ෆින්ච් සහ වෝනර් පාකිස්තානයට කට උත්තර නැති කරයි

97

ඕස්ට්‍රේලියාව සහ සංචාරක පාකිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමා කරමින් අද (8) පැවති තරගයේ දී කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් සත්කාරක ඕස්ට්‍රේලියාව තරගාවලිය ද 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළේය. 

මාලන් – මෝර්ගන්ගේ සුසංයෝගයෙන් කිවියන්ට අන්ත පරාජයක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ නේපියර් හිදී පැවති සිව්වැනි ජාත්‍යන්තර…

ඕස්ට්‍රේලියා ගිම්හාන සෘතුව ආරම්භයේ දී ශ්‍රී ලංකා 3-0කින් පරාජය කළ ඕස්ට්‍රේලියාව පාකිස්තානයට එරෙහිව ද තරගාවලිය ජයග්‍රහණය කරමින් මෙවර ගිම්හාන සෘතුව සාඩම්බරයෙන් සැරසීමට හේතුවක් කර ගත්තේය. 

ඔවුන් මෙම තරග ජයග්‍රහණයත් සමඟින් මේ වසරේ සහභාගී වූ විස්සයි විස්ස තරග 8න් 7ක්ම ජයග්‍රහණය කරමින් අපරාජිත වූහ. පැවති අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරගයක් බවට පත් විය. 

පර්ත් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ තම ඉනිමට ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 106කි. 

ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 109ක් ලබා ගත්හ. ඔවුන් මේ දක්ෂතාව කළේ තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 49ක් ඉතිරිව තිබිය දී ය. 

රෝහිත්ගේ පන්දු ප්‍රහාරයෙන් බංග්ලාදේශය අසරණ වේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ රාජ්කොට් හිදී පැවති දෙවන ජාත්‍යන්තර විස්සයි….

පාකිස්තාන ඉනිම ඉමාම් උල් හක් සහ නායක බාබර් අසාම් එක්ව ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාගේ සබඳතාව ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී නිමා කිරීමට වමතින් ආරම්භක වේගපන්දු යැවූ මිචෙල් ස්ට්‍රැක් සමත් විය. ඔහු පළමු කඩුල්ල ලෙසින් බාබර් අසාම් (6) දවා ගන්නා විට පාකිස්තාන ඉනිම කියැවුණේ ලකුණු 15ක් ලෙසිනි. ඉන් අනතුරුව යැවුණ පන්දුවේ දී මොහොමඩ් රිස්වාන් ද ලකුණු නොලබාම නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට ඔහු සමත් විය. 

මේ අසාර්ථක ආරම්භය අවාසනාවක් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෝ එකා පිට එකා අඩු ලකුණුවලට සීමා කිරීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ හැරිස් සොහායිල් (8), කුෂ්ඩිල් ශා (6), ඉමාඩ් වසීම් (6) සහ ශාදත් ඛාන් (1) සම්පූර්ණයෙන්ම අසාර්ථක පිතිකරුවන් බවට පත් කරමිනි. 

දැවී ගිය ඉහත ක්‍රීඩකයන්ට අමතරව ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ හිස ඔසවා පන්දුවට පහර දීමට තරමක හෝ නිර්භීතකමක් දැක්වූයේ දකුණත් පිතිකරු ඉෆ්තිකාර් අහම්ඩට පමණි. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. 

ඉනිම අවසන් වෙන විට මොහොමඩ් අමීර් පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 9ක් ලබා ගනිමින් ද මොහොමඩ් හස්නයින් පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 4ක් ලබා ගනිමින් ද පිටියේ නොදැවී රැඳී සිටිය හ. 

කමිඳුගේ උත්සාහය දසුන් ව්‍යර්ථ කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද….

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ කේන් රිචර්ඩ්සන් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව මිචෙල් ස්ට්‍රැක් සහ ශේන් ඇබට් කඩුලු 2 බැගින් දවා ගත්හ. තම පන්දුවාර 4 ලකුණු 14කට නිමා කළ ශේන් ඇබට් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.  

පිළිතුරු ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් සහ ඒරොන් ෆින්ච් තම කඩුලු ආරක්ෂා කර ගනිමින් කිසිදු අපහසුවකින් තොරව පාකිස්තාන අභියෝගය ජය ගත්හ. එහි දී නායක ෆින්ච් තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 10 වැනි අර්ධ ශතකය සේ ම තරගයේ ජයග්‍රාහී ලකුණ ද වාර්තා කළේ මිඩෝෆ් කලාපයෙන් එල්ල කළ හතරේ පහරකිනි. ඔහු තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියේය. 

වමත් පිතිකරු ඩේවිඩ් වෝනර් අද මුහුණ දුන්නේ ඔහුගේ 75 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයටය. එම තරගය නොදැවී නිමා කළ වෝනර් ලබා ගත් ලකුණු ප්‍රමාණය 48කි. ඒ සඳහා ඔහු පන්දු 35කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට එක් කළේය. 

තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණේ ස්ටීව් ස්මිත් ය. 

පාකිස්තානය; කඩුලු 8ක් දැවී 106 (20) ඉෆ්ටිකාර් අහමඩ් 45, මිචෙල් ස්ටාර්ක් 2/29, ශේන් ඇබට් 2/14, කේන් රිචර්ඩ්සන් 3/18

එංගලන්තය; කිසිවෙක් නොදැවී 109 (11.5) ඩේවිඩ් වෝනර් නොදැවී 48, ඒරොන් ෆින්ච් නොදැවී 52

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<