ලොහාන්ගේ තුන් ඉරියව් දස්කම් ධර්මාශෝකයට ජය ගෙනෙයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

264

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (30) දින පැවති තරගවලින් රිච්මන්ඩ් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, ජෝශප් වාස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වුනා

Tier A එක්දින තරග 

නාලන්දා විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවති තරගයේ දී නාලන්දා ක්‍රීඩකයන් ලකුණු 181කට සීමා කිරීමට රිච්මන්ඩ් පන්දු යවන්නන් සමත් වුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රිච්මන්ඩ් විද්‍යාලයේ අම්ෂි ද සිල්වා නොදැවී වාර්තා කළ අර්ධ ශතකය (65*) නිසා තරගය කඩුලු 3කින් ජය ගැනීමට ඔවුන් සමත් වුනා. 

ඉසිවර දිසානායකගේ පිතිකරණය (72) සහ කවිඳු පතිරත්නගේ තුන් ඉරියව් දස්කම් (43 & 3/44) නිසා කඳාන De Mazenod විද්‍යාලය පරදවා ලකුණු 54ක ජයක් ලැබීමට රාජකීය විද්‍යාල ක්‍රීඩකයන් සමත් වුනා. De Mazenod විද්‍යාලය වෙනුවෙන් රුවීන් ෆොන්සේකා ලකුණු 57ක් රැස්කළා. 

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය පරදවා කඩුලු 6ක ජයක් ලැබීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩකයන් සමත් වුනා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජෝසප් ක්‍රීඩක ශෙරාන් ප්‍රනාන්දු ලකුණු 85 යි. 

දිනයේ කෙටි ලකුණු පුවරුව, 

  • නාලන්දා විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය 

නාලන්දා විද්‍යාලය – 181 (48.3): විනුජ රංපුල් 63, ලිසුර සිගේරා 23, නාලක ජයවර්ධන 3/28, කල්ප නෙත්සර 2/18, තරිඳු නිර්මාල් 2/36. 

රිච්මන්ඩ් විද්‍යාලය- 185/7 (43.4): අම්ෂි ද සිල්වා 65*, හංසමාන ද සිල්වා 42, කවිඳු නිර්මාණ 24, තරිඳු නිර්මාල් 21, ලිසුර සිගේරා 3/19. 

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 3ක ජයක් හිමිවුනා. 

  • රාජකීය විද්‍යාලය සහ කඳාන De Mazenod විද්‍යාලය 

රාජකීය විද්‍යාලය – 227/8 (50): ඉසිවර දිසානායක 72, කවිඳු පතිරත්න 43, අශේන් ගමගේ 30, සෙනේශ් ප්‍රනාන්දු 3/44, ප්‍රමෝද් රාජමුන්දිර 2/33, චනුක සිල්වා 2/42. 

De Mazenod විද්‍යාලය – 173/8 (50): රුවීන් ෆොන්සේකා 57, චනුක සිල්වා 31*, සෙනේශ් ප්‍රනාන්දු 26, කවිඳු පතිරත්න 3/19, සදීශ් රාජපක්ෂ 2/17, ගීශාන් බාලසූරිය 2/27. 

රාජකීය විද්‍යාලයට ලකුණු 54ක ජයක් හිමිවුනා. 

  • සාන්ත ආනා විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

සාන්ත ආනා විද්‍යාලය – 206/7 (50): ඩිල්හාර දේශබන්දු 58, තරිමල්ෂ සිල්වා 57, කවිඳු ඒකනායක 28, බිම්සර කල්හාර 26*, ළහිරු අමරසේකර 2/19, දුනිත් වෙල්ලාලගේ 2/31. 

සාන්ත ජෝසප් විද්‍යාලය – 207/4 (44.5): ශෙරාන් ෆොන්සේකා 85, සදීශ් ජයවර්ධන 43, ශෙවෝන් ඩැනියල් 39, දුනිත් වෙල්ලාලගේ 22*, මාන් මිසල්මිල් 2/35. 

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 6ක ජයක් හිමිවුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න


Tier B එක්දින තරග 

ලොහාන් ද සොයිසාගේ කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් (5/23 & 40*) නිසාවෙන් මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය පරදවා කඩුලු 4ක ජයක් ලැබීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් වුනා. 

මාරිස්ටෙලා ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ වෙන්නපුව ජෝසප් වාස් විද්‍යාලීය පන්දු යවන්නන්, මාරිස්ටෙලා ඉනිම ලකුණු 157කට සීමා කළා. මාරිස්ටෙලා ක්‍රීඩක චෙමිදු වීරවංශ ලකුණු 75ක් රැස්කිරීමට සමත් වූ අතර ජෝසප් වාස් ක්‍රීඩක අචින්ත දේශාන් ලකුණු 23කට කඩුලු 4 යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජෝසප් වාස් කණ්ඩායමේ චමත් ප්‍රනාන්දු (51), පසිඳු දසනායක (44) සහ තරූෂ ප්‍රනාන්දුගේ (36*) පිතිකරණය නිසාවෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ඔවුනට හැකි වුනා. 

දිනයේ කෙටි ලකුණු පුවරුව, 

  • සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 126 (41.3): සදීප හලංගොඩ 38, ලොහාන් ද සොයිසා 5/23. 

ධර්මාශෝක විද්‍යාලය – 129/6 (32.3): ලොහාන් ද සොයිසා 40*, සසින්ඳු මල්ෂාන් 20. 

ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 4ක ජයක් හිමිවුනා. 

  • මාරිස්ටෙලා විද්‍යාලය සහ ජෝසප් වාස් විද්‍යාලය 

මාරිස්ටෙලා විද්‍යාලය – 157 (47.5): චෙමිදු වීරවංශ 75, සහන් දුලාර 20, අචින්ත දේශාන් 4/23, මෙනූෂ ප්‍රනාන්දු 2/26, කුෂාන් විජයරත්න 2/36. 

ජෝසප් වාස් විද්‍යාලය – 160/2 (25.2): චමත් ප්‍රනාන්දු 51, පසිඳු දසනායක 44, තරූෂ ප්‍රනාන්දු 36*. 

ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 8ක ජයක් හිමිවුනා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<