පැරා ශූරයින්ගේ ලෝක ශූරතා සිහින වසරක් පස්සට

75
Kobe World Para Athletics Championships

ලබන වසරේ (2021) ජපානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ “World Para Athletics Championship” තරගාවලිය තවත් වසරකින් කල් දැමීමට සංවිධායකයින් ඊයේ (30) තීරණය කරන ලදි.

හිරු නොබසින රාජ්‍යයේ තහනම තවත් දීර්ඝ කෙරේ

පැතිර යන කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන එක්සත් රාජධානියේ මලල ක්‍රීඩා තරග..

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් “World Para Athletic” සංගමය ප්‍රකාශ කර සිටියේ පවතින කොරෝනා වසංගත තත්වය මත මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පැරාලිම්පික් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට සිදු වූ නිසාවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

“අපිට බලාපොරොත්තු නොවූ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේ අවස්ථාවේ ඒවාට මුහුණ දීම පහසු කටයුත්තක් නොවේ. මේ අසීරු අවස්ථාවේ දී අපිට සහය දැක්වීම ගැන එරට සංවිධායකයින්, අපගේ හවුල්කරුවන් ඇතුළු සියලුම පාර්ශවයන්ට ස්තුතිය පුදකරනවා”

“පැරාලිම්පික් තරගාවලියෙන් අනතුරුව ජපානයේ පැවැත්වෙන පළමු ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලිය මෙය වේවි. මේ කල් දැමීම නිසාවෙන් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හට තරගාවලියට හොඳින් සූදානම් වීමට කාලය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යැයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට තිබුණු තරගාවලිය වසරකින් කල් යනු ඇති අතර තරගාවලිය 2022 වසරේ අගෝස්තු මස 26 සිට සැප්තැම්බර් මස 04 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<