රිච්මන්ඩ්, ආනන්ද සහ සාන්ත පීතර විදුහල්වලට ජයග්‍රහණ

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

187

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (24) පැවති තරගවලින් රිච්මන්ඩ් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා.

Tier A  එක්දින තරග 

රිච්මන්ඩ් විද්‍යාල නායක සහ ශ්‍රී ලංකා 19න් පහළ වේගපන්දු යවන ක්‍රීඩක අම්ෂි ද සිල්වා ඇතුළු රිච්මන්ඩ් විද්‍යාල පන්දු යවන්නන් සාන්ත අන්තෝනි කණ්ඩායම ලකුණු 111කට සීමා කළා.

රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් භානුක මනෝහර නොදැවී ලකුණු 46*ක් ලබා ගත් අතර අවසානයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් පැරබෝලා ක්‍රමයට තරග ප්‍රතිඵලය ලබා දීමට විනිසුරුවරුන් කටයුතු කළා. ඒ අනුව රිච්මන්ඩ් විද්‍යාලය මේ තරගය ජය ගත්තා.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය 

සාන්ත අන්තෝනි විද්‍යාලය – 111/10 (38.1): යසිරු ගමාරච්චි 36, අංජල බණ්ඩාර 28*, අම්ෂි ද සිල්වා 3/32.

රිච්මන්ඩ් විද්‍යාලය – 93/2 (23.1): බනුක මනෝහර 46*

රිච්මන්ඩ් විද්‍යාලයට ජය (පැරබෝලා ක්‍රමයට අනුව) 

තවත් ක්‍රිකට් පුවත්:

Tier B එක්දින තරග 

ආනන්ද විද්‍යාලයේ මහෝෂද ප්‍රනාන්දු Tier B කොටසේ තරගවල දී වැඩීම අවධානය දිනා ගත් පිතිකරුවා වුනා. ඒ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 59*ක් ලබා ගනිමිනි. එම වටිනා අර්ධ ශතකය නිසාවෙන් ආනන්ද විද්‍යාලයට මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම කඩුලු දෙකකින් පරාජය කිරීමට අවස්ථාව ලැබුණු අතර ආනන්ද විද්‍යාලය මෙවර එක්දින තරගාවලිය තුල ලබා ගත් දෙවැනි ජයග්‍රහණය මෙය වුනා.

පළමුව පන්දුවට පහර දුන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් නායක ආමන්ත පෙරේරා වටිනා අර්ධ ශතකයක් ලබා ගත් නමුත් අනෙක් කිසිදු පිතිකරුවෙක් හට වැඩි ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ආන්නද විද්‍යාලය වෙනුවෙන් ටෙහාන් පෙරේරා කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

සාන්ත පීතර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති තරගයේ දී මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් සිය තුන් ඉරියව් දස්කම් පෙන්නුම් කිරීමට විශ්ව දිදුලන සමත් වුනා. ඒ පිතිකරණයේ දී ලකුණු 26ක් සහ පන්දු යැවීමේ දී කඩුලු 3ක් දවා ගනිමින්.

කෙසේ නමුත් මේ තරගයට අයහපත් ආලෝකයේ බලපෑම් එල්ල වූ නිසා පැරබෝලා ක්‍රමයට අනුව තරගය ජය ගත්තේ සාන්ත පීතර විද්‍යාලයයි. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ආරම්භක වමත් පිතිකරු ශෙනාල් බොතේජු ලකුණු 47ක් ලබා ගත්තා.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 148/9 (50): ආමන්ත පෙරේරා 53*, ටෙහාන් පෙරේරා 3/31.

ආනන්ද විද්‍යාලය – 152/8 (46.3): මහෝෂද ප්‍රනාන්දු 59*, කනිෂ්ක රන්තිලකගේ 22, ප්‍රියශාන් සිල්වා 3/20

ආනන්ද විද්‍යාලයට කඩුලු 2ක ජයක්


සාන්ත පීතර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය 

සාන්ත පීතර විද්‍යාලය – 149/10 (43.4): ශෙනාල් බොතේජු 47, නිපුනක ෆොන්සේකා 18, විශ්ව දිදුලන 3/20.

මොරටු මහා විද්‍යාලය – 112/8 (43): සන්තුක අමෝද් 28, විශ්ව දිදුලන 26, ජෙසුරන් බෙන්ජමින් 2/14, වනුජ සහන් 2/26, නිමාන් උමේෂ් 2/27.

සාන්ත පීතර විද්‍යාලයට ජය (පැරබෝලා ක්‍රමයට අනුව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<