ඉම්රාන් තාහිර් වීරයා වෙමින් තරගාවලිය නිමාවේ

190
AFP PHOTO

දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පර්ල් හි බොලන්ඩ් පාක් ක්‍රීඩාංගණයේ දී (06) පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ සමත් වීමත් සමඟින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ද 3-0කින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූහ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තවත් තරගයක් තිබිය දී ම තරගාවලිය ජය ගනී

ඩේල් ස්ටේන් පිතිකරුවෙක් ලෙසින් ගොඩ නැගූ ඉනිමට ඉම්රාන් තාහීර් පන්දු යවන්නෙක් ලෙසින් දැක්වූ දායකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ…

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් තමන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 228ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂේන් විලියම්ස් ය. ඔහු ලකුණු 69ක් ලබා ගත්තේ ය.

එක් දින ක්‍රිකට් පිටියේ තම 28 වැනි අර්ධ ශතකය ලබා ගත් විලියම්ස් තම ඉනිමට පන්දු 79ක් වැය කළ අතර එම ඉනිමට හතරේ පහර 10ක් ඇතුලත් කළේය. විලියම්ස් සහ බ්‍රෙන්ඩන් ටේලර් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 73ක සබඳතාවක් ගොඩ නැගීමට ද ඔහු සමත් විය. බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 44කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟ ලකුණු 40ක් ලබා ගත්තේ ය. බ්‍රෙන්ඩන් ටේලර් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 6000ක් ලබා ගත් තෙවැනියා බවට මෙම තරගයේ දී පත්විය.

සිම්බාබ්වේ ඉනිම පාලනය කිරීමේ දී ඩේල් ස්ටේන් සහ කගීසෝ රබාඩා කඩුලු 3 බැගින් දවා ගත්තේ ය. ඊට අමතරව ඉම්රාන් තාහිර් ද අන්ඩිල් පෙහෙලුක්වායෝ ද කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 25ක් ඉතිරිව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 231ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භයේ සිටම තරගය සියතට ගැනීමට ඔවුන් සමත් වීම කැපී පෙණුනි. ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 75කි. රිසා හෙන්ඩ්‍රිකස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් පළමු කඩුල්ල ශක්තිමත් කළේය. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේ ය. මෙම ඉනිම රීසාගේ එක්දින තරග දිවියේ දෙවැනි හොඳම ඉනිම ලෙසින් වාර්තා පොත් සැරසුවේ ය.

වර්ෂාව හේතුවෙන් දෙවැනි පුහුණු තරගය අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (06) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු එක් දින තරගය…

අනෙක් ආරම්භක පිතිකරු වූ ඒඩන් මැක්‍රම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 42කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 40කට මුහුණ දුන් අතර හතරේ පහර 7ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමේ දී මැද පෙළෙන් පිටියට පිවිසි කඩුලු රැකි ක්‍රීඩක හෙන්රිච් ක්ලසීන් ලකුණු 59ක් ලබා ගත්තේ ය. පන්දු 67කින් වාර්තා වූ ඔහු ගේ මෙම ඉනිමේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් ද විය. එම ඉනිම ඔහුගේ එක්දින තරග පිටියේ ඉහළ ම දක්ෂතාව වූ අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 4කට සම්බන්ධ වීම ද සැලකිල්ලට ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේ ය.

හෙන්රිච් ක්ලසීන් සහ කායෝ සොන්ඩෝ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවක් ගොඩ නගමින් තරගයේ ජයග්‍රහණය ඉක්මන් කළහ. සොන්ඩෝ තරගය අවසන් වෙන විට නොදැවී ලකුණු 25ක් ලබා සිටියේ ය. ඊට අමතරව නායක ෆෆ් ඩු ප්ලෙසිස් ද ලකුණු 26ක් ලබා ගත්තේ ය.  

කඩුලු ලබා ගැනීමේ දී ඩොනල්ඩ් තිරිපානෝ ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගාවලියේ වීරයා ලෙසින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වමත් දඟ පන්දු යැවූ ඉම්රාන් තාහිර් නම් කෙරුණි. ඔහු තරග 3ට සහභාගී වී ලකුණු 91කට කඩුලු 10ක් ලබා ගත්තේ ය.

සිම්බාබ්වේ; සියලුම දෙනා දැවී 228 (49.3) හැමිල්ටන් මසකඩ්සා 28, බ්‍රෙන්ඩන් ටේලර් 40, ෂේන් විලියම්ස් 69, ඩොනල්ඩ් තිරිපානෝ 29, ඩේල් ස්ටේන් 3/29, ඉම්රාන් තාහිර් 2/44, කගිසෝ රබාඩා 3/32, අන්ඩිල් පෙහෙලුක්වායෝ 2/34

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 231 (45.5) ඒඩන් මැක්‍රම් 42, රීසා හෙන්ඩ්‍රිකස් 66, ෆෆ් ඩු ප්ලෙසිස් 26, හෙන්රිච් ක්ලසීන් 59, කායෝ සොන්ඩෝ නොදැවී 25, ඩොනල්ඩ් තිරිපානෝ 2/35

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<