පාසල් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා මහෝත්සවය බෝගම්බරදී ඇරඹේ

377
42nd National Sports Festival

5000කට අධික ලාංකීය පාසල් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය සනිටුහන් කරමින් 32 වරටත් පවත්වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අතිඋත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් අනතුරුව අද (13) පස්වරුවේ බෝගම්බරදී ආරම්භ විය.

පසුගිය ලිපි: යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය

ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙලේ වැඩ කටයුතු ආරම්භ වූ අතර මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයේ නර්තන කණ්ඩායම මගින්  ඉදිරිපත් කළ පිළිගැනීමේ නර්තනයෙන් සම්භාවනීය අමුත්තන් උළෙලට පිළිගනු ලැබීය.

සියලුම ක්‍රීඩකයින් තම පළාත් නියෝජනය වන අයුරින් ගමන්ගත් පෙළපාලියෙන් අනතුරුව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නර්තන අංශයේ උඩරට නර්තනය සමාරම්භක උළෙල විචිත්‍රවත් කරනු ලැබීය. මධ්‍යම පළාතෙන් බිහිවුණු පාසල් ක්‍රීඩා තරු ද්විත්වයක් මගින් උළ‍ෙලෙහි ගිනිසිළුව දල්වන ලැබු අතර ඉන්පසු ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රීඩකයින් අමතමින් අධ්‍යාපනය සහ ක්‍රීඩාව පවත්වා ගෙන යා යුතු සමබරතාවය ගැන ක්‍රීඩකයින් දැනුවත් කරන ලදී. උත්කර්ෂවත් සමාරම්භක උළෙලක අභිප්‍රේරණයකින් අනතුරුව ක්‍රීඩා ඉසව් ආරම්භ විය.

පස්වරුවේ තරග ආරම්භ වූ නිසා තරග ඉසව් ප්‍රමාණය සීමිත විය .අද දිනට නියමිතව තිබූ අවසන් තරග 6ක් ද, මූලික වටයේ තරග ඉසව් 4ක් ද පැවත්විණ. මුලින්ම ආරම්භ වූයේ මීටර් 400 වයස අවුරුදු 15න් පහළ බාලිකා මූලික වටයේ තරගයි. කෙමෙන් කෙමෙන් අනෙකුත් තරග ආරම්භ වූ අතර අවසන් තරගය වන 17න් පහළ බාලක කවපෙත්ත විසිකිරීම, 19න් පහළ බාලක හෙල්ල විසිකිරීම, 21න් පහළ බාලක යගුලිය විසිකිරීම, 15න් පහළ බාලිකා දුර පැනීම, 17න් පහළ බාලිකා උස පැනීම, 19න් පහළ බාලිකා රිටි පැනීම ඉසව්ව ද ඒ සමගම ආරම්භ විය. දිනට නියමිතව තිබූ 15න් පහළ, 17න් පහළ, 19න් පහළ සහ 21න් පහළ මීටර් 400 බාලක බාලිකා මූලික වටයේ තරග සියල්ල පැවැත්විණ. මීටර් 400 තරගවල ජයග්‍රාහකයින් අවසන් පූර්ව වටයට තෝරා පත් කරගනු ලැබීය. ලාංකීය පාසල් ක්‍රීඩකයින්ගේ හැකියා මනාවට විදහා දක්වමින් ඉතා උද්වේගකර අයුරින් අවසන් මහා තරගද අවසන් විය. දිනට නියමිත ඉසව් සියල්ල අවසන් වෙමින් 21න් පහළ යගුලිය විසිකිරීම හා 15න් පහළ බාලිකා දුරපැනීම අවසන් මහා තරග වල ජයග්‍රාහකයින්ට සහතික පත් හා පදක්කම්ද පැලදවනු ලැබීය.

21පහළ බාලක යගුලිය විසිකිරීම

ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුයේ මොරටුව ශාන්ත සෙබෙස්තියන් වද්‍යාලයේ සමිත් මධුසංක විසිනි. එහි රිදී පදක්කම කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ එස්. එස්. චමිල් දිනාගත් ලද අතර මීටර් 14.42ක දක්ෂතාවයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනු ලැබුවේ සාන්ත වීටා විද්‍යාලයේ එම්. එම්. මධුසංක විසිනි.

15පහළ බාලිකා දුර පැනීම ඉසව්ව

ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයේ සියානා වික්‍රමසිංහ විසිනි. එහි රිදී පදක්කම දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සදුනි කවීශ‍ා විසින් දිනා ගත් අතර රන් පදක්කම දිනාගනු ලැබුවේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සන්දීපා හෙන්ඩර්සන් විසිනි.

තරගාවලිය තව දින 4ක් පුරා බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට