වටිනාම අය අතරේ ලංකාවට මොකද වුනේ?

545

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩක (MVP) නම් ලැයිස්තුව එළිදැක්වී තිබෙනවා. එය සකස් කොට තිබෙන්නේ Rediff මාධ්‍ය ජාලයේ ශ්‍රීනිවාස් බෝග්ලේ සහ පුර්නේන්දු මාජී විසින්. කෙසේ වෙතත් එහි තිබෙන නම් දෙස බැලීමේ දී ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඇතිවන්නේ කනගාටුවක්.

ඊට පාදක කොටගෙන තිබෙන්නේ තරගාවලිය පුරාම පැවැත්වුණු තරගයි. අවසන් ප්‍රතිඵලය සහ අවසන් මහා තරගය දෙස බැලීමේ දී වටිනාම ක්‍රීඩකයා විය යුත්තේ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් වුවත්, තරගාවලියේ සියලු තරගවල දී ජයග්‍රහණය වෙනුවෙන් කළ බලපෑම සැලකීමේ දී එය තරමක් එහා මෙහා වී තිබෙනවා.

Video – පැනිල්ලෙන් පටන් අරන්, කකුලක් දිගේ තුන් ඉරියව්ව දක්වා! වටේ – EP – 02

ෆොස්බරි ෆ්ලොප් කියන්නෙ මොකක්ද? කෙරී ………..

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග ජයග්‍රහණයට වඩාත්ම හේතු වූ වටිනාම ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ෂර්මා නම් වී තිබෙනවා. මීට වසර 5කට පමණ පෙර ක්‍රිකට් අතින් ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක සිටි බංගලාදේශ කණ්ඩායමේ ෂකීබ් අල් හසන් එහි දෙවැනි ස්ථානයේ සිටින අතර ලෝක ශූර එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඊට ඇතුළත් පළමු නම් දහය මෙසේයි.

      2019 ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයන් (MVPs)
ස්ථානය                                                      නම MVP ලකුණු
01 රෝහිත් ෂර්මා 767
02 ෂකීබ් අල් හසන් 746
03 බෙන් ස්ටෝක්ස් 725
04 මිචෙල් ස්ටාක් 722
05 ජෝ රූට් 710
06 ඩේවිඩ් වෝනර් 706
07 ඒරන් ෆින්ච් 670
08 ජොනී බෙර්ස්ටෝව් 642
09 ජිමී නීෂම් 607
10 කේන් විලියම්සන්    605

මීට ක්‍රීඩකයන් 60 දෙනෙකු ඇතුළත් වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු වශයෙන් ඉදිරියෙන්ම සිටින්නේ කුසල් පෙරේරායි. ඔහු වටිනාම ක්‍රීඩක ශ්‍රේණිගතයට අනුව ලකුණු 376ක් ලබා 36 වැනි ස්ථානයේ පසුවෙනවා. අවාසනාවකට ඊට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා කුසල් පෙරේරා පමණයි.

Video – වංශ තුනකම තුරුම්පු ජැක් – Jacques Kallis

ජාක් කලිස් නොහොත් ජැක් කාලිස් අපේ පරපුරේ ……..

දෙවන ස්ථානයේ සිටින ෂකීබ් අල් හසන් ඇතුළුව, 23 වැනි ස්ථානයේ මුෂ්ෆිකර් රහීම් සහ 51 වැනි ස්ථානයේ මුස්ටෆිසුර් රෙහ්මාන් වශයෙන් බංගලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙකු වටිනාම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්. එමෙන්ම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම ලැයිස්තුවේ 38, 50, 59 යන ස්ථානවල සිටීම, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලෝක මාධ්‍යවේදීන්ට තිබෙන තක්සේරුව මනාව පැහැදිලි කරනවා. 

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<