ක්‍රීඩාංගණ සංවර්ධනයට සෑම කොට්ඨාශයකටම මිලියන එකහමාරක්

190

රට පුරා දක්ෂ තරුණයන් සොයා යන Open Day වැඩසටහන මැයි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (31) ත්‍රිකුණාමලයේ දී පැවසීය.

තරුණයන්ට අවශ්‍ය සියලුම ආයතන එක්වන Open Day වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා දින 02ක් වෙන් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් කුඩා පරිමාණ ව්‍යවසායකයින් හා ක්‍රීඩා නිලධාරීන් සහ තරුණ සේවා සභා නිලධාරීන් හමු වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

“අපේ රට ගොඩනගන්න අවශ්‍ය තරුණ පරම්පරාව බිහිකරන්න මූලිකත්වය ගන්නේ ව්‍යවසායකයින්. අපි ව්‍යවසායකයින් ගොඩ නැගුවාම, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහයෝගය ලබා දුන්නාම රටේ පවතින බොහෝ ගැටලු සඳහා දීර්ඝ කාලීන විසඳුම් ලබා ගන්න පුළුවන්.

මේ සමඟම අපි එළඹෙන සිංහල අලුත් අවුරුද්දට රට පුරා පාපැදි හා මැරතන් තරගාවලි 100ක් පවත්වනවා. ඒ වගේම ඉදිරියේ දී මුහුද හරහා පීනන තරගාවලි පැවැත්වීමේ සූදානමක් තියෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

 “ක්‍රීඩාංගණ සංවර්ධනයට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙන් කර වැඩ කටයුතු සිදු කරගෙන යනවා. 

ඊට අමතරව මීළඟ අදියරේ තවත් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සමඟම අධ්‍යාපන කළාපයකට රුපියල් ලක්ෂ 32 බැගින් පාසල් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට මුදල් වෙන් කරලා තියෙන්නේ” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තවත් ක්‍රීඩා පුවත්:

මීට අමතරව වෙරළ ක්‍රීඩා සඳහා ත්‍රිකුණාමලය වෙරළ තීරයේ වෙරළ ක්‍රීඩා උද්‍යානයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා දක්ෂ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සොයා ගැනීමේ වැඩසටහනක් හා තරගාවලියක් පවත්වන බ වද ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම Open Day වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් දිවයිනම ආවරණය කරමින් පැවැත්වීමට සූදානම් බව ද එතුමා ප්‍රකාශ කළා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<