ගම්පහ මවිත කළ ධර්මපාල විදුහලට වාර්තාගත ජයක්

1060
U17 School Cricket

වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (2) පැවති අතර එම තරගවලින් තර්ස්ටන්, ධර්මපාල, ධර්මරාජ, ආනන්ද ශාස්ත්‍රාලය, මාතර සාන්ත තෝමස් හා නාලන්ද විදුහල් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඒ අතරින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජය කාගේත් කතාබහට ලක්විය.

ධර්මරාජයට හා ඩී. එස්. සේනානායකයට දැවැන්ත ජයක්

වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග..

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

ඊයේ දිනයේ වැඩි අවධානයක් දිනා ගත් මේ තරගය ලකුණු 256කින් ජයග්‍රහණය කිරීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත් වූයේ මෙවර තරග වාරය තුල කණ්ඩායමක් වාර්තා කර ගත් ඉහළම ජයග්‍රහණය වාර්තා කරමිනි.

කාසියේ වාසිය දිනාගත් සත්කාරක බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ධර්මපාල විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 301 ලබා ගැනීමට සමත් විය. එහි දී විහඟ ඉඳුශාන් හා තිසර සිසාරා අර්ධ ශතක ලබාගෙන ධර්මපාල විද්‍යාලයට සවියක් වෙද්දී, දකුණතින් පිට දඟපන්දු යවන සමිත් සංජය කඩුලු 3ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කරන්නට යෙදුණු බණ්ඩාරනායක පිතිකරුවන් ධර්මපාල විද්‍යාලයේ දක්ෂ පන්දු යවන්නන් හමුවේ අසරණ වීමේ ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරනායක විදුහල් ඉනිම ලකුණු 45කට සීමා විය. පන්දු යැවීමේ දී පසිඳු දිමුත් ලකුණු 18කට කඩුලු 4යි.

ධර්මපාල විද්‍යාලය (A) – 301/8 (50): විහඟ ඉඳුශාන් 59, තිසර සිසාරා 56, සංසල ලංකා 41, නවින් මදුසංක 28, රශ්මික ජයකොඩි 26, කවිඳු නිශාන් 21, සමිත් සංජය 3/27.

බණ්ඩාරනායක විද්‍යාලය (A) – 45 (10.3): පසිඳු දිමුදිත 4/18, සංචන ලංකා 2/01, යසිරු කාවින්ද 2/08.

තරග ප්‍රතිඵලය – ධර්මපාල විද්‍යාලයට ලකුණු 256ක ජයක්


මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

H කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් කිංග්ස්වුඩ් විද්‍යාල A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

නිවිර හෙට්ටිආරච්චි ලකුණු 21ක් ලබාගෙන කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ අනෙක් පිතිකරුවන් සාර්ථක නොවීම නිසාවෙනි. පන්දු යැවීමේ දී තුෂාන් හේරත්, අංජන දික්කුඹුර හා උපේන්ද්‍ර වර්ණකුලසූරිය අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

කිංග්ස්වුඩ් විද්‍යාලය ලබාගත් ලකුණු 100ට පිතිකරණයෙන් පිළිතුරු දුන් ධර්මරාජ විද්‍යාල A කණ්ඩායම කිසිවෙක් නොදැවී එම ඉලක්කය වෙත ළඟා වූයේ දකුණතින් පිත්ත හසුරුවන ජනිත් ගුණතුංග (50*) හා ජනිඳු යාපා (39*) අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සුපිරි ශතක සබඳතාවය නිසාවෙනි.

කිංග්ස්වුඩ් විද්‍යාලය (A) – 100 (42.3): නිවිර හෙට්ටිආරච්චි 21, තුෂාන් හේරත් 2/08, අංජන දික්කුඹුර 2/11, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/15.

ධර්මරාජ විද්‍යාලය (A) – 101/0 (22): ජනිත් ගුණතුංග 50*, ජනිඳු යාපා 39*.

තරග ප්‍රතිඵලය – ධර්මරාජ විද්‍යාලයට කඩුලු 10ක ජයක්

චන්දිමාල් දඩකද්දී, ලක්මාල්ගේ ලක් එකට කුසල්ලා වැඩ පෙන්වූ කොදෙව් සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැරිබියන් දූපත්වල සංචාරයක් ලැබෙන්නේ 2008 වසර පසුවයි..

පානදුර මහානාම විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලය

පැහැබර කාලගුණ තත්වයක් යටතේ පැවති මේ තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස පානදුර මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් සංචාරක ආනන්ද ශාස්ත්‍රාලය පළමුව පන්දුවට පහර දීමට මහානාම විද්‍යාලයට ආරාධනා කළේය. දිල්හාර සිල්වාගේ අර්ධ ශතක පිතිකරණයෙන් සවිබල ගැන්වුණු පානදුර මහානාම ඉනිම ලකුණු 130කට සීමා කිරීමට ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩකයෝ සමත් වූහ. පන්දු යැවීමේ දී දනංජ එදිරිසිංහ ලකුණු 22කට කඩුලු 4යි.

ඉමේෂ් ඩැනියල් හා එක්වූ දකුණතින් පිත්ත හසුරුවන එශාන් ජයකොඩි යන දෙදෙනා ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 42*ක් හා ලකුණු 20ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ලදි. අවසානයේ පන්දුවාර 38ක් තුල කඩුලු 4ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත් ආනන්ද ශාස්ත්‍රාලය කඩුලු 6ක ජයක් ලැබීය.

