යොවුන් ලෝක ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 7ක්

20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය

232

මෙම වසරේ අගෝස්තු මාසයේ කොලොම්බියාවේ Cali හිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවයට සහභාගී වන අවසන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 7ක් වන අතර ඒ සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්.

එහි දී, තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 400 සහ 800 ඉසව් සඳහා සහභාගී වීමට නියමිත අතර අනෙකුත් ක්‍රීඩිකාව වන අමේෂා හෙට්ටිආරච්චි කාන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්වෙන් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

පිරිමි දුර පැනීම ඉසව්වෙන් මෑත කාලයේ ඉහළ දස්කම් පෙන්වූ හිරුෂ හෂේන් එම ඉසව්වෙන් ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ඇති අතර ඔහුට අමතරව තුන් පිම්ම පැනීම ක්‍රීඩක පසිඳු මල්ෂාන් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

කවීෂ බණ්ඩාර මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කිරීමට සූදානමින් සිටින අතර මීටර් 400 කඩුලු පැනීමේ ජාතික ශූරයෙකු ද වූ ධනුක දර්ශන එම ඉසව්වෙන් මෙවර යොවුන් ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇති අනෙකුත් ක්‍රීඩකයා වන්නේ හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරන රුමේෂ් තරංගයි.

>> තරගාවලියේ සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව <<

20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය අගෝස්තු 01 සිට 06 දක්වා පැවeත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<