සාන්ත තෝමස් සහ ගුරුකුල විද්‍යාල දිනයේ ජයග්‍රහණ ලබයි

270
U19 Schools Cricket

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග දෙකක් සහ දෙදින සුහද තරග කිහිපයක් ඊයේ (26) දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

එහි එක්දින තරගවල දී, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරදවා ජයග්‍රහණය වාර්තා කිරීමට කැළණිය ගුරුකුල විද්‍යාලය මාතර සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා.

පැවති එක්දින තරගවලින් මාතර සාන්ත තෝමස් පිතිකරු යොශ්මික අමරසිංහ නොදැවී ලකුණු 59*ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා වීමට සමත් වූ අතර කැළණිය ගුරුකුල ක්‍රීඩක තුෂාර මදුෂාන් ලකුණු 20කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

මරදාන ආනන්ද විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර ආරම්භ වූ දෙදින තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කර සිටියා. හංසජ ජයසිංහ ලකුණු 41යි.

තවත් ක්‍රිකට් පුවත්:

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ආරම්භ වූ තරගයේ දී සාන්ත ජෝසප් පිතිකරු දුනිත් වෙල්ලාලගේ ලකුණු 71ක් රැස්කිරීමට සමත් වුනා.

රිච්මන්ඩ් ක්‍රීඩක භානුක මනෝහර කොළඹ වෙස්ලි කණ්ඩායමට එරෙහිව ලකුණු 75ක් රැස්කරමින් දිනය අවසානයේ දී සිය කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙන ඒමට සමත් වුනා.

දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ සාන්ත බෙනඩික් විද්‍යාලයේ සනේශ් ප්‍රනාන්දු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව අගනා ශතකයක් රැස්කිරීමට සමත් වුනා (102). පන්දු යැවීමේ දී ධර්මාශෝක ක්‍රීඩක ලොහාන් ද සොයිසා ලකුණු 30කට කඩුලු 5යි.

එක්දින තරග

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – 233/6 (50): වෝෂිත අමරසිංහ 59*, පෙසන්දු සංජන් 38, හරින්ඳු ජයසේකර 37, හිරූෂ ජීවදිත් 36, හිරන්ත ලක්ෂාන් 29, අශේන් ද සොයිසා 2/32, හසීන්ද්‍ර කවිරත්න 2/44
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 202 (47.2): තේනුක නන්දමාල් 43, පසන් සුවහස් 37, නිමේෂ් සොයිසා 31, හසින්ද්‍ර කවිරත්න 25, ඩිලාන් 32, සචිර රශ්මික 2/41

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 31ක ජයක්

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – 169 (48.2): අභිෂේක් ලියනආරච්චි 58, අමිත දාබරේ 32, සසින්දු ගුණරත්න 31*, තුෂාර මදුෂාන් 5/20, විහඟ ඉරන්ජන 2/29, රශ්මික මෙවන් 2/30
  • ගුරුකුල විද්‍යාලය – 172/5 (28.3): රශ්මික මෙවන් 52, කෙමීර නයනතරු 43, ජනිත ශෙහාන් 37*, ඉමේෂ් අදීශ 2/39

කැළණිය ගුරුකුල විද්‍යාලයට කඩුලු 5ක ජයක්

දෙදින තරග

ආනන්ද විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

  • ආනන්ද විද්‍යාලය(පළමු ඉනිම) – 187/6 (52): හංසජ ජයසිංහ 41, සවිරු බණ්ඩාර 35*, නුශාල් ධර්මරත්න 23, ශක්ති උදාර 22*, වනුජ කුමාර 2/54

සාන්ත ජෝසප් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු ඉනිම) – 210 (60): දුනිත් වෙල්ලාලගේ 71, යෙසිත් රූපසිංහ 26, ශේනුක ද සිල්වා 24, සොනාල් අමරසේකර 3/21, ගිශාන් බාලසූරිය 3/78,
  • රාජකීය විද්‍යාලය – 33/0 (18.1) – අශේන් ගමගේ 23*

රිච්මන්ඩ් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • රිච්මන්ඩ් විද්‍යාලය (පළමු ඉනිම)- 175/4 (62) – භානුක මනෝහර 75, කවිඳු නිර්මාණ 57*

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය

  • සාන්ත සෙබෙස්තියන් විද්‍යාලය (පළමු ඉනිම)- 241 (67.1) : සනේශ් ප්‍රනාන්දු 102, බිහඟ මෙන්ඩිස් 52, කුෂාන් හේරත් 21, ලොහාන් ද සොයිසා 5/40, සහන් සංකල්ප 3/35
  • ධර්මාශෝක විද්‍යාලය (පළමු ඉනිම)- – 30/1 (18)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<