29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (17) කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
එම තරගයෙන් සම්පත් බැංකු කණ්ඩායම ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 50කින් පරාජය කිරීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් වුනා.
රටේ පැවති අයහපත් තත්වය සහ ඇඳිරි නීති තත්වයන් නිසාවෙන් කල් දැමුණු තරග 3ක් අද ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු නමුත් කෝල්ට්ස් පිටියේ දී පැවති සම්පත් බැංකු – ජෝන් කීල්ස් තරගය හැරෙන්නට අනෙක් තරග දෙකේ කණ්ඩායම් (Mode Engineering සහ HNB, Hayleys සහ CDB ෆිනෑන්ස්) සඳහා ලකුණු සමව ලබා දෙමින් අවසන් කිරීමට තරග සංවිධායකයින් කටයුතු කළා. ඒ එම තරගවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනු නිසයි.
අද උදෑසන පැවති අයහපත් කාලගුණ තත්වය නිසා කෝල්ට්ස් පිටියේ පැවති සම්පත් බැංකු – ජෝන් කීල්ස් තරගය ආරම්භ වූයේ දහවල් 12ට පමණ වන අතර ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 36කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.
කාසියේ වාසිය දිනා ගත් සම්පත් බැංකු නායක දසුන් ශානක පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා. ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් නියමිත පන්දුවාර 36 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා ගත් අතර සචිත ජයතිලක අර්ධ ශතකයක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා.
ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් වුනු කවීන් බණ්ඩාර සහ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන යන දෙදෙනාම ලකුණු 27 බැගින් ලබාගෙන ඔවුන්ගේ මුල්පෙළ තරමක් ස්ථාවර කර දුන්නා.
කෙසේ නමුත් රනිත ලියනාරච්චි ඇතුළු සම්පත් බැංකු පන්දු යවන්නන් ජෝන් කීල්ස් පළමු කඩුලු 5 ලකුණු 111කට දවාගෙන තිබූ මොහොතේ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ ජයතිලක පන්දු 56ක් තුල 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 53ක් ලබාගෙන ඔවුන්ගේ පසුපෙළ වෙනුවෙන් යම් අඩිතාලමක් සකස් කළා.
පන්දු යැවීමේ දී වේගපන්දු යවන රනිත, හිමේෂ් රාමනායක සහ වමතින් දඟපන්දු යවන ආකාශ් සෙනවිරත්න කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාවේ අභියෝගයට Hampshire පිතිකරුවන්ගෙනුත් සාර්ථක පිළිතුරක්
- පළමු කඩුලු 3 බිඳ වැටුණු පසු බංග්ලාදේශය නැවතත් හිස ඔසවයි
- ටෙස්ට් ඉනිම් 12කට පසු මැතිව්ස්ගෙන් ශතකයක්
- ශ්‍රී ලංකා නැගී එන තරගයට වර්ෂාවෙන් බාධා
- බංග්ලාදේශ පුහුණු තරගය පන්දු 110කට සීමා වෙයි
ලකුණු 212ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි සම්පත් බැංකු ඉනිම අතරතුර අවස්ථා දෙකක දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. ඒ නිසාවෙන් සම්පත් බැංකු කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 33ක් තුල ලකුණු 199ක ඉලක්කයක් හඹා යා යුතුව තිබුණු අතර දෙවැනි වර වර්ෂාවෙන් බාධා එල්ල වන විට සම්පත් බැංකුව පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 61ක් ලබාගෙන සිටියා.
කෙසේ වෙතත් සමීන් කන්දනාරච්චි සහ මිනෝද් භානුක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49ක් තුල ගොඩනැංවූ ලකුණු 39 සබඳතාවය හැරෙන්නට ඔවුන්ගේ අනෙක් පිතිකරුවන් අතර ලකුණු 20 අභිබවා එකඳු හෝ සබඳතාවයක් ගොඩනැංවුනේ නැහැ.
තවද මිනෝද් සහ සහන් ආරච්චිගේ හැරෙන්නට අනෙක් එකඳු පිතිකරුවෙක් හට හෝ ලකුණු 20 සීමාව අභිබවා යාමට දකුණතින් පිට දඟපන්දු යවන අශාන් ප්‍රියන්ජන් ඇතුළු ජෝන් කීල්ස් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදුන් අතර ප්‍රියන්ජන් කඩුලු 3ක් දවා ගන්නා විට ජයතිලක සහ මොහොමඩ් ශිරාස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
ජෝන් කීල්ස් – 211/8 (36): සචිත ජයතිලක 53, නවෝද් පරණවිතාන 27, කවීන් බණ්ඩාර 27, ඉශාන් ජයරත්න 22, රනිත ලියනාරච්චි 2/18, හිමේෂ් රාමනායක 2/35, ආකාශ් සේනාරත්න 2/36.
සම්පත් බැංකු – 125/8 (27): මිනෝද් භානුක 26, සහන් ආරච්චිගේ 20, ශිරාන් ප්‍රනාන්දු 19*, අශාන් ප්‍රියන්ජන් 3/35, සචිත ජයතිලක 2/14, මොහොමඩ් ශිරාස් 2/14.
ජෝන් කීල්ස් කණ්ඩායමට ලකුණු 50ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)
මූලික වටය අවසානයේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන මෙසේයි
Team |
Matches |
Won |
Lost |
NR |
Bonus Points |
Points |
Net RR |
|
1 |
CDB Finance |
5 |
4 |
0 |
1 |
3 |
21 |
1.913 |
2 |
Mode Engineering |
5 |
3 |
1 |
1 |
1 |
13.5 |
-0.185 |
3 |
John Keells Holdings |
5 |
3 |
2 |
0 |
1 |
13 |
0.407 |
4 |
Hayleys |
5 |
1 |
3 |
1 |
1 |
7 |
0.344 |
5 |
HNB |
5 |
1 |
3 |
1 |
0 |
6 |
-0.938 |
6 |
Sampath Bank |
5 |
1 |
4 |
0 |
0 |
4 |
-1.581 |
ඒ අනුව මෙහි පළමු ස්ථාන දෙක දිනා ගත් CDB ෆිනෑන්ස් සහ Mode ඉංජිනියරින් යන කණ්ඩායම් සෘජුවම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම අවසන් පූර්ව වටයේ තරග මැයි 21 වැනිදා ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.
අර්ධ අවසන් පූර්ව තරග වටයේ තරග කාලසටහන මෙසේයි.
මැයි 19 – CCC ක්‍රීඩාංගණයේ දී – ජෝන් කීල්ස් සහ සම්පත් බැංකු (මේ තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී Mode ඉංජිනියරින් කණ්ඩායම මුණගැසෙනු ඇත.)
මැයි 19 – තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී – හේලීස් සහ HNB (මේ තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී CDB ෆිනෑන්ස් කණ්ඩායම මුණගැසෙනු ඇත.)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<