උණුසුම් සටනකට පසුව ජෝන් කීල්ස් අවසන් පූර්ව වටයට

29 වන සිංගර් - වෙළඳසේවා සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

286
29th Singer-MCA Super Premier League 2022

29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය අද (19) ජෝන් කීල්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් අතර කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් සමත් වුනා.

HNB සහ හේලීස් කණ්ඩායම් අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අනෙක් තරගයට අයපහත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුනු නිසා තරගය හෙට (20) දිනය දක්වා කල් දැමීමට තරග සංවිධාකයින් කටයුතු කළා.

කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර උදෑසන පැවති අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 25කට සීමා වුනා.

Photo Album – John Keells ‘A’ vs Sampath Bank ‘A’ | 29th Singer-MCA Super Premier League – Quarter Finals

දසුන් ශානකගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ සම්පත් බැංකුව නියමිත පන්දුවාර 25 අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 114ක් ලබා ගත්තා. වමතින් දඟපන්දු යවන දුවිඳු තිලකරත්න නියමිත පන්දුවාර 5 තුල ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවාගෙන ජෝන් කීල්ස් වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

සම්පත් බැංකු ලකුණු සටහන වෙනුවෙන් මේ තරගයේ දී වැඩිම ලකුණු ලබා ගත් සහන් ආරච්චිගේ පන්දු 35ක් තුල එක් 4 පහරක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 42ක් ලබා ගත්තා.

ලකුණු 112ක ඉලක්කයක් හඹා ගිය ජෝන් කීල්ස් පළමු කඩුලු 6 ලකුණු 63ක් තුල දවා ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩකයින් සමත් වුනු අතර ඒ වන විට පන්දුවාර 15ක් අවසන් වී තිබුණා.

වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු ජෝන් කීල්ස් වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා බවට පත්වුනා. කෙසේ නමුත් අකිල දනංජය සහ නායක ඉශාන් ජයරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47ක් තුල ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය පිළිබඳ බලාපොරොත්තු ඉහළට දැමීමට සමත් වුනු අතර ජයරත්න විසින් 25 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී එල්ල කළ 6 පහරත් සමඟම ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු වුනා.

තරගාවලියේ මූලික වටයේ පැවති තරගයේ දී ද ජෝන් කීල්ස් හමුවේ සම්පත් බැංකු කණ්ඩායම පරාජයට පත් වුනා. කෙසේ නමුත් මේ අර්ධ අවසන් පූර්ව තරගය අවසන් පන්දුවාරය දක්වා උණුසුම් ලෙස ක්‍රියාත්මක වුනු අතර මේ තරගය ජය ගත් ජෝන් කීල්ස් අවසන් පූර්ව තරගයේ දී Mode ඉංජිනියර්න් මුණගැසීමට නියමිතයි.

මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයන් දෙක දිනා ගත් CDB ෆිනෑන්ස් සහ Mode ඉංජිනියර්න් කණ්ඩායම් සෘජුවම අවසන් පූර්ව තරග වටය දක්වා සුදුසුකම් ලබා ගත්තා.

සම්පත් බැංකුව – 114 (25/25): සහන් ආරච්චිගේ 42, හසන්ත ප්‍රනාන්දු 18, සමීන් කන්දනාරච්චි 14, දුවිඳු තිලකරත්න 5/15, සචිත ජයතිලක 2/29

ජෝන් කීල්ස්  – 118/7 (24.3/25): ඉශාන් ජයරත්න 36*, කවීන් බණ්ඩාර 14, සචිත ජයතිලක 14, ශිරාන් ප්‍රනාන්දු 3/12, සහන් ආරච්චිගේ 2/20.

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<