මහානාම විද්‍යාලය 130 (41): දිල්හාර සිල්වා 60, දනංජ එදිරිසිංහ 4/22, බිම්සර මදුසංක 2/09.

ආනන්ද ශාස්ත්‍රාලය – 135/4 (38): ඉමේෂ් ඩැනියල් 42*, එශාන් ජයකොඩි 20.

තරග ප්‍රතිඵලය – ආනන්ද ශාස්ත්‍රාලයට කඩුලු 6ක ජයක්


කොළඹ නාලන්ද විද්‍යාලය හා මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය

නාලන්ද විද්‍යාලයට ලකුණු 157ක දැවැන්ත ජයක් ලැබුණු මේ තරගය නාලන්ද ක්‍රිකට් පිටියේ දී නිමාව දිටීය. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නාලන්ද විද්‍යාල වෙනුවෙන් රවීන් ද සිල්වා මනරම් පිතිකරණයක නිරත වූයේ ලකුණු 88ක් ලබා ගනිමිනි. රෂාන් දිසානායක ලකුණු 37යි. පන්දු යැවීමේ දී නවෝද්‍ය නිමාෂ ලකුණු 44කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

නාලන්ද විද්‍යාලය ලබාගත් ලකුණු 252ට පිළිතුරු සැපයූ සාන්ත සේවියර් විද්‍යාලය පන්දුවාර 34යි පන්දු 4ක් තුල සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 95ක් පමණි. එහි දී දක්ෂ ලෙස පන්දු යැවූ නවෝද්‍ය නිමාෂ ඇතුළු නාලන්ද පන්දු යවන්නන් සිය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යන ලදි.

නාලන්ද විද්‍යාලය (A) – 252 (43.3): රවීන් ද සිල්වා 88, රෂාන් දිසානායක 37, අනුජ දිත්සර 25, තමිඳු කමලසූරිය 22*, නවෝද්‍ය නිමාෂ 4/44, රොෂේන් සවින්ද 2/30, ෂෙහාන් දිනූශ 2/74.

සාන්ත සේවියර් විද්‍යාලය (A) – 95 (34.4): කාවින්ද ප්‍රනාන්දු 26, හිරුත් සදිස්ම 20, චමෝද්‍ය රාජපක්ෂ 4/36, ජයෝද් කල්දේරා 3/05, ජිතේෂ් වාසල 2/17.

තරග ප්‍රතිඵලය – නාලන්ද විද්‍යාලයට ලකුණු 157ක ජයක්

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ නායකත්වයත් ලක්මාල්ට?

එළඹෙන 12 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු…

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

K කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී තරග වැදුණේ දකුණු ලක ප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය යි. තරගය සූරියවැව දී පැවැත්විය.

කාසියේ වාසිය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර රිච්මන්ඩ් විද්‍යාලය සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට එරෙහිව සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 187ක් පමණි. දකුණතින් පිත්ත හසුරුවන අම්ෂි ද සිල්වා හා හා චමත් දිල්සර අර්ධ ශතක ලබාගෙන අනගි පිතිකරණයක නිරත වුවත්, අනෙකුත් පිතිකරුවන් සිය වගකීම නිසියාකාරව ඉටු කරනු දැක ගන්නට නොලැබීම රිච්මන්ඩ් විද්‍යාලයේ අවාසියට බලපෑ ප්‍රධානතම සාධකය බවට පත්විය. සාන්ත තෝමස් විද්‍යාලයේ හිරුෂ ජීවජිත් කඩුලු 4යි.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 23යි පන්දු 2ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 133ක් ලබාගෙන ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට එමින් සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැරබෝලා ක්‍රමයට අනුව සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 15ක තියුණු ජයක් හිමි විය.

රිච්මන්ඩ් විද්‍යාලය (A) – 187 (50): අම්ෂි ද සිල්වා 62, චමත් දිල්සර 55, හිරුෂ ජීවජිත් 4/43, සචිර තීක්ෂණ 2/27.

සාන්ත තෝමස් විද්‍යාලය (A) – 133/3 (23.2): ඔෂිත අත්සර 39, හිරන්ත ලක්ෂාන් 36*.

තරග ප්‍රතිඵලය – පැරබෝලා ක්‍රමයට අනුව සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 15ක ජයක්


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

දළුපොත බන්ධනාගාර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ මේ තරගයේ වැඩි වාසිය හිමිකර ගත්තේ තර්ස්ටන් විද්‍යාලය වන අතර ඔවුන් මේ තරගය කඩුලු 9කින් තරගය ජයග්‍රහණය කරන ලදි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පන්දුවාර 24යි පන්දු 3ක් තුල සියල්ලන්ම දැවී ගියේ ලකුණු 65ක් වැනි අවම ලකුණු ප්‍රමාණයකටයි. එහි දී බවන්ත ජයසිංහ කඩුලු 4ක් දවා ගන්නා ලදි.

දකුණතින් පිත්ත හසුරුවන තර්ස්ටන් විද්‍යාල වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නායක ජයවිහාන් මහවිතාන නොදැවී ලකුණු 40*ක් ලබාගෙන සිය විද්‍යාලය ජයග්‍රහණය කරා මෙහෙය වූයේ  පන්දුවාර 15ක් තුලයි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (A) 65 (24.3): කනිෂ්ක ගමගේ 30, බවන්ත ජයසිංහ 4/37, චනුත් නන්දිලු 2/07, චතුර සෙනෙවිරත්න 2/08.

තර්ස්ටන් විද්‍යාලය (A) – 68/1 (14.4): ජයවිහාන් මහවිතාන 40*.

තරග ප්‍රතිඵලය – තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 9ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<