Dr. R.L Hayman කුසලානයේ පළමු අදියරට සියල්ල සූදානම්

Dr. R.L Hayman කුසලානය 2023

491
Dr. R.L Hayman කුසලානය 2023

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන Dr. R. L. Hayman කුසලාන Water Polo තරගයේ 30 වැනි අදියරේ පළමු කොටස හෙට (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු උප පාලකයෙක් වන Dr. R. L. Hayman අනුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය 1972 වසරේ දී ආරම්භ කර තිබෙන අතර එම විද්‍යාලය වෙනුවෙන් ජල තටාකයක් සාදා දුන්නේ ඔහු විසින් වීම විශේෂත්වයක්.

මෙම සුවිශේෂී තරගාවලියේ වත්මන් ශූරතාවය හොඹවන්න් සාන්ත තෝමස් කණ්ඩායම විසින් වන අතර ඔවුන් සිය කිරුළ රැක ගැනීම සඳහා මෙවර තරග බිමට පිවිසෙද්දී, රාජකීය ක්‍රීඩකයින් සිය ගෞරවය නැවත ලබා ගැනීම සඳහා තරග වැදීමට සූදානමින් සිටිනවා.

තරගාවලියේ පෙර අදියර 29න් 17ක ජය සාන්ත තෝමස් කණ්ඩායම සතු වෙද්දී, රාජකීය ක්‍රීඩකයින් අවස්ථා 9ක දී තරගාවලිය ජයග්‍රහණය කර තිබෙන අතර අවස්ථා තුනක දී තරගය සමව අවසන් වී තිබෙනවා.

අදියර දෙකකින් සමන්විත මෙම තරගාවලියේ අදියර දෙක අවසානයේ වැඩිම ගෝල ලබා ගන්නා කණ්ඩායම ශූරයින් ලෙස අභිෂේක ලබන අතර මෙවර තරගාවලියේ පළමු අදියර හෙට (30) සහ දෙවැනි අදියර ඔක්තෝබර් 07  පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා එක් වන රාජකීය කණ්ඩායම රන්ද රණතුංග විසින් මෙහෙයවන අතර රාජකීය ආදි ශිෂ්‍යයන් වන චන්දුල ප්‍රනාන්දු සහ යසෝද වාසලගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා.

වත්මන් ශූර සාන්ත තෝමස් කණ්ඩායමේ නායකයා ලෙස යුමාල් බොල්ලෑගල්ල කටයුතු කරන අතර පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සචිත ජයතිලක සහ අර්ජුන් ද සිල්වායි.

වයස අවුරුදු 15න් පහළ තරගය හෙට සවස 5ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය ආරම්භ වී වසර 30 සැමරීම සඳහා මෙවර පළමු වතාවට අවුරුදු 13න් පහළ තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

රාජකීය විද්‍යාල සංචිතය,

රන්ද රණතුංග (නායක- Center), නදිල් බස්නායක (Center), ඉමාද් ඉස්මත්  (Goalkeeper), යූසුෆ් ශිහාර් (Bar), බිහද කටුගම්පොළ (Bar), Talal Bary (Center), ඉන්දීව් ද සිල්වා (Prop), විනුද සෝමකීර්ති (Goalkeeper), අනුක් මහලේකම් (Wing), දිමිත්‍රි ලියනගේ  (Bar), අනුග හඳුන්පතිරණ (Winger), මිහින් වණිගසේකර (Wing), යසඳු ද සිල්වා (Prop), සාහිල් ද සිල්වා (Wing).

සාන්ත තෝමස් විද්‍යාල සංචිතය,

යුමාල් බොල්ලෑගල්ල (නායක – Bar), Aidan Tissera (Prop), සීවලී ගුරුසිංහ (Goalkeeper), Shreshta Anthonisz (Center), මිගාර ගුරුසිංහ (Bar), නිතිස් පෙරේරා (Wing), Nehemiah Krishnaswamy (Wing), සංතුෂ් කලංසූරිය (Wing), Shehran Nawaz (Wing), අනුක් විජේතුංග (Wing), දේශාන් ද මෙල් (Goalkeeper), Talib Mansoor (Bar), අකාශ් ද සයිමන්  (Bar), Mckyle Karunaratne (Prop), හරිත සුගතදාස (Wing), Athesha Sentitcumaran (Wing), Abiru Galagoda (Center).

මෙම තරගයේ උණුසුම සජීවීව ඔබට සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<