පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාර්තා පොත් අලුත් කරයි

887
Senior John Tarbet final day report

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 86 වැනි වරටත් සංවිධානය කරන ලද මෙරට පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (15) නිමාවට පත් විය. තෙදිනක් පුරාවට පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දහසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුනු අතර එක් ශ්‍රී ලංකා තරග වාරතාවක් ඇතුලු නව පාසල් තරග වාර්තා 13ක් පිහිටුවා වර්තා පොත් අලුත් කරන්නට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීම විශේෂිත වේ.

පසුගිය ලිපි: රිද්මාගේ තුන්පිම්ම වාර්තාවක්‌ වෙයි

තරගාවලියේ තෙවැනි දිනයේදී පෙර දෙදින පුරා විසිර ගිය තරගාවලියේ සියලු ගෞරවය තමා වෙත ඈදා ගන්නට අවුරුදු 20න් පහළ බාලිකා රිටි පැනිමේ තරගයට සහභාගී වූ යාපනය තෙලප්පලයි මහජන විදුහලේ ජේ. අනීතා ක්‍රීඩිකාව මීටර 3.35 උසක් වාර්තා කරමින්, ජාතික ක්‍රීඩා තරගාවලියේදී වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ හර්ශණී ධර්මරත්න ක්‍රීඩිකාව විසින් පිහිටුවනු ලැබූ වාර්තාව බිද දමා නව ශ්‍රී ලංකා වර්තාවක් පිහිටුවීමට සමත් විය.

මේ අතර තරගාවලියේ දෙවැනි දිනයේදී වසර 12ක් පැරණි තරග වාර්තාවක් බිද දැමීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩිල්ෂී කුමාරසිංහ සමත් වූ අතර වයස අවු. 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේදී මිනිත්තු 02 තත්පර 13.04 ක නව වාර්තා ගත තරග කාලයක් වාර්තා කරමින් ඇය පාසල් මලල ක්‍රීඩා පොත අලුත් කරන ලද්දේ 2004 වසරේදී රත්නපුර ඇලපාත මහා විද්‍යාලය නියෝජනය කල කේ. නෙලුම් කුලරත්න මිනිත්තූ 02 තත්පර 14.07 ක කාලයක් තුල දැක්වූ දක්ෂතාවයි.

තරගාවලියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ රිද්මා නිශාදී අවුරුදු 16න් පහළ තුන්පිම්ම ඉසව්වෙන්ද, වලල ඒ.රතනායක මධය මහා විද්‍යාලයේ ඒ. කේ. මදුශංක මිටර 2000 බාධක දිවීමේ තරගයෙන්ද, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ තිවංක උශාන් අවුරුදු 20න් පහළ බාලක උස පැනීමේ ඉසව්වෙන්ද, පාසල් මලල ක්‍රීඩා වාර්තා පොත් අලුත් කරන්නට සමත් සමත් විය.

තරගාවලියේ සමස්ත ලකුණු සටහනට අනුව:

වසරේ විශිෂ්ඨතම මලල ක්‍රීඩිකාවට හිමි කුසලානය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කේ. කේ. රිද්මා නිශාදී විසින්ද වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි කුසලානය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ උෂාන් තිවංක විසින්ද හිමිකරගනු ලැබීය.

තවද සමස්ත ලකුණු සටහනට අනුව තෙදින තුල ක්‍රිඩක ක්‍රිඩිකාවන් දැක්වූ දක්ෂතා අනුව ලකුණු සටහනේ වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිකරගනිමින් බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක විද්‍යාලයත්, බාලක ශූරතාවය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයත් විසින් දිනාගනු ලැබුවා.

ප්‍රතිඵල සටහන

සමස්ත ලකුණු සටහනට අනුව –

වයස අවුරුදු 16න් පහළ  බාලිකා –  

  • තෙවන ස්ථානය – මීගමුව ලොයොලා විද්‍යාලය
  • දෙවන ස්ථානය – ඒ.රත්නායක විද්‍යාලය
  • ශූරතාවය – ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලය

වයස අවුරුදු 16න් පහළ බාලක-

  • තෙවන ස්ථානය – ශාන්ත මේරී විද්‍යාලය හලාවත
  • දෙවන ස්ථානය -රාජකීය විද්‍යාලය කොලඹ
  • ශූරතාවය-  මාරිස්ටෙලා විද්‍යාලය

වයස අවුරුදු 18න් පහල බාලිකා

  • තෙවන ස්ථානය –  සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
  • දෙවන ස්ථානය – ගේට්වේ විද්‍යාලය රාජගිරිය
  • ශූරතාවය-  ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 18න් පහළ බාලක-

  • තෙවන ස්ථානය – රිච්මන්ඩ් විද්‍යාලය ගාල්ල
  • දෙවන ස්ථානය – ශාන්ත බෙනඩික් විද්‍යාලය කොලඹ 13
  • ශූරතාවය – ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 20න් පහළ බාලිකා

  • තෙවන ස්ථානය -සුමන බාලිකා විද්‍යාලය රත්නපුර
  • දෙවන ස්ථානය – ඒ.රත්නායක විද්‍යාලය
  • ශූරතාවය – අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 20න් පහළ බාලක-

  • තෙවන ස්ථානය – ලොයෝලා විද්‍යාලය
  • දෙවන ස්ථානය -ශාන්ත රිට්ස් විද්‍යාලය තල්දෙක
  • ශූරතාවය – මාරිස්ටෙලා විද්‍යාලය

සමස්ත ශූරතා ලකුණු සටහනට අනුව පිටත පළාත් බාලිකා

  • තෙවන ස්ථානය -හෝලි ක්‍රොස් විද්‍යාලය ගම්පහ
  • දෙවන ස්ථානය – සුමන බාලිකා විද්‍යාලය
  • ශූරතාවය -අඹගමුව මධ්‍ය මහා විද්‍යලය

පිටත පළාත් බාලක –

  • තෙවන ස්ථානය – ශාන්ත රිට්ස් විද්‍යාලය
  • දෙවන ස්ථානහ -ත්‍රිත්ව විද්‍යාලය
  • ශූරතාවය- ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය

සමස්ත ශූරතාව බාලිකා

  • තෙවන ස්ථානය – සුමන බාලිකා විද්‍යාලය
  • දෙවන ස්ථානය -අඹගමුව මහා විද්‍යාලය
  • ශූරතාවය – ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය

සමස්ත ශූරතාවය බාලක

  • තෙවන ස්ථානය – ශාන්ත බෙනඩික් විද්‍යාලය කොලඹ 13
  • දෙවන ස්ථානය –  ඒ.රත්නායක විද්‍යාලය
  • ශූරතාවය -මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට