කමිඳුගේ උත්සාහය දසුන් ව්‍යර්ථ කරයි

84

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (7) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ තරගයේ දී MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම පරාජය කරමින් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය.

භානුක, අශේන් සහ රමේෂ්ගෙන් වැඩි දක්ෂතා

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) දින නිමා වූ…………..

මෙම තරගයේ දී MAS හෝල්ඩිංග්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා ගනිමින් කණ්ඩායමට ජීවය එක් කළ ද, සම්පත් බැංකු කණ්ඩායමේ දසුන් ශානක ඉවසිලිවන්ත ඉනිමක් ගොඩ නගමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම සතු කර ගත්තේය. 

කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි  MAS ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 190ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සම්පත් බැංකු ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගත්හ. ඔවුන් එම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ තරගයේ තවත් 117ක්ම ඉතිරිව තිබිය දී වීම විශේෂ වේ. 

MAS කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ කමිඳු මෙන්ඩිස් ය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය. ඔහු ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සමග එක් වෙමින් ඉනිමේ දෙවැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය. 

ෂාගේ අර්ධ ශතකයකට සුබ පතන්න ගිය ඉක්‍රම්ගේ කඩුල්ල දැවී යයි

සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය අරඹමින් දෙරට අතර ලක්නව් හිදී පැවති……………

දික්වැල්ල පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේය. හසන්ත ප්‍රනාන්දුගේ පන්දු වාරයක පිට පිට පන්දු දෙකකට ප්‍රියමාල් පෙරේරා (6) සහ වනිඳු හසරංග (0) දැවී යෑම MAS කණ්ඩායමට බලවත් බලපෑමක් විය. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 111ක් විය. 

අනතුරුව විශ්ව ප්‍රනාන්දු විසින් යැවුණ පන්දුවාරයක දී කඩුලු 2ක් දවා ගනිමින් නැවත වතාවක් MAS ක්‍රීඩකයෝ අමාරුවේ දැමීමට සම්පත් බැංකු ක්‍රීඩකයෝ සමත් වූහ. ඉනිමේ මැද පෙළින් පිටියට පිවිසි කුසල් ජනිත් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය.

Photos: Sampath Bank vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020

කඩුලු ලබා ගැනීමේ දී විශ්ව ප්‍රනාන්දු සහ හසන්ත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිමේ ආරම්භක කඩුල්ලේ සිටම දැඩි තරගකාරීත්වයක් රඳවා ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. ඒ අනුව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි සමීන් කඳනාරච්චි සහ සඳුන් වීරක්කොඩි ලකුණු 82ක සබඳතාවක් තම කණ්ඩායමට එක් කළහ. සමීන් කඳනාරච්චි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් සහ සඳුන් වීරක්කොඩි පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ද ලබා ගත්හ. 

කඩුලු 800 මහ රජු – මුරලි

මුරලේ.. මුරලේ… මුරලේ… ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පුරාවටම එකම ජය ඝෝෂා හඬකි. වසර 18ක කාලසීමාවක්…………..

ලකුණු 137ක්ව තිබිය දී ජීවන් මෙන්ඩිස් (5) සහ රුමේෂ් බුද්ධික (0)  ඉනිමේ 4 වැනි සහ 5 වැනි කඩුලු ලෙසින් පිට පිට පන්දු දෙකක දී දවා ගැනීමට ලහිරු මධුශංක සමත් වූව ද සම්පත් ඉනිම පාලනය කිරීමට එම දක්ෂතාව ප්‍රමාණවත් වූයේ නැත. සම්පත් ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වන විට දසුන් ශානක පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියේය. 

පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින්  ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ලහිරු මධුශංක ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තේය. 

MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 190 (45) නිරෝෂන් දික්වැල්ල 30, කමිඳු මෙන්ඩිස් 65, මහේල උඩවත්ත 18, කුසල් ජනිත් 21, විශ්ව ප්‍රනාන්දු 3/34, හසන්ත ප්‍රනාන්දු 3/32, මාලින්ද පුෂ්පකුමාර 2/25

සම්පත් බැංකුව කණ්ඩායම; කඩුලු 6ක් දැවී 191 (30.3) සමීන් කඳනාරචිචි 46, සඳුන් වීරක්කොඩි 46, දසුන් ශානක නොදැවී 41, නුවන් තුෂාර 3/55, ලහිරු මධුශංක 2/44

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<