් හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන ලදි. පැරා ක්‍රීඩකයන් ගෙවී ගිය ආසියානු පැරා ශූරතාවයේ ද රන් පදක්කම් 4ක් ඇතුළුව පදක්කම් 14ක් ලක්මවට ගෙන ඒමට සමත් විය. 

මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාව සඳහා පැරා ඔලිම්පික් කමිටුව සහ සම්බන්ධ ක්‍රීඩා සමාජ 70ක් පමණ සහභාගී වීමට නියමිත අතර දැනටමත් ක්‍රීඩා සමාජ 40කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බවට දන්වා ඇත. මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. 

මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවය ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගයක් වේ. එමෙන්ම 2020 පැරා ඔලිම්පික් තරගාවලියට ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන තරගකරුවන්  ඇතුළුව අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක් වත් සහභාගී කරවන බවට ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි මහතා මාධ්‍ය හමුවේ දී පැවසීය. 

“අපිට නොවැම්බර් මාසයේ තියනවා ඩුබායි වල ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගයක් ලෙස මෙවර ජාතික පැරා ඔලිම්පික් තරගාවලිය පවත්වනවා. ඒ වගේම 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා එම පරිසාධන මට්ටම් ඉක්මවා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක් වත් අපි  බලාපොරොත්තු වෙනවා සුදුසුකම් ලබයි කියල.”

1996 ආරම්භ වූ ශ්‍රී ලංකා පැරා ක්‍රීඩාව එදා පටන් සෑම තරගාවලියක් සඳහාම එක් තරගකරුවෙකු හෝ වැඩියෙන් යවා ඇති අතර මෙවර 2020 ඔලිම්පික් තරගාවලියට ඉතිහාසයේ වැඩිම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වන තරගාවලිය බවට පත්කිරීමට ඔවුන් උත්සහ දරන බව පැවසීය. 

ක්‍රීඩා අමාත්‍යංශයෙන් සහ ඩයලොග් ආසිආටා ආයතනයෙන් මෙම තරගාවලියට ලැබෙන සහය මොන වගේ ද? ThePapare.com අප ඇසූ පැනයකට ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි මහතා පවසා සිටියේ, 

“ක්‍රීඩා අමත්‍යංශය ක්‍රීඩකයන්ගේ නේවාසික පහසුකම්වලට මැදිහත් වෙලා ඒ පිළිබඳව කටුයුතු කරනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් කරන්න ඕන ඒවා කරනවා. ඇත්තටම ඩයලොග් ආයතනය විසින් ලබා දෙන මුදල් ක්‍රීඩකයන්ගේ නඩත්තු කටයුතු සඳහා යොදවනවා.” 

දකුණු ආසියාවේ ශූරයා පැරදෙයි; නිලානිට වසර 16 වාර්තාවක්

56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (28) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා…

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අයි. පී. විජේරත්න, පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි, ඩයලොග් ආසිආටා ආයතනයේ ජ්‍යේෂ්ඨ සාමාන්‍ය අධිකාරි සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක, පැරා ඔලිම්පික් කමිටුවේ ලේකම් ලුතිනන් දනංජය අළුදෙණිය යන මහත්වරුන් සහභාගී විය. 

මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<