හෝප් ප්‍රමුඛ කොදෙව්වන්ගේ බලාපොරොත්තු රහීම් විනාශ කර දමයි

224

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ (9) බංග්ලාදේශයේ ඩකා ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

කෝලී නොනැවති කෝටිපතියන් අතර ඉදිරියටම

ෆෝර්බ්ස් ඉන්දියා සඟරාව මඟින් 2018 වසරේ දී වැඩිම ….

කාසියේ වාසිය දිනා ගත් බටහිර කොදෙව් කෝඩුකාර නායක රොව්මාන් පවෙල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම, බංග්ලාදේශය කාසියේ වාසියේ ජයග්‍රහණයේ සතුට රැඳෙන්නට දුන්නේ පන්දුවාර 24ක් දක්වා පමණි.

වේගපන්දු යවන ක්‍රීඩක මශ්රෆි මෝර්ටාසා එවූ පන්දුවක් හමුවේ සිය මානය වැරදී ගිය ශායි හෝප් ලකුණු 43කට කොදෙව් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. කොදෙව් ඉනිමේ පන්දු 59ක් පුරාවට අලංකාරවත් වූ හෝප්ගේ ඉනිම අවසන් වනවාත් සමඟම කොදෙව් ක්‍රීඩකයින් දැවැන්ත ලකුණක් වෙත යාමට තබාගෙන තිබූ බලාපොරොත්තු ද විනාශ වී ගියේය.

එහි දී ඔවුන්ගේ බලාපොරොත්තු විනාශ වීමට ප්‍රධානතම සාධකය බවට පත්වූයේ කොදෙව් මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් බංග්ලාදේශ සටන්කාමී වේගපන්දු බල ඇණිය හමුවේ පෙන්නුම් කළ දියාරු පිතිකරණ විලාසයයි.

පන්දුවාර 24යි පන්දු 3ක් අවසානයේ කොදෙව් ඉනිම සටහන් වූයේ 78/3ක් ලෙස නමුත් ඔවුන්ගේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් සිය පිතිකරණ අංශයෙන් හුවමාරු කරගැනීමට දැක්වූ දුර්වලතාවය ද නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත්තේ ලකුණු 195ක් වැනි මධ්‍යස්ථ මට්ටමේ ලකුණු ප්‍රමාණයකි.

බංග්ලාදේශයට මේ තරගයේ වැඩි වාසිය උරුමකර දුන් වේගපන්දු යවන ක්‍රීඩකයින් වන නායක මෝර්ටාසා හා මුස්ටෆිසුර් රහමාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට අලුත් මුහුණක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ …

ලකුණු 196ක පහසු ඉලක්කයක් හඹා යාමට දෙවනුව පිටියට පැමිණි බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 31ක් තුල අදාළ ඉලක්කය හඹා ගියේය. එහි දී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ශායි හෝප් තබාගෙන තිබූ බලාපොරොත්තු ද විනාශ කළ දකුණතින් පිත්ත හසුරුවන මුශ්ෆිකර් රහීම් හා ලිට්න් දාස් පිළිවෙළින් ලකුණු 55ක් හා ලකුණු 41ක් ලබාගෙන සිය කණ්ඩායමට එක්දින තරග 3කින් සමන්විත තරගාවලියේ පෙරමුණ ගැනීමට අවශ්‍ය මඟ විවර කරන ලදි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් රහීම් රැස්කරගත් අර්ධ ශතකය ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වාර්තා කර ගත් 31 වැනි අර්ධ ශතකය වූ අතර එම ඉනිම 4 පහර 5කින් ශක්තිමත් විය. රහීම් හට ජවය එක්කාසු කළ ආරම්භක පිතිකරුවෙක් වන ලිට්න් දාස් ඔහුගේ නමට ඉදිරියෙන් වාර්තා වූ ලකුණු 41ක සඳහා ද 4 පහර 5ක් අන්තර්ගත කළේය.

ධනුෂ්ක සහ තිරිමාන්නගෙන් දෙවැනි ඉනිමට හොඳ ආරම්භයක්

නවසීලන්ත තරග සංචාරයේ පුහුණු තරගයේ ආරම්භක ….

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් ලකුණු 43කට කඩුලු දෙකක් දවා ගන්නා ලදි.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා දිවා/රාත්‍රි තරගයක් ලෙස ඩකා ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ. එහි තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

බටහිර ඉන්දීය කොදෙව් –  195/9 (50): ශායි හෝප් 43, කීමෝ පෝල් 36, මශ්රෆි මෝර්ටාසා 3/30, මුස්ටෆිසුර් රහමාන් 3/36.

බංග්ලාදේශය – 196/5 (31): මුශ්ෆිකර් රහීම් 55, ලිට්න් දාස් 41, රොස්ටන් චේස් 2/43

තරගයේ වීරයා – මශ්රෆි මෝර්ටාසා (බංග්ලාදේශය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<