චමිඳු වික්‍රමසිංහ ශතකයකින් දිනය හැඩකරයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

208

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31) පැවති තරගවලින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

Tier A එක්දින තරග 

දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ චමිඳු වික්‍රමසිංහගේ තුන් ඉරියව් දස්කම් (112 & 2/33) නිසාවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරදවා කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් Muizz Navshan ලකුණු 74ක් රැස්කිරීමට සමත් වුනා.

මහේන් සිල්වාගේ (4/14) සහ කළණ සංදීපගේ (3/48) පන්දු යැවීම නිසා සාන්ත බෙන්ඩික්ට් ක්‍රීඩකයන් පන්දුවාර 47.2ක් අවසානයේ දී ලකුණු 147කට සීමා කිරීමට සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින්ට හැකි වුනා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වූ අතර සුඛිත ප්‍රසන්න නොදැවී ලකුණු 53* රැස්කළා.

දිනයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය 

  • සාන්ත තෝමස් විද්‍යාලය- 202/9 (50): Muizz Navshan 74, ඩිල්හාර ද සිල්වා 37, කනික දයාරත්න 31, නිමංක ජයතිලක 3/31, චමිඳු වික්‍රමසිංහ 2/33
  • සාන්ත අන්තෝනි විද්‍යාලය- 203/2 (26.2): චමිඳු වික්‍රමසිංහ 112, යසිරු ගමආරච්චි 37, මොහොමඩ් කමිල් 35* 

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 8ක ජයක් 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය- 147 (47.2): අශේන් ද සොයිසා 38, පසන් සුවහස් 26, මහේන් සිල්වා 4/14, කළණ සංදීප 3/48
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය- 148/5 (46): සුඛිත ප්‍රසන්න 53*, සවිඳු රොද්‍රිගෝ 27, යශාන් අවිශ්ක 20, මලින්ද පෙරේරා 2/10

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 5ක ජයක් 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

Tier B එක්දින තරග 

ලුම්බිණි විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ලුම්බිණි ක්‍රීඩකයන් ලකුණු 162කට සීමා කිරීමට සාන්ත අන්තෝනි පන්දු යවන්නන් සමත් වුනා.

ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ගිම්හාන තීක්ෂණ ලකුණු 49ක් සහ තිරංජන රසාංජන ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර අන්තෝනි ක්‍රීඩක අවිශ්ක තරිඳු ලකුණු 25ක් තුළ කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයන් කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකිරීමට සමත් වූ අතර පිතිකරණයෙන් ද දස්කම් පෙන්වූ අවිශ්ක තරිඳු නොදැවී ලකුණු 57ක් රැස්කළා.

දිනයේ කෙටි ලකුණු පුවරුව

ලුම්බිණි විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය වත්තල 

  • ලුම්බිණි විද්‍යාලය- 162 (46.1): ගිම්හාන තීක්ෂණ 49, තිරංජය රසාංජන 48, අවිශ්ක තරිඳු 4/25, අමිත සංදීප් 2/36, රොමේෂ් සුරංග 2/16
  • සාන්ත අන්තෝනි විද්‍යාලය- 163/4 (30.5) අවිශ්ක තරිඳු 57*, දිලීප් ප්‍රනාන්දු 43, ගිහාන් සත්මික 29

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 6ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